තිබහට බොන්න නියම මොහිටො මොක්ටේල් හදමු.

ගොඩක් කාලයක් තිබුණ වර්ෂා කාලය අවසන් වෙලා ශ්‍රී ලංකාවේ අපිට පුරුදු රස්නෙ කාලෙ ආයෙත් අවිල්ල නේද?

දවල් කාලයෙ තියෙන අධික උෂ්ණත්වයෙන් තෙහෙට්ටුවට පත්වෙලා තියන හිතටත් ගතටත් ප්‍රබෝධමත් බවක් නැවත ලබාදෙන්න රසම රස සීතල මොහිතෝ මොක්ටේල් පානයක් හදාගෙන බොමුද?

එහෙනම් එකතු වෙන්නකෝ අද ලිපියත් එක්ක. අපි කියල දෙන්නම් රසම රස මොක්ටේල් හදන විදි කීපයක්ම. 

ස්ට්‍රෝබෙරි මහීටෝ මොක්ටේල් (strawberry mojito mocktail)

අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 03 ක්
  • මින්ට් කොළ 10 ක්
  • දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 01 ක්
  • සීනි තේ හැඳි 01 ක්
  • සෝඩා කෝප්ප 01 ක්
  • අයිස් කැට
  • සරසා ගැනීමට මින්ට් කොළ සහ ස්ට්‍රෝබෙරි

සාදාගන්න ආකාරය

ස්ට්‍රෝබෙරි සහ සීනි අඹරා ගන්න. 

අඹරාගත් මිශ්‍රණය වීදුරුවකට දමා ගන්න. 

එයට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

වීදුරුවට අයිස් කැට සහ සෝඩා දමා හොඳින් කලවම් කරගන්න

මින්ට් කොළ අල්ලේ මත තබා මඳක් පොඩිකර ගන්න. 

මින්ට් කොළ සහ ස්ට්‍රෝබෙරි පෙති වීදුරුවට එකතු කර කලවම් කර පිළිඟන්වන්න. 

වර්ජින් මහීටෝ මොක්ටේල් (virgin mojito mocktail) 

අවශ්‍ය ද්‍රව්‍ය

  • මින්ට් කොළ 10 ක් 
  • දෙහි ගෙඩි ½ ක් (කැබලි 04 කට කපා ගන්න)
  • කුඩුකරගත් සීනි මේස හැඳි 02 ක් (කැමති නම් මී පැණි යොදාගත හැක)
  • අයිස් කැට කෝප්ප 01 ක්
  • සෝඩා කෝප්ප ½ ක්

සාදාගන්නා ආකාරය

වීදුරුවක් ගෙන එයට මින්ට් කොළ සහ දෙහි කැබැල්ලක් දමා පොඩි කරගන්න. 

නැවත, දෙහි ගෙඩි කැබලි 02 ක් සහ සීනි දමා පොඩි කරගන්න.

දැන් වීදුරුව පිරෙන තුරු අයිස් කැට දමා සෝඩා වතුර එකතු කරගන්න.

මින්ට් කොළ සහ ඉතිරි දෙහි කැබැල්ල සමඟ පිළිඟන්වන්න. 

වෝටමෙලන් මහීටෝ මොක්ටේල් (watermelon mojito mocktail)

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොටු හැඩයට කපාගත් කොමඩු කෝප්ප 02 ක්
  • මින්ට් කොළ 12 ක්
  • දෙහි හෝ ලෙමන් යුෂ කෝප්ප ¼ ක්
  • මී පැණි කෝප්ප ¼ ක්
  • සෝඩා හෝ ස්ප්‍රයිට් 
  • අයිස් කැට

සාදාගන්නා ආකාරය

මුලින්ම කොමඩු, මින්ට් කොළ සහ දෙහි යුෂ හොඳින් අඹරා ගන්න. 

ඊළඟට එයට පැණි එකතු කර හොඳින් කලවම් කරගන්න.

මේ මිශ්‍රණයෙන් වීදුරු දෙකකට එක සමානව බෙදී යන සේ වත්කර වීදුරුව අයිස් කැට වලින් පුරවා ගන්න. 

දැන් වීදුරුව පිරෙන තෙක් සෝඩා හෝ ස්ප්‍රයිට් දමා පිළිඟන්වන්න. 

පැෂන් ෆෘට් මහීටෝ මොක්ටේල් (passion fruit mojito mocktail)

mojito au fruit de la passion - OFF-54% > Livraison gratuite

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳුණු පැෂන් ගෙඩි 04 ක්
  • මින්ට් කොළ කෝප්ප ½ ක්
  • දුඹුරු සීනි මේස හැඳි 05 ක්
  • දෙහි හෝ ලෙමන් යුෂ කෝප්ප ½ ක්
  • මිදි යුෂ කෝප්ප ½ ක්
  • අයිස් කැට
  • සෝඩා

සාදාගන්නා ආකාරය

පැෂන් වල ඇට ඉවත්කර මඳය කොටස වෙන්කර ගන්න.

දුඹුරු සීනි සහ මින්ට් කොළ හොඳින් පොඩිකර ගන්න. 

එයටම දෙහි යුෂ හා මිදි යුෂ එක්කර හොඳින් කලවම් කරගන්න. 

මේ සියල්ල එකට අඹරා ගන්න.

දැන් මේ යුෂ වීදුරු 04 කට බෙදා දමාගන්න.

එයට අයිස් කැට සහ ෆැෂන් ෆෘට් වල මඳය කොටස එක්කර ගන්න. (වීදුරුවෙන් ¾ ක් පිරෙන සේ)

දැන් සෝඩා දමා වීදුරුව පුරවාගෙන පිළිඟන්වන්න. 

එහෙනම්, හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න ආදරෙන් ආරාධනා කරන ගමන්ම අපි සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles