උදර ප්‍රදේශයේ මේදය තැන්පත් වීමෙන් ඇතිවූ Muffin Top සති 3 අඩු කරන ව්‍යායාම

කෙතරම් ව්‍යායාම කරත් ඔබගේ උදරය එසේත් නැතිනම් Muffin Top අඩු නැද්ද?සම එල්ලා වැටෙනවාද? Muffin Top  එක  ඔබේ සිරුරේ හැඩයට වගේම ඔබේ පෞරුෂයටත් තරමක  හානියක් ගෙන දෙන දෙයක්.ඉතිං ඒ නිසාම අද අපි ඔබට කියලා දෙන්න යන්නේ මෙම Muffin Top එක සති තුනක් වැනි කෙටි කාලයකින් අඩු කර ගන්නා ආකාරය පිළිබඳවයි.

උදරය ඉදිරියට සහ දෙපසට නෙරාඒම වළක්‌වා ගැනීමට පළමුව අප අපගේ ශරීරයේ උසට සරිලනව තිබිය යුතු බර හඳුනාගත යුතු වනවා . ඊට අමතරව අපගේ ශරීරයේ තිබිය යුතු ඉණ වට ප්‍රමාණය දැනගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්‌වා ඇති අගයන් අනුව පිරිමියකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 36 ට අඩුවෙන් ද කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අඟල් 34 ට අඩුවෙන් ද තිබිය යුතු බවයි පිළිගත් මතය වන්නේ.එයට වැඩි වන්නේ නම් එය Muffin Top වශයෙන් හඳුනා ගත යුතුයි.

මෙම තත්ත්වය  ඇති වීමට බලපාන  ප්‍රධාන හේතුව වන උදර ප්‍රදේශයේ අධික ලෙස තැන්පත්ව ඇති මේදය ඉවත් කර ගැනීම සඳහා එනම් මේදය  දහනය කර ගැනීමට  ව්‍යායාමවල යෙදිය හැකියි. එවැනි ව්‍යායාම කිහිපයක් පහතින්,

Crunches

බඩේ මේදය දහනය කිරීමේ ව්‍යායාම ගැන කතා කරන විට,Crunch ඉතා හොඳ ව්‍යායාමයක්.

සිදු කරන ආකාරය

පළමුව උඩු බැලි අතට  බිම දිගා වන්න

පසුව දණහිස් නවා රූපයේ පරිදි තබා ගන්න

දෙඅත් හිස පිටුපසින් තබා ගෙන රූපයේ  පරිදි ඉදිරියට නැවෙන්න

මෙය 20 වරක් පමණ සිදු කරන්න.

ඇවිදීම හෝ දිවීම

ඇවිදීම හෝ දිවීම  යනු ඉතා සරල ව්‍යායාමයක් වන අතර එය බඩේ මේදය දහනය කිරීමට සහ නිරෝගීව සිටීමට උපකාරී වනවා.  නැවුම් වාතය තුළ මිනිත්තු 30 ක් වේගයෙන් ඇවිදීමෙන් ඔබේ පරිවෘත්තීය හා හෘද ස්පන්දන වේගය යහපත්  කරමින් ඔබේ බඩ වටා මේදය අඩු කර ගත ගන්න උපකාරී වනවා. මෙය සරලව  ආරම්භ කර දිනකට මිනිත්තු 30 සිට 40 දක්වා වැඩි කරන්න.

සුම්බා

සුම්බා ව්‍යායාම යනු ඉහළ තීව්‍රතාවයකින් යුත් ව්‍යායාම ක් . මෙය  ඔබේ බඩේ මේදය ඉක්මනින් දිය කිරීමට වගේම ඔබේ හෘද ශාරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමටත්, ඔබේ රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත් උපකාරී වනවා.

පාපැදි පැදීම

පාපැදි පැදීම යනු Muffin Top  අඩු කිරීම  සඳහා වන තවත් ප්‍රථිපලදායි  ව්‍යායාමයක් . පාපැදි පැදීමෙන් ඔබේ හෘද ස්පන්දන වේගය පහසුවෙන් ඉහළ නංවන අතර සැලකිය යුතු කැලරි ප්‍රමාණයක් දහනය කිරීමේ හැකියාද පවතිනවා. මිනිත්තු 30 ක පාපැදි සවාරියේදී සාමාන්‍ය පුද්ගලයෙකුට කැලරි 250 සිට කැලරි 500 දක්වා දහනය කළ හැකියි.

පිහිනීම

පිහිනීම මගින්ද ඔබේ උදරය දෙපස  නෙරා ආ මාංශ පේශි අවම කිරීමේ හැකියාවක් පවතිනවා.දිනකට විනාඩි 20ක පමණ කාලයක් මෙය සිදු කිරීම මගින් ඔබටත් වෙනස ඇත විඳින්න පුළුවන්.

Muffin Top අඩු කර ගැනීමට භාවිතා කළ හැකි ව්‍යායාම උපකරණ කිහිපයක්

Suction Sit-ups

Suction sit-up යනු උදරයේ මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කිරීමට සහායක් ලෙස භාවිත කළ හැකි උපකරණයක්  Push-ups, sit-ups, මාංශ පේශි සඳහා ව්‍යායාම සහ අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා එය නිර්දේශ කරන උපකරණයක්.

Adjustable Sit-up Benches

මෙම  Sit-up benches විශේෂ වන්නේ ඔබේ උස හා ව්‍යායාම කිරීමේ තාක්‍ෂණය අනුව ඔබ ට සුදුසු අයුරින් එය සකස් කර ගැනීමේ හැකියාවක් පවතින නිසාවෙනි.

 Ab Wonders

මෙම උපකරණය හරහා  ඔබේ Muffin Top එකේ පවතින මේදය  දහනය කරන අතර ම ඔබේ ශරීරය වර්ධනය කර ගැනීම ට ද සහය වන උපකරණක් වනවා.

සැලකිලිමත් වියයුතු  කරුණු

1. වැඩිපුර වතුර බොන්න

2.ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කරන්න

3.කාබෝහයිඩ්රේට් අඩු ප්‍රමාණයක් අනුභව කරන්න

4. ආතතිය ඔබේ බරට බලපාන බව වටහා ගන්න විවේකයට ප්‍රමුඛත්වය දෙන්න

5. හරිත තේ වැනි මේදය දහනය කරන පානයන් වෙත යොමු වන්න

6. සීනි ආහාරයට ගැනීම අවම කරන්න

මුලින් සඳහන් කළ  ව්‍යායාම සිදු කරමින් ඉහත කරුණු ගැන අවධානය යොමු කරමින් කටයුතු කිරීමෙන් ඔබටත් ඔබේ muffin top එක සති තුනක් වැනි කෙටි කාලයකින් නැති කර ගන්න පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles