නැන්දම්මගේ දොළ දුක

විශාඛාත් ඇගේ නෑනා සුධාරී ත් හා හා පුරා කියලා ගැබ් ගත්තෙ එකම කාලෙ…සති දෙකක වෙනසක් විතරයි තිබුණෙ. තුන් මාසෙ ගියාට පස්සෙ විශාඛා ගැබ් ගෙන ඇති බව දැනගත්ත සහස් ගෙ අම්මා හේමමාලිගේ හිත ප්‍රීතියෙන් පිනා ගියත් තුන් මාසයක් මේ ආර්ංචිය වසන් කරපු එකට නම් ඇනුම් පදයක් දෙකක් කිව්වා.

” අපි නං ඒ කාලෙ වෙනස දැනිච්ච හැටියෙ දැනුවත් කළේ අම්මට කලින් නැන්දම්මව… දැන් ඉතින් ඔක්කෝම අලුත් තාලෙටනේ…” හේමමාලි ඇඟට පතට නොදැනී කියලා දැම්මා.

” අනේ අම්මෙ..එහෙම
දේකට නෙමේ… අපි අවුරුදු ගාණක් දරුවො නැතුව ඉඳලා ඉස් ඉස්සෙල්ලම අපි ළඟ ආව පැටියනෙ..සහසුයි
මමයි හරිම බයෙන් තමා හිටියෙ.. ඒ නිසයි තුන් මාසයක් යනකල් කාටවත් නොකියන්න පරිස්සම් වුණේ”

විශාඛා අවංකවම නැන්දම්මට හේතුව පැහැදිලි කරලා දුන්නා.ඒත් යුවලකගේ පෞද්ගලික තීරණ පොදු පවුල් තීරණ විදියට ගන්න ඕනෙ කියලා දකින හේමමාලිලාගෙ පරම්පරාව හදන්න කීයටවත් බැහැ කියන එක හැමදාමත් වගේ විශාඛාට පැහැදිලි වුණේ ඇගේ නෝක්කාඩු කියමන් නිසාමයි.

“අපේ සුධීරා නං දැනගත්තු හැටියෙම මට කෝල්
කළා. අනේ ඉතින් අපට ඊට වඩා කොහෙද සතුටක්..තමන්ගෙම අය පිට අය වගේ සළකන්න එපා දරුවො…පුතාගෙ දරුවාගෙ උරුමෙ තියෙන්නෙ අපටනෙ..”

දීර්ඝ සුසුමක් හෙළමින් නතරවුණ දුරකතන සංවාදය විශාඛාගේ හිතට එක් කළේ වෙහෙසක්. මිනිස්සු ඇයි මේතරම් ආත්මාර්ථකාමී ? හැමදේම තමංගේ ම කරගන්නනෙ බලන්නෙ. මදින් මද වැඩෙන කුස දිහා බලාගෙන විශාඛා කල්පනාවට වැටුනා.

මේ දුරකථන සංවාද ගැන විශාඛා කවදාවත් සහස් එක්ක වැඩි විස්තර කියන්න ගියෙ නැහැ. මොකද ඒකෙන් මව් පුතු සෙනෙහසට පලුද්දක් වෙයි කියලා හැමවෙලේ ම ඇයට හිතුන නිසා.

සුමානයට දවස් දෙක තුනක් ඇමතුමක් දීලා ලේලියගේ ත් දුක සැප බලන්න හේමමාලි අමතක කළේ නැහැ. පවතින වසංගත තත්වයත් එක්ක ගර්භණීභාවයේ අවදානම ගැන රූපවාහිනියෙන් වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේත් දැනුවත් වෙමින් විශාඛා ගර්භණී සමය බොහෝ ම පරෙස්සම් සහගතව ගෙවා දමන්නට සැලසුම් කළා.

” විෂූ..ඔයා ආස දෙයක් තියනවා නම් අපි හොඳ රෙස්ටෝරන්ට් එකක් බලලා ගෙන්නගෙන හරි කමු..”

කෝවිඩ් නිසා ගෙදර ඉඳන්ම කාර්‍යාලයේ වැඩ කරන සහස් වරින් වර එවැනි දේ යෝජනා කළ ත් විශාඛා ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.

” අනේ ඕන නෑ සහස්. මට මම හදන කෑම බීම ටික විශ්වාසයි. රස ට වඩා ගුණයි ඕනෙ කරන්නෙ. මම අම්මගෙනුත් අලුත් රෙසිපි ටිකක් ඉල්ලගෙන තියෙන්නෙ. ඒවා ට්‍රයි කරලා බලමු .හැමදේ ම හිත තමා .”

ගැබිණි සමයේ දොළදුක් පසෙක ලා විශඛා බුද්ධිමත් ව කටයුතු කිරීම ගැන සහස්ට තිබුණේ සහනශීලී හැඟීමක්.

මාතලේ ඉන්න සහස්ගේ අම්මා කොළඹ පදිංචි තමන්ගේ දුව සුධීරාත් , ලේලිය විශාඛාත් බලන්න එන්න සැලසුම්
කළේ හදිස්සියේ මයි. එකදිගට නාද වෙන ජංගම
දුරකථනය අතට ගත්ත විශාඛා අඩ නින්දේ ම ඊට පිළිතුරු දෙන්නට වුණා.

” දුවේ, මම අනිද්දට කොළඹ එනවා. දෙන්නවම
බලල යන්න. සුධීරගෙනුත් බේරිල්ලක් නෑ. මටත් ඉස්පාසුවක් නෑ දකිනකල්. මම
මෙ අහළ පහළ කට්ටියගෙන් හොඳ රහට කැවිලි ටික්කුත් හදාගත්තා. ” හේමමාලි එක
හුස්මට කියවගෙන ගියා.

අඩ නින්දෙන් පිබිදුණු විශාඛා ඇඳේ වාඩි වුණා. ” ආ… අම්මා මොකේ ද එන්නෙ ?

” සංචරණ සීමා අයින් කළානෙ… බස් එකේ එන්න හිතන් ඉන්නෙ..”

මේ දරුණු වසංගතයක් තියන කාලෙ අහළ පහළ ගෙවල්
වලිනුත් කැවිලි හදාගෙන , පොදු ප්‍රවාහන සේවයක නැගී කොළඹ එන්න උත්සාහ කරන නැන්දාම්මා ගැන විශාඛාට ඇති වුණේ බියක්.

” අම්මෙ , සෙනඟ ඉන්න බස් වල මාරු වෙවී එන එක අවදානම් නැද්ද ? අනික අක්කත් ඉන්න තත්වෙ එක්ක…”

” අනේ නෑ… දැන් ඔය හැමෝම එහෙ මෙහෙ යන්නෙ එන්නෙ. ? අනික ඉතින් ඔයාලත් ක්ලිනික් එහෙම යනවා ඇතිනෙ..”

Mother getting on son side in conflict with wife, interference in relationship

” අම්මෙ, මේ ලෙඩේ හරි භයානක එකක්. බැරිවෙලාවත් විෂබජය ඇතුල් උණොත් අම්මයි දරුවයි දෙන්නම අවදානමේ. බස් වල ඉන්න
මිනිස්සු ගැන අපි දන්නෙ නැහැනෙ.අනික අම්මත් ගන්නෙ අවදානමක් නේද? අම්මා ට යන්නම ඕනෙ නම් අක්කලා ගෙදර යන්න.අපි අම්මව බලන්න මාතලේ එන්නම් මේ තත්වෙ ටිකක් හොඳ අතට හැරුණාම. “

හේමමාලි සංවාදයේ අතරමඟ නිහඬව ම සිටීම විශාඛාට මහත් අපහසුවක් උණා.

” ඒ කියන්නෙ මට ඔයාලගෙ ගෙදර එන්න එපා කියලනෙ නේ ද? ” හේමමාලිගේ තියුණු හඬ විශාඛාගේ සිත සසල
කළත් ඇය හිත සවිමත් කරගෙන පිළිතුරු දුන්නා.

” අම්මෙ මේ වෙලාවෙ අපි හැඟීම් වලට නෙමේ බුද්ධියටයි ඉඩ දෙන්න ඕනෙ. අම්මා වැරදියට තේරුම් ගන්න එපා. මම මේ වගේ වෙලාවක කිසිම හේතුවක් නිසා අවදානමක් ගන්න කැමති නැහැ. අපි හැමෝම
ාඅරක්ෂා වෙන්න ඕනෙ වෙලාවක් මේ.”

වෙව්ලන ස්වරය පාලනය කරගෙන විශාඛා කියාගෙන ගියා.

එහා පැත්තෙන් රිසීවරය වේගයෙන් තියන හඬත් එක්ක සංවාදය නතර වුණා. විශාඛා හිස දෙපස ඇඟිලි තුඩු වලින් පිරිමදින ගමන ආයෙත් ඇඳේ හාන්සි වුණ.. පුංචි පැටියා සමනල නැටුම් දාන වග සියුම්ව දැනෙමින් තිබුණ නිසා විශාඛා හෙමීට කුස පිරිමදින්නට වුණා.

” ඔයයි මමයි දෙන්නම
පරෙස්සම් වෙන්න ඕනෙ මගෙ පැටියෝ”
ඇය හිමින් සැරේ කොඳුරන්නට වුණා.

කාර්‍යාලයේ වැඩ කරන ගමන් වරින් වර විශාඛා බලන්නට කාමරයට එන සහස් ට විශඛාගේ මුහුණේ අමුත්ත පැහැදිලි ව පෙණුනා. සහස් ගේ හිත නොරිදෙන්න විශාඛා සම්පූර්ණ විස්තරේ කියද්දි සහස් හිස වනමින් සාවධානව අහගෙන හිටියා.

” අම්මලාගෙ සිතුවිලි
අපට වෙනස් කරන්න බැහැ විෂූ… ඒත් ඔයා
කියලා තියෙන්නෙ හරි දේ. අම්මට ඒක බුද්ධියෙන් තේරුම්ගන්න පුලුවන් නම් අක්කා බලන්න යන එක
ගැන වුණත් එයා දෙපාරක් හිතාවි “…

විශාඛාගේ සිතට ලොකු සැහැල්ලුවක් දැණුනා…
ඒත් එක්කම කුසේ නළියන සමනල නැටුමෙන් කිතිකැවෙද්දි මුහුණට සිනහවන් නොගෙන ඉන්නට විශාඛාට බැරි උනා..

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...