බඩගින්නේ ඉන්නේ නැතුව ඉක්මනින් කෙට්ටු වෙන අලුත්ම ක්‍රමය – වන්නකු මෙතඩ්

ඔබව නොදන්න කෙනෙක්ට ඔබව හඳුන්වලා දෙන්නෙ කොහොමද ?

 මම MBBS උපාධියක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්.specialities මුකුත් නෑ.මගේ ඉස්සෙල්ලාම ආසාව වුණේ මිනිස්සුන්ගේ බර අඩු කරන එක.මන් අවුරුදු 10කට විතර කලින් ජිම් එකක් දැම්මා.මම අවුරුදු 20 දී විතර ජිම් එකට ගිහින් පුහුණු කරන විදිය දකිද්දී මිනිස්සු හිනා වුණා .ලංකාවේ training කරන්නෙ unscientific විදියට.ඒ කියන්නේ යල් පැන ගිය ක්‍රම.මම training කරනකොට කට්ටිය හිනා වුණා  මට පිස්සු කියලා.ඒ නිසා මට ඕනෙ වුණා  මගේම කියලා ජිම් එකක් දාන්න සහ මිනිස්සුන්ට මේක උගන්නන්න.2012 දී මම ජිම් එකක් දැම්මා.දැන් අවුරුදු 10ක් වෙනවා.ජිම් එකට ගොඩක් දෙනෙක් ආවේ බර අඩු කරගන්න සහ fitnessවලට.body buildingවලට ආවේ නැහැ.ඒකට ඕනේ  කරන ක්‍රම වේද හොයන්න මට research කරන්න වුණා .ඒගොල්ලොත් එක්ක practically කරන්න වුණා.research article බලන්න වුණා .lectures බලන්න වුණා .පොත් කියවන්න වුණා.ඒ ආශ්‍රිතව ලබා ගත් දැනුමෙන් තමයි මේ දේවල් කරේ.මට ඕන වුණේ මිනිස්සුන්ට පෙති දෙන්නෙ නැතිව මිනිසුන්ට ගැළපෙන විදියේ ප්‍රතිකාර ක්‍රමයක් කරන්න.life style management කියලා වෙනම ක්‍රමයක් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවේ.වැඩිය කවරුත් පාවිච්චි කරන්නෙ නැහැ. මිනිසුන්ට ගැළපෙන විදියට  ප්‍රතිකාර කරන්නයි  මට ඕනේ වුණේ. ඒක තමයි මගේ trademark එක.දැනට මම කාටවත් බෙහෙත් පෙති prescribe කරන්නෙ නැහැ.මං prescribe කරන්නෙ lifestyle modification වලින්,ඒ කියන්නෙ එදිනෙදා කන බොන දේවල් නිදාගන්න විදිය ඒවයින් කොහොමද අපි නිරෝගි වෙන්නෙ කියන එක තමයි මම කරන්නෙ.

එතකොට අපි වන්නකු මෙතඩ් කියලා හඳුන්වන්නේ මේ ක්‍රමයද ?

 ඔව් වන්නකු method කියන්නෙ මම ඉගෙනගත්ත දේවල් ටික.මගෙ ජිම් එකෙ බෙහෙත් කරන්න මගේ ගාවට ආපු අයට විතරක් ඕක කරන්න ගියානම් හරියන්නෙ නැහැ ඇත්තටම.ඒ කියන්නෙ මට reach කරන්න පුලුවන් බොහොම අතළොස්සකට විතරයින්නෙ.ඒ නිසා ඒ බාධකය මැඩ පවත්වා ගන්න ප්‍රායෝගිකව මම හදාගත්ත ටික මම පියවර 10 කට කෙටි කරලා මිනිසුන්ට ලේසියෙන් කරන්න පුලුවන් විදියට ගොනු කරලා මම ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ facebook එකේ group එකක් පටන් ගෙන  එකේ ඉදිරිපත් කලා.අද වෙනකොට එක group එක්ක ඉන්නවා 160000 අනිත් එකෙ ඉන්නවා 65000ක්.අපි හිතුවෙත් නැති විදියට ඒක viral වෙලා ගියා. මේක තමයි වන්නකු මෙතඩ් කියලා සරලව හඳුන්වන්නේ.

කෙනෙක් දැන් මේක කරනවනම්  මුලින්ම පටන් ගන්නෙ කොහොමද?

method කිහිපයක් තියෙනවා.කන බොන එක.නිදාගන්න එක. ව්‍යායාම කරන එක.භාවනා කරන එක.වතුර බොන එක.කවුරුහරි මේක මුලින්ම පටන් ගන්නවනම් පටන් ගන්න ඕන ලේසිම එකෙන්.මේක ඩයට් plan එකක් නෙවෙයි.ජීවන රටාවක්.diet plan එක්ක තියෙන්නෙ කන බොන ව්දිය විතරයි.කන බොන විදිය ගැන නෙවෙයි අපි කතා කරන්නෙ.ඒක එක පැත්තක් විතරයි.පළවෙනියට ලේසිම ක්‍රමය තමයි කන්න පැය බාගෙකට කලින් වතුර වීදුරුවක් බොන එක.මොනාහරි දෙයක් කන්න පැය බාගෙකට කලින් වතුර වීදුරුවක් බොන එක.කාලා ඉවර වෙලා අයෙ පැය බාගයක් යනකම් වතුර බොන්න එපා.පැය බාගයකින් පස්සෙ තමයි ආපහු වතුර බොන්න ඕනේ.මේකෙ sceinstific base එකක් තියෙනව.research කරලා තියෙනවා.එක research එකක පෙන්නලා තියෙනවා එහෙම කරපුවම ඉක්මනට බර අඩුවෙනවා කියලා. තව හේතුවක් තමයි හුගක් වෙලාවට වතුර තිබහයි බඩගින්නයි මිනිස්සු මාරු කරගන්නවා.අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නෙ නැහැ.ඒ වෙනුව්ටත් ඒ ගොල්ලො කිරි තේ,පැණි බීම කිරි පැකට් වගේ දේවල් බොනවා.ඊට කලින් වතුර වීදුරුවක් බිව්වට පස්සෙ ඒ අවශ්‍යතාවය නැති වෙලා යනවා.වතුර බොන එක අපේ බඩවැල්වලටත් හොදයි.විජලනය අඩු වෙනවා.කන්න පුලුවන් ප්‍රමාණය යම් තරමකට සීමා වෙනව.පලවෙනි පියවර ඒකතමයි. දෙවෙනියට කරන්න පුලුවන් ලේසිම එක තමයි,හුඟක්  අය බර අඩු කරගන්න එන්නෙ දියවැඩියාව කොලොස්ටරෝල් වගේ ලෙඩ නිසා.ඕවට කියන්නෙ කෑමෙන් පරිස්සම් වෙන්න වැඩිය ව්‍යායාම කරන්න කියලනේ.නමුත් අපි කියන්නෙ අපේ ප්‍රධානම එක තමයි අඩුවෙන් කන්න එපා කනකොට බඩ පිරෙන්න කන්න කියලා.අනිත් එක තමයි ගොඩක් ව්‍යායාම කරන්න එපා පොඩ්ඩක් ව්‍යායාම කරන්න කියලා.එතකොට ඒක හරි ලේසියි.අපි මුලු සතියටම ව්‍යායාම කරන්නෙ විනාඩි 40යි.සතියටම 40යි කියන්නෙ විනාඩි 20 ඒවා දෙකයි මුලු සතියටම කරන්න ඕනේ. වෙනම workout එකක් තියෙන්වා design කරලා.එක කරන්න පුලුවන්.ඒකේ අවුරුදු 65 එක්කෙනෙකුට වුනත් කරන්න පුලුවන් ලේසි version තියෙනවා. Athletic කරන කෙනෙකුට වුනත් කරන්න පුලුවන් අමාරු version තියෙනවා.එකම time එකේ.ජිම් එකට යන්න අවශ්‍ය නැහැ.අතපය හතරයි මහපොළවයි උපයෝගී කරගෙන තමන්ම මේ ව්‍යායාම කරන්න පුලුවන් .

මේ ක්‍රියාවලිය සුදුසු නැති අය ඉන්නවද?

ඕනම දෙයක් සුදුසු නැති අය ඉන්නවා.මේකත් සුදුසු නැති අය ඉන්නවා.අපි හැමවෙලාවෙම කියන්නෙ ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මේ දෙවල් කරන්න කියලා.දියවැඩියාව,pressure,කොලොස්ටරෝල් වගෙ අසනීප තියෙන අය වෛද්‍යවරයාගෙ උපදෙස් මත මේක කරන්න කියන එක තමයි අපේ නිර්දේශය.නමුත් වෛද්‍ය උපදෙස් නැතිවත් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා.10ට කලින් නිදාගන්න,කෑම කන්න කලින් වතුර වීදුරුවක් බොන්න වෛද්‍ය උපදෙස් අවශ්‍ය නැහැ .ඕනම කෙනෙකුට මේක කරන්න පුලුවන් යම් ප්‍රමාණයක් තියෙනවා.යම් රෝගි තත්වයක් තියෙන් කෙනෙක්නම් අවශ්‍යනම් මාගෙන් උපදෙස් ලබාගන්න පුලුවන්.නැත්නම් ඔබගේ වෛද්‍යවරයගෙන් උපදෙස් ලබාගෙන කරගෙන යන්න පුලුවන්

 බර අඩු කෙනෙක්ට හෝ සාමාන්‍ය මට්ටමක කෙනෙක්ට lifestyle එකක් විදියට මේක කරගෙන යන්න පුලුවන්ද?

බර සාමාන්‍ය මට්ටමේ කෙනෙක්ට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ .මොකද අපි අඩුවෙන් කන්න කියන්නෙ නැහැනෙ.අපෙව් ගැටලුව තියෙන්නෙ සාමාන්‍ය බරද වැඩි බරද කියන එක නෙවෙයි.ශරීරය්ට අනවශ්‍ය තෙල් ප්‍රමාණය ඉවත් කරන්න තමයි plan එක.කවුරුවත් අනවශ්‍ය විදියට මේකෙන් කෙට්ටු වෙන්නෙ නැහැ .එහ්ම කෙට්ටු වෙනවන්ම් වෙන්නෙ එයාගෙ ඇගේ මාංශ්පේශී කියලා හිතාගෙන ඉන්න ටික අයින් වෙලා යනවා.එතකොට අපිට හිතාගන්න බැරි විදියට සමහරක් කෙට්ටු වෙනවා.හේතුව ඒ ගොල්ලන්ගේ ඇගේ තිබිලා තියෙන්නෙ තෙල් විතරයි.wannaku method කියන එකේ හරය තියෙන්නෙ කෑම පිගානෙ  විතරක් නෙවෙයි.නියම ප්‍රථිපල ගන්නනම් ව්‍යායාම කරන එක අනිවාර්යයෙන්ම කරන්නම ඕනෙ.සතියකට විනාඩි 40ක් කියන්නෙ පොඩි කාලයක්.

වන්නකු ක්‍රමයට කැමැති අයට ඔබව සම්බන්ධ කර ගන්න හැකි පහසුම ක්‍රමය මොකක්ද ?

එකක් තමයි මගේ 0714485994 යන whtsapp අංකයට එකට පණිවිඩයක් එවන එක.  එහෙම නැත්නම් අපේ group එකට සම්බන්ධ වෙන්න පුලුවන් බඩට තිත  , දියවැඩියාව පිටු දකිමු කියන group වලින්.ඊට අමතරව  තියෙනවා wannaku method කියලා facebook page එකක්.Dr.Janaka Wannaku කියලා facebook public figure එකකුත් තියෙනවා. wannaku method you tube channel එකත් තියෙනවා.මාව පුද්ගලිකව හම්බවෙන්න ඕනනම් 0112181818 කතා කරලා වෙලාවක් වෙන් කරගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles