ගෙදර දොරේ වැඩ ලේසි කරන පුංචි පුංචි රහස්

නිවසේ වගේම ඔබේ සියලුම කටයුතු වලදී මුහුණ දෙන එතරම් ලොකු නැති ගැටලු කියන්නෙ සමහරවිට ලොකු අභියෝගයක්. ඒ ඒවා කුඩා නිසාම නොසලකා හැරෙන බැවින්. ඉතින් මෙන්න මේ පුංචි රහස් ඔබට ලොකු උදව්වක් වනවාට කිසිම සැකයක් නැහැ.

  • උණු වතුර බෝතලයේ නැවුම් බවට ඔබේ උණු වතුර බෝතලය නිතරම පාවිච්චි නොකරන්නේ නම් එය අලුත් පිටම තබා ගැනීමට එතුලට සීනි මේස හැන්දක් පමණ දමා වසා තබන්න.නැතහොත් එහි පියන ගලවා පරිස්සමට අසුරා තබන්න.
  • පිඟන් බඩුවල දුගඳ ඉවත් කිරීමට විනාකිරි මිශ්‍ර වතුරෙන් සෝදා වේලෙන්නට තබන්න.
  • සාස්පානේ නැවුම් සුවඳට විනාකිරි මේස හැන්ඳක් දමා මිනිත්තුවක් පමණ රත් කරන්න.
  • තේ පෝච්චියේ පුස් ගඳ නැසීමට නිතර පාවිච්චි නොකරන්නේ නම් ඒ තුලට සීනි තේ හැන්දක් දමා තබන්න.
  • චොපින් බෝඩ් එකට නැවුම් සුවඳක් ආප්ප සෝඩා මිශ්‍ර වතුර දමා සේදීමෙන් දුගඳ නැති වේ.
  • ශීතකරණයෙන් නැවුම් සුවඳක් ශීතකරණයේ දුගඳ මැකීමට උණු වතුරට බේකින් සෝඩා තේ හැන්දක් දමා එයින් ඇතුල පිස දමන්න. පසුව පිරිසුදු ඇල් වතුරෙන් සෝදා හරින්න. අනතුරුව වැනිලා එසෙන්ස් ස්වල්පයක් වතුර කෝප්පයකට දමා මිශ්‍ර කොට ස්පොන්ජ් කැබැල්ලක් මගින් එය ශීතකරණය ඇතුලත ආලේප කරන්න.
  • කතුරෙහි මුවහතට සාමාන්‍ය වීදුරුවක් ගෙන එහි කට වටේ කතුරෙන් කපන්න. වීදුරුව නොකැපුනද කතුර මුවහත් වනු ඇති.
  • කුඩ මිටට වැස්ලින් කුඩයේ දණ්ඩ මතට වැස්ලින් ආලේප කරන්න. දණ්ඩ මල බැඳීමෙන් වැලකේ.
  • කාඩ් පතෙන් බුක් මාක් නිවසට ලැබෙන ඇරයුම් පත්, අලුත් ඇඳුම් වල ඇති කාඩ්බෝඩ් ටැග්ස් ආදිය බුක් මාක් ලෙස පාවිච්චි කිරීමට ගන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles