ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන සුප් වර්ග කිහිපයක්

මේ දිනවල අසනීප වුණොත් බෙහෙත් කරන්නත් අපහසුයි. ඉතින් අපි නිරෝගීව ඉන්න හැකි හැම දේම කරන්න ඕනෙ. ඒ නිසා ම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන පෝෂණයෙන් ගුණයෙන් පිරුණු සුප් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය ගැනයි අද අපි කියලා දෙන්නේ.

 ධාන්‍ය සුප්

අවශ්‍ය දෑ,

  • පොගවා ගත් කවුපි/කඩල/මුං ඇට
  • කුකුල් මස් තම්බා ගත් වතුර ලීක්ස්
  • කැරට්
  • තක්කාලි
  • ලූනූ බිත්තර සුදු මද දෙකක් තම්බා ගත් නුල්ඩ්ස්
  • රස අනුව ලුණු

සාදන ආකාරය

කුකුල් මස් තම්බා ගත් වතුරට කෑලි කපා ගත් එළවළු ටික එකතු කර රත් කරගන්න.

ඉන්පසු පොගවා ගත් ඇට බ්ලෙන්ඩර් කර එයත් මිශ්‍රණයට එකතු කරගන්න.

සුප් එක උතුරන කොට එයට තක්කාලි ,බිත්තර සුදු මද ,තම්බපු නූඩ්ල්ස් හා ළූණු හා ලුණු එකතු කරගන්න.

උණු උණුවෙම මේසයට පිළිගන්වන්න.

පරිප්පු සුප්

අවශ්‍ය දෑ,

පරිප්පු 100 g
නිවිති 200 g
කරාබුනැටි
සුදුළූණු
ජලය
රස අනුව ලුණු

සාදන ආකාරය,

පරිප්පු, ළූණු, සුදුළූණු සහ ජලය භාජනයකට දමන්න. ලිප තබා හොඳින් තම්බා ගන්න. පරිප්පු තැම්බෙන විට එයට නිවිති ටික එකතු කරගන්න.

තවත් විනාඩ් 2 ක් පමණ පිස නිවෙන්න හරින්න. ඉන්පසු මිශ්‍රණය බ්ලෙන්ඩර් කර රස අනුව ලුණු එකතු කරගන්න.

එළු මස් සුප්

අවශ්‍ය දෑ,

කටු රහිත එළුමස්
සුදුළූණු ළූණු
අල
කැරට්
ගෝවා
ළූණු කොළ
රස අනුව ලුණු

සාදන ආකාරය,

සෝදා පිරිසිදු කරගත් මස් වලට වතුර, සුදුළූණු, ළූණු හා ලුනු යොදා තම්බාගන්න. මිශ්‍රණය තැම්බුනු පසු කැබලි කපා ගත් අල ,කැරට් හා ගෝවා එකතු කරගන්න.

එළවළු ටික හොදින් තැම්බෙන කොට ලිපෙන් ඉවත් කර ලුණු හා ලූනු කොල එකතු කරගන්න. පිළිගන්වන්න.

නූඩ්ලස් සුප්

අවශ්‍ය දෑ

බටර් – මේස හැඳි 01

අමු මිරිස් – කරල් 01

ළූණු – මේස හැඳි 01

කැරට් – කෝප්ප 1/2

ගෝවා – මේස හැඳි 02

ලුනු කුඩු – තේ හැඳි 1/4

ගම්මිරිස් – තේ හැඳි 1/4

වතුර – කෝප්ප 02 (500 ml)

නූඩ්ල්ස් – කුඩා පැකට් 01 (78 g)

නිවිති – මේස හැඳි 01

බිත්තර – 01

ළූණු කොළ – මේස හැඳි 01

සාදා ගන්නා ආකාරය

පළමුව බටර් ටික භාජනයක් ලිප තබා එයට එක් කරන්න

පසුව එයට අමු මිරිස්, ළූණු,කැරට්,ගෝවා,නිවිති සහ ප්‍රමාණවත් වන තරම් ලුණු සහ ගම්මිරිස්  එක්කර ගන්න

ඉන්පසුව වතුර එක්  කර මද වේලාවක් තැම්බෙන්න තබා එයට නූඩ්ලස් එක් කර හොඳින් තම්බා ගන්න.

හොඳින් නූඩ්ලස් තැම්බුණු පසු එයට බිත්තර එක්  කරන්න

(බිත්තර එකතු කිරීමේදී මදින් මද කලවම් කරමින් එක්  කිරීමට සැලකිලිමත් වන්න)

මෙය උදෑසන ආහාරයට වගේම රාත්‍රීයටත් ඉතාම සුදුසුයි.

Related Articles

Don't Miss


Latest Articles