විවේකී සති අන්තයකට වෙනස් රසයක්

එදිනෙදා කාර්ය බහුල ජිවන රටාවෙන් විඩාබර ඔබට මෙන්ම ඔබ පවුලටද විවේකි සති අන්තයක් කියන්නේ වටිනා ත්‍යාගයක්. ඉතින් ඒ විවේකය රසවත් කරන ආහාර පිළිබඳවයි මේ කියන්න යන්නේ …

පැණි සව් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සව් 100 g
  • මුන්ඇට 50 g
  • හකුරු 200 g හෝ පැණි
  • කජුමද කිහිපයක්
  • වියළි මිදී
  • පොල්කිරි කෝප්ප 3

සාදන ක්‍රමය

සව් කැඳ සකස් කිරීමට පෙර කලින් දවසේ මුන් ඇට පොඟවා ගන්න. සව් වලට වතුර දමා තම්බා ගන්න. තැම්බෙන සව් එකට කලින් දවසේ පොඟවා ගත් මුන්ඇට සෝදා එකතුකරගන්න. ඉන්පසු පොල් කිරි කෝප්ප 4, කජු මද, වියළි මිදි, ලුණු, පැණි හෝ හකුරු ග්‍රෑම් 200 ක් ලිපේ තැබූ සව් බඳුනටම එකතු කරන්න. කැටි ගැසීමට නොදී විනාඩි 4 හෝ 5 මඳ ගින්දරෙන් හොඳින් හැඳි ගාමින් පිස ගන්න. සව් කැඳ අඩු ගින්දරෙන් පිසින්නේ වැඩි ගින්දරෙන් පිසීමේදී අඩිය ඇල්ලීමට ඇති ඉඩ කඩ වැඩි නිසායි.

ඉතින් ඒකාකාරී ආහාර රටාවකින් මිදී පුංචි වෙනසකටත් එක්ක ඔබේ සති අන්තය පැණි සව් කෝප්පයකින් රසවත් කරගන්න ලැබෙනු ඇතැයි අප සිතනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles