රැකියා ස්ථානයේ අභියෝගයන්ට මුහුණ දෙන්නේ කොහොමද?

ඈත අතීතයේදී කාන්තාවකගේ භූමිකාව ගෘහණියක් මවක් ලෙස නිවසට පමණක් සීමා වූවක් වුණත් වර්තමානයේ ඒ තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙනවා.ඉතින් නිවසේ අභියෝගයන්ට අමතරව රැකියා ස්ථානයේ අභියෝගයන් ද ජයගැනීමට කාන්තාවට සිදු වෙනවා.

රැකියාවක් පමණක් නෙවෙයි ජීවිතයේ බොහෝ අවස්ථා අපට අභියෝග රැගෙන එනවා.රැකියාව ඉන් එකක් පමණයි.ඉතින් රැකියාවේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන මේ කාරණාව පිළිබඳවයි මේ අවධානය.

රැකියා ස්ථානයකදී අපට එන විවිධ වර්ගයේ ගැටලු ප්‍රධාන කොටස් තුනකට බෙදා ගැනීමට අපි උත්සාහ කරමු.

1.පෞද්ගලික මානසික අපහසුතා නිසා ඇතිවෙන ගැටලු

Female business woman

ඔබ දැකල ඇති සමහර කාන්තාවන් සිටිනවා ඕනෑම දෙයක ගැටළු දකින,මුහුණේ කිසිම හිනාවක් නැතුව ජීවත් වෙනවා වගේම අනිත් අය සමග සහයෝගයෙන් සිටීමට නොහැකි.ඉතින් මේ ගැටළු බහුතරයක් සඳහා විසඳුම තියෙන්නේ තමන් සතුවමයි.මේ බොහොමයක් කාන්තාවන් ඉතාමත් අවම පෞරුෂයකින් යුතු වගේම සමාජ ආශ්‍රය අවම අය.ඒ වගේම කිසියම් මානසික රෝගී තත්වයන්ද සහිත වීමත් බොහෝ අපහසුතාවයන්ට මූලික හේතුවක් වනවා.
ඉතින් තව දෙයක් කියන්න ඕනා.අප බොහෝ විට අනුන්ගේ අඩුපාඩු වලට ෆෝකස් වුනත් අපෙන් අනික් අයට වෙන වැරදි ,අඩුපාඩු පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ .ඒ නිසා මේ ලිපිය කියවන ඔබටත් අවස්ථාවක් තියෙනවා ඔබ ගැන ස්වයංවිවේචනයක් සිදුකරමින් ඒ අඩුපාඩු සකසා ගන්නටත්.

2.පුද්ගල දුර්වලතා නිසා ඇතිවෙන ගැටලු

නිසි පුහුණුවක් හෝ සුදුසුකම් සපුරා නැතිකම,අදාල කාර්යන්ට අවශ්‍ය ධාරිතාව නොමැතිකම ,නිර්මාණශීලි නොවීම,මුදලට පමණක් රැකියාව කිරීම මිස ඉන් සතුටු නොවීම ,ඕපාදූප සොයමින් කාලය කෑම,අනෙක් අයව අපහසුතාවයට පත් කිරීම,වැනි කරුණු කාරණා රැසක් මේ සඳහා බලපානවා.
මේ දුර්වලකම් තමන්ට වගේම තමන්ගේ සහෝදර නිලධාරීන් සතුව තිබේ නම් එයින්ද ඔබ අපහසුතාවයට පත් වෙනවා.

3.ආයතන දුර්වලතා නිසා ඇතිවෙන ගැටලු

දුර්වල කළමනාකරණය මින් ප්‍රධානම අංගයක් ලෙස හඳුන්වන්නට පුළුවන් .
දුර්වල කළමනාකරණය කියන්නේ කෙතරම් අභියෝගයක් ද කියලා රැකියාව ක නිරත වන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.නමුත් ඔබ තවමත් රැකියාවට ආධුනිකයෙක් නම් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හරිම වැදගත් .
දුර්වල කළමනාකරණයක් සහිත ආයතන වල ඉහළ නිලධාරීන්ගේ වැරදි වලට වගකියන්නට වන්නේ ඔබටයි .ඒ නිසා එවැනි ස්ථානවල දී ඉතාමත්ම පරිස්සමින් කටයුතු කිරීම හරිම වැදගත් වගේම දිගින් දිගටම ඔබ අපහසුතාවයට පත් වනවා නම් ඉවත් වීමට වඩා සුදුසු වෙනස් ක්‍රියා මාර්ගයක් නැහැ.ඒ වගේම අඩු වැටුප ,තමන්ට අදාල නොවන තනතුරුවල ද රාජකාරි කිරීමට සිදු වීම ආදී බොහොමයක් දේවල් ද මීට එකතු වෙනවා.

මේ සියලුම දේවල් වලට අමතරව ඔබේ පෞද්ගලික ජීවිතයේ විවිධ ගැටලු නිසාත් රැකියාව නීරස වෙන්න පුලුවන්.

ඉහත අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේද?

1.ඉහත කතාකල පරිදි ඔබට තිබෙන අභියෝග හඳුනාගැනීම විශේෂයෙන් කළ යුතු වෙනවා.ඒ ගැන අවබෝධයකින් තොරව කිසිවක් කරන්නට බැහැ.
2.ඒ සඳහා ප්‍රතිකර්ම සෙවීම.ගැටලුව තිබෙන්නේ කොතැන දැයි හඳුනාගැනීම මෙහිදී සිදු කළ යුතු වෙනවා.ඒ ඔස්සේ විසඳුම් සෙවීම ඉතාමත් පහසුවෙන් කළ හැකියි.
3.ඔබේ ශක්තින්,ධාරිතාව වර්ධනය කර ගැනීම.
4.අදාල ගැටළු පිළිබඳ වගකිව යුතු පාර්ශ්ව සමඟ කෙලින් සාකච්ඡා කිරීම.
5.ඒ සඳහා වෘත්තීයවේදී උපදෙස් ලබා ගැනීම.
6.රැකියා ස්ථානයේ මුහුණදෙන අභියෝග හෝ අපහසුතා නිසා කිසිම විටක හෝ ඔබ මානසික අපහසුවට ලක් නොවිය යුතු නිසා ඒ පිළිබඳව මනා අවධානයෙන් සිටීම.
7.වෘත්තීය සුදුසුකම් මනා ලෙස සපුරා ගැනීම ඔස්සේ රැකියා වෙළඳපොළෙහි ඔබේ ස්ථානය වෙන්කරවා ගැනීමට යූහුසුළු වීම.

Related Articles

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...