අවිශ්වාසය.

“මොකක්ද ඉෂානි ඔය ජීවිතේ?”

ඉවරයක් නැතුව අඬන ගමන් ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න ඉෂානිගෙන් චලනි ඇහුවේ පුංචි කේන්තියකුත් හිතේ තියාගෙන.ඔෆිස් ගිහින් බෝඩිමට ආපු වෙලාවේ ඉඳලා ඉෂානි කරන්නේ අඬන එක.ඇඳුමක්වත් මාරු නොකර ඇඳේ වැටිලා අඩන ඉෂානි දිහා චලනි බලාගෙන හිටියේ හරිම දුකකින්.

“ඒ මනුස්සය ෆෝන් එක ඔෆ් කරල නම් ඒක ඔන් කරනකම් ඔයා අඬලා වැඩක් නෑනේ.ගිහිල්ලා වොෂ් එකක් දාගෙන කෑම කන්න..”

ඒත් ඉෂානි කියන දේ අහන්න ලෑස්ති නෑ.චලනිගේ දුරකතනය නාද වුනේ ඒ වෙලාවේ.අඬ අඬා ඇඳටම වෙලා ඉන්න ඉෂානි නිසා තනියම උයන්න කම්මැලිකමට චලනි රාත්‍රී ආහාරය ඇණවුම් කළා.මේ ඒ කෑම ගේන කෙනා කියලා හිතුවත් දුරකථනයේ හිටියේ චලනිගේ පෙම්වතා වුණු ගිහාන්.

“ඇයි ගිහාන් හදිසියේ..”

චලනි එහෙම අහනකොට ඉෂානිට පුදුමයි.ප්‍රේමවන්තයට කතා කරන්න වෙලාවක් තියනවයැ.මාර ජෝඩුවක්.

“ඉව්වේ නෑ ගිහාන්.අපේ ඉෂාට අද ඔලුවෙ කැක්කුමක්.මට තනියම උයන්න කම්මැලි.කෑම එකක් ඕඩර් කරා.”

ඊටත් පස්සේ ගිහාන් කියපු දේට චලනි උත්තර දුන්නේ කලබලයෙන් වගේ.

“ගිහින් එන්න අනේ.ඔයාලා දැන්ම යන එක තමයි හොඳ.මොනවහරි වැඩකට ඕන වුණොත් ඔයා ගාව සල්ලි තියනවද?”

ඒ කතාබහ අතරේ ඉෂානි තව පාරක් දුරකථනය දිහා බලාගෙන ඉඳලා ඇඳෙන් නැගිට්ටා.මොනතරම් ඇඬුවත් අද සඳුන් තමන්ගේ බ්ලොක් එක නාරින බව ඇය දන්නවා.මොනවාහරි දෙයක් ඇහුවම එච්චර කේන්ති ගන්න සඳුන් ගැන ආයේ පාරක් කෝපයට පත් වෙන ගමන් ඉෂානි නාන කාමරයට රිංගා ගත්තා.වතුර මල යටට වෙලා අඬන්නත් සෑහෙන වෙලාවක් ගිය නිසා ඉෂානි ආපහු ආවේ සැලකිය යුතු වෙලාවකින්.එතකොට කෑම ඇවිල්ලා.චලනි ඒවා පිඟන්වලට බෙදන ගමන් ඉෂානි දිහා බලලා හිනා වුනා.

“හරිද හිතේ අමාරුව?”

චලනි එහෙම අහනකොට ඉෂානි ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.එහෙම ලේසියෙන් ඒක අමතක කරන්න ඉෂානිට බෑ.චලනිගේ දුරකථනය නාද වෙන්න ගත්තේ ඒ අතර

“ඉන්න මම එවන්නම්..”

එච්චරයි.චලනි ඊටපස්සේ මුදල් ගණුදෙනුවක් කරන හැටි ඉෂානි බලාගෙන හිටියා.

“ගිහාන්ලගෙ ඔෆිස් එකේ සචිත්‍රා කියලා නංගි කෙනෙක් ඉන්නෙ.ඒ නංගිගෙ මල්ලි ඇක්සිඩන්ට් වෙලා.එකම පිරිමි සහෝදරයනෙ.සචිත්‍රාට ඉන්නෙත් අම්මා විතරයි.ඊටපස්සෙ තමයි ගිහාන්ලට කතා කරල තිබ්බෙ.ගිහාන්ලා ගිහින්.වැඩක් නෑ ඉෂා..කොල්ලා යන්න ගිහින්..”

දුක්ඛිත රිය අනතුරක කතාව චලනි කියනකොට ඉෂානිට නම් තිබුණේ වෙනත් ප්‍රශ්නයක්.

“ඔයා ඉතින් කෙල්ලෙකුට උදව් කරන්න ගිහාන්ට යන්න දුන්නෙ ඇයි?”

චලනි මිතුරිය දිහා බලාගෙන හිටියේ ඇස් ලොකු කරගෙන.තමන්ගේ හොඳම යාලුවෙකුට කරදරයක් වුණු වෙලාවක ගිහාන් උදව් නොකර ඉඳීම තමයි තමන්ටනම් අප්‍රසන්න කියලා ඈ ආයෙම වතාවක් හිතුවා.

“ඔයාට ඔය සචිත්‍රා විස්වාසද?”

චලනි තමන්ගේ මිතුරිය දිහා බැලුවේ සන්සුන් සිනාවකින්.

“මට ගිහාන්ව විශ්වාසයි.අනික මටත් ඉන්නේ ගෑනු යාලුවො විතරක් නෙවෙයිනෙ ඉෂා.සචිත්‍රා මෙච්චර කරදරයක ඉන්න වෙලාවේ කොහෙවත් යන්න එපා කියලා එයාට බැන්නා නම් මම මනුස්සයෙක්ද?”

Cropped shot of a young couple having an argument at home

ඉෂානිට තමන්ගේ මිතුරියව තේරුම් ගන්න අපහසු මෙන්න මේ වෙලාවට.ඇය ඇගේ පෙම්වතා වුණු සඳුන් එක්ක ලොකු රණ්ඩුවක් අල්ලන්න හේතු වුණේ ඔහු කාර්යාලයේ මිතුරන් එක්ක ක්‍රිකට් තරගයක් බලන්න ගිය නිසා.ඉෂානි ක්‍රිකට් වලට අකමැතියි.ඒ නිසාම ඇය හිතන්නේ සඳුන් ක්‍රිකට් බලන්න යන්න ඕනෑ නෑ කියලා.අනිත් කාරණාව මේ මහ රාත්‍රියේ සඳුන්ලා එක්ක ක්‍රිකට් මැච් එක බලන්න යන්න ඔෆිස් එකේ ගෑනු ළමයි කිහිප දෙනෙක් එක් වීම ගැනත් ඉෂානිට තිබුණේ තරහක්.

“අපි ආදරය කරන්න ඕන අපිට විශ්වාසයක් තියෙනවනම් ඉෂා.දැන් සඳුන් ඔයාට නීති දානවද නෑනෙ? එතකොට ඇයි ඔයා එයාට නීති දාන්නේ..අනික ඔයා ආස දේවල්ම එයා කරන්න ඕන නෑනෙ.එයා ආස දෙයක් කරන්න හදනකොට ඔයා ඔහොම රණ්ඩු කරනකොට එයාට ඊටපස්සේ ඒ මොහොත සතුටුදායක එකක් වෙන්නෑනෙ.දකින දකින කෙල්ලව ආස්සරේ කරන කරන කෙල්ලව යාලු කරගනී කියලා තමන් ආදරේ කරන මනුස්සයාව සැක කරනවනම් අපි එයාට ආදරේ කරලම නෑනේ..”

චලනි එහෙම කියනකොට ඉෂානිට තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙන්න පටන් ගත්තා.ඇය බත් කටක් ඇනුවේ ඒ ලැජ්ජාව චලනිගෙන් හංගා ගන්න හිතාගෙන.

“මේ වෙලාවේ එහෙට මෙහෙට දුව පැනල වැඩ කරන්න ගිහාන් අතේ සල්ලිත් නෑ.මං මේ සල්ලි යැව්වෙ හොඳ පෙම්වති වෙන්න නෙවේ ඉෂා.අපිට මොනව නැතත් මනුස්සකම තියෙන්න ඕන.සචිත්‍රා අසරණ වෙලා ඉන්නේ.ඒ අසරණ වෙලාවේ එයාට ළඟම යාලුවෝ මිසක් කවුද ඉන්නේ..ඒ වගේම තමා සතිය පුරා ඔෆිස් එකේ නැහිලා නැහිලා සඳුන්ලා මැච් එක බලන්න යන්න ඇත්තේ.ඉතින් ඒ වගේ වෙලාවට ඒවට බනින්න එපා අනේ..”

චලනි බිම බලාගෙන ලැජ්ජාවෙන් බත් කටක් කටට දාගත්තා.තමන් මොනතරම් ලැජ්ජා නැති වැඩක්ද කළේ කියලා හිතෙනකොට ඇයට හරිම අපහසුතාවයක් දැනෙනවා.

“කෙල්ලො ටික වනිඳුව,ධනංජයව බලන්න මැච් එකට යන්න ඇති.රටේම ක්‍රෂ් වෙච්ච ඒ කොල්ලො බලන්න තියන දවසේ සඳුන්ව බල බලා ඉන්න එයාගෙ ඔෆිස් නංගිලට පිස්සු නෑ අනේ..”

චලනි එහෙම කියනකොට ඉෂානිත් එයාගේ හිනාවට එකතු වුණේ හෙට සඳුන්ව යාලු කර ගන්න විදිය හිතන ගමන්.

More Stories

Don't Miss


Latest Articles