ඉසිවරගුණෙන් යුතු ඉඟුරු

අප ආහාර රස ගන්වන්නට විවිධ කුළුබඩු භාවිතා කරනවා.ඒ අතරින් ඉඟුරු විශේෂ වන්නේ එය ඖෂධීය ගුණයෙනුත් ඉතාමත්ම ඉහළ නිසා. ඉතින් මේ ඉතාමත්ම පහසුවෙන් වැවෙන මේ ඉසිවර පැළෑටිය ඔබේ ගෙවත්තටත් තිළිණ කරන්නටයි අපේ මේ සුදානම …….

ඉඟුරු වර්ග කිහිපයක්ම තිබෙනවා

ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන්නේ දේශීය සහ චීන ප්‍රභේද වන අතර රැන්ගුන් නමින් තවත් වර්ගයක්ද තිබෙනවා.

වගාවට අවශ්‍ය සාධක

මෙරට ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි බෝගයකි. වැසි ජලයෙන් මෙන්ම වැව් ජලයෙන් මහා පරිමාණ වගවන්හිදී වගා කළ හැකිය. මහා පරිමාණ වගාවේදී මනා අස්වැන්නක් සඳහා හිරු එළියද මාස 8 -10 අතර කාලයක් පුරා හොඳින් පැතිරුණු මි.මී.1500-3000 ක පමණ වර්ෂාපතනයක්ද අධික තෙතමනයක්ද අවශ්‍ය වේදිනපතා ජලය යෙදිය යුතුයසුළං සහ නියං තත්වයන්ට ඔරොත්තු දෙන බෝගයකිනිවසේ වගාව සිදුකරන්නේ වුවද මෙම තත්වය අවබෝධ කරගෙන සිටීම වඩාත් සුදුසු වේ.

පස

වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා සරු බුරුල් ලෝම පසක් අවශ්‍ය වේකාබනික ද්‍රව්‍ය වැඩිපුර අන්තර්ගත වීම වගාවේ සරුසාර බවට බලපායි.සමහ‍ර විටෙක කිහිප වරක් බිම කෙටීමට සිදුවේමනා ජල වහනයක් තිබිය යුතුය.

පාත්ති

තිබෙනා ඉඩකඩ ප්‍රමාණය අනුව පාත්ති සකස් කරගත හැකි වුවත් පළල තිබිය යුත්තේ සෙන්ටි මීටර් 105 සහ උස සෙ.මී. 22 කිපැළ දෙකක් අතර සෙ.මී.25 ක්ද පාත්තිය කෙළවර සිට පළමු පේළියට සෙ.මී. 15 ක්ද පේළි දෙකක් අතර සෙ.මී. 25 ක්ද ලෙස පරතරය තැබිය යුතුය.

මෙලෙස සකස් කරගත් පාත්තිය ඉඟුරු සිටුවීමට පෙර ඝන පොලිතින් ආවරණයකින් හොඳින් වසා දමන්න.එය දිනකට පැය පහක් හෝ හයක් වන සේ තද හිරු එළියට සති තුනක පමණ කාලයක් නිරාවරණය වීමට තබන්න .

ඉතින් මේ තරම් ලොකුවට නැතත් ඔබේ නිවසේ බඳුනක කුඩාවට හෝ මේ ඉසිවර බෝගය වර්ධනය කර ගැනීමට ඔබ සැළකිලිමත් වනු ඇතැයි අප සිතනවා.

– ඉරේෂා – 

Related Articles

Don't Miss


Latest Articles