මකරෙක් එක්ක ජීවිතේ වෙනුවෙන් සටන් කරපු බය නැති කෙල්ල – Damsel

කාන්තා දිනය දවසෙ කාන්තාවන්ව සහ ඔවුන්ගේ ශක්තිය අගයමින් නෙට්ෆ්ලික්ස් වෙත මුදා හැරුණු අලුත්ම චිත්‍රපටයක් ගැන තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ.

මේ චිත්‍රපටයේ නම Damsel. ඔයාලා දන්නවනෙ Damsel කියන වචනෙ තේරුම යුවතිය කියන එක. ඉතින් මේ චිත්‍රපටය අයිති වෙන්නෙ ඩාක් ෆැන්ටසි කියන කැටගරි එකට. මේ වගේ ඩාක් මූවිස් බලන කෙනෙක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිලියව නොදන්නෙ නෑ. ඒ මිලි බොබී බ්‍රව්න්. සුප්‍රසිද්ද ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලවෙ ප්‍රධාන නිලිය.

කතාව ඇරඹෙන්නෙ මෙන්න මෙහෙම.

Aurea කියන රාජ්‍යයේ පලවෙනු රජතුමාගෙ රාජ්‍ය කාලයේ මේ රජතුමා යනව දරුණු මකරෙක් එක්ක සටනට. ඒ සටනෙදි රජතුමාගෙ සේනාවම මේ මකරා මරා දමනවා.

චිත්‍රපටය ඇරඹෙන්නෙ අන්න එතනින්.

ශතවර්ෂ ගණනාවකට පසු, බේෆෝර්ඩ් සාමිවරයාගේ දියණිය වන එලෝඩීට හෙන්රි කුමරු සමඟ විවාහ වීමට ඕරියා හි ඉසබෙල් රැජිනගෙන් යෝජනාවක් ලැබෙනවා. බේෆෝර්ඩ්ගේ උපදෙස් මත, එලෝඩි ඔවුන්ගේ දිළිඳු ජනතාවට උපකාර කරන්න හිතාගෙන මේ විවාහ යෝජනාව භාර ගන්නා අතර, ඇය සහ ඇගේ පවුලේ අය ඕරියා වෙත යාත්‍රා කරනවා. මුණගැසුණු පසු, එලෝඩී සහ හෙන්රි මුලදී දෙදෙනාම එකිනෙකා කෙරෙහි උනන්දුවක් නොදක්වන බව තමයි අපිට පේන්නේ. ඒ උනාට එයාලා  දෙදෙනාම සංචාරය කරන්න ආසයි කියල දැනගත්තට පස්සෙ ඒ උනන්දුව හෙමින් හෙමින් ඇති වෙන බව පේනවා. එලෝඩිගේ සුළු මව වන බේෆෝර්ඩ් ආර්යාව ඔවුන්ගේ පවුල් බැඳීම ශක්තිමත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් රැජින සොයා ගිය නමුත් ඉසබෙල් දැන හඳුනා ගැනීමට උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කරනවා.

විවාහයට කලින් එලෝඩිගෙ සුලු මව එහෙම නැතිනම් කුඩම්මා එලෝඩිව හොයාගෙන කාමරේට එනව. ඇවිත් මෙන්න මෙහෙම කියනවා.

“එලෝඩි මම දන්නව ඔයයි මමයි එච්චර එකමුතු නෑ කියල. කුඩම්ම උනා කියල මට ඔයාට වරදක් වෙනව දකින්න උවමනා නෑ. මේ කසාදෙ කරන්න එපා. මේ යෝජනාව පස්සෙ මොකක් හරි නරකක් තිබෙන බව මට පේනවා” කියල

ඒත් එලෝඩි ඒ වචන එච්චර ගණන් ගන්නෙ නෑ. එයා කසාදෙට කැමති වෙනවා.

විවාහයෙන් පසු, එලෝඩි සහ හෙන්රි එයාලගෙ විවාහය සැමරීම සඳහා යැයි කියන කඳුකරයේ පුරාණ චාරිත්‍රයකට සහභාගී වෙනවා. රෝස මල් පෙති අතුරපු ගල් පාරක මේ දෙන්න අත් අල්ලගෙන යනවා. පූජකවරියක ලෙස සැරසී සිටින රැජින, පළමු රජු සහ මකරා අතර ඇති වූ ගිවිසුම විස්තර කරනවා. එහිදී ඔහුට සාමය සඳහා තම දියණියන් තිදෙනා පූජා කිරීමට සිදු වුන බව කියනව. ඔවුන්ගේ දෑත් කපා එකට තබා එලෝඩිව රාජ ලේ සහිත යුවතියක් බවට පත් කරනවා.

චාරිත්‍ර අවසන් බව පූජකවරිය කිව්වට පස්සෙ හෙන්‍ රි එලෝඩිට කියනව. “මම ඔයාව වඩාගෙන යන්නම්” කියල. “මට ඇවිදගෙන යන්නම් කියල” එලෝඩි කිව්වට හෙන් රි එලෝඩිව වඩා ගන්නවා.

“මම ඔයාව වඩාගෙන පරිස්සමෙන් එක්ක යන්නම්, ඔයා ඇස් දෙක පියාගන්න” කියල හෙන් රි කිව්වම එලෝඩි බොහොම ආදරයෙන් හෙන් රි උරහිසේ ඔලුව තියාගන්නවා. මොහොතක් වත් හිතන්නෙ නැති හෙන් රි මකරා ඉන්න ආගාධයට එලෝඩිව විසි කරනවා.

ඒ මොහොතෙදි හිත කොච්චර බිඳුනද කියල කියන්න වචන නැති තරම්.

මහා ආගාධෙකට වැටුනට පස්සෙ එලෝඩි මැරිල කියල හිතුවට සිහි නැතිව ඉන්න එලෝඩිට සිහිය එනවා. එයාට වෙච්ච හැමදේම මතක් වෙනවා. එයාගෙ බරම බර මංගල ගවුම ඇඳගෙනම එලෝඩි ඒ ආගාධයෙන් උඩට යන්න හදනවා.

හිත කොච්චර රිදුණත් එලොඩි හිතනව “මම මේ ආගාධෙන් කොහොම හරි ගොඩට එනව” කියල. එයා එක එක විදියෙන් ට්‍රයි කරනව ගොඩට යන්න. ඒ උනාට ඒ හැම එකක්ම වගේ වැරදෙනවා. මේ අතරෙ මකරා එනවා එලෝඩිව කාලා දාන්න. එයා එලෝඩිට හරියට නින්දා අපහාස කරනව. විවාහ අතරවාරෙ තමාගෙත් හෙන්‍ රිගෙත් අත් කපල එක මත එක තැබීම නිසා තමන්ට රාජකීය රුධිරය ලැබුන බව එලෝඩි තේරුම් ගන්නවා. මකරා හිතාගෙන ඉන්නෙ මේ ඇත්තටම ඉන්නෙ රාජකීය යුවතියක් බව.

මකරාගෙන් අපහසුවෙන් බේරිලා යන එලොඩි හරිම පටු ගුහාවක් අස්සෙ හැංගෙනවා. ඒ ගුහාව ඇතුලෙ බිත්තියක ලියල තියෙනව මීට කලින් මේ ආගාධයට වැටිච්ච ගෑනු ලමයින්ව. ඒ නම් දකින එලොඩි හිතනවා එයා කොහොමහරි මෙතනින් බේරිලා යන බව.

ඒ බිත්තියෙම ඇඳල තියෙනව මෙතනින් ගැලවෙන්න පුලුවන් සිතියමක්. එලොඩි ඒ සිතුවම පස්සෙ යනවා. නමුත් ඒ ගමන මාරාන්තිකයි. වැටුනොත් වැටුනම තමයි. එහෙම වැටි වැටි නැගිටිද්දි තමයි එලොඩි තේරුම් ගන්නෙ මේ හැමදෙයකටම හේතුව.

ඒ අතරෙ බේෆෝර්ඩ් සාමිවරයගෙ නායකත්වයෙන් එලොඩිව බේරගන්න කණ්ඩායමක් එනවා. මකරා මේ හැමදෙනාවම මරල දානවා. එයාලා ආගාධයට ආව කන්ද දිගේ උඩට යන්න එලොඩි උත්සහ කරනවා. බොහොම අමාරුවෙන් එලියට එන එලොඩි අශ්වයෙක් පිටේ නැගිල බේරිල යනවා.

එලොඩි බේරුනා කියල දැනගෙන හෙන් රිගෙ අම්මා වන රැජිණ එලොඩිගෙ නංගි ෆ්ලෝරියාව අර ආගාධයට දානවා, මකරා වෙනුවෙන් දෙන්න ඕන බිලි පූජාව සම්පූර්න කරන්න.

ඉතින් බේරිලා ගොඩට ආවත් එලොඩිට පුලුවන්ද නංගිව බේරගන්නෙ නැතුව ඉන්න?

තාත්තත් නැතුව නංගිව බේරගන්න එලොඩි ආපහු ඒ ආගාධෙට යාවිද? එහෙම නැත්තම් තමන්ගෙ ජීවිතේ බේරගන්න ගොඩට වෙලා ඉඳිවිද?

ඉතින් කෙල්ලෙක්ට කොච්චර හයියක් තියෙනවද කියල කියන මේ අපූරු චිත්‍රපටය ඔයාලා බලන්නම ඕන. ඩාක් ෆැන්ටසි නොබලන කෙනෙක්ට උනත් මේ චිත්‍රපටය වෙනස්ම අත්දැකීමක් වෙයි.

ඉතින් අදම බලන්න.

නෙට්ෆ්ලික්ස් වල Damsel කියල සර්ච් කරාම මේ චිත්‍රපටය පහසුවෙන්ම ඔයාට හොයාගන්න පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles