දරුවා පාසල් යන්නට දක්වන අකමැත්ත බොහෝ දෙමාපියන් නිතර දකින්නේ දරුවාට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ සිට. දරුවාගේ පැත්තෙන් සිතා ඒ පිළිබඳව සොයා බැලීමට දෙමාපියන් පෙළඹෙන්නේ කලාතුරකින්. නමුත් දරුවාගේ අකමැත්ත ඉතාමත් බැරෑරුම්ව ගත යුත්තක් වනවා. ඒ එය ඔහුගේ සමස්ථ අනාගතයටම බලපාන බැවින්.
පන්ති කාමරයක් තුලදී හිංසන වර්ග කිහිපයක් විය හැකියි!
- කායිකව පීඩාවට ලක්වීම
- වාචික හා මානසික පීඩාවට ලක්වීම
- ලිංගිකව පිඩාවට ලක්වීම
දරුවාගේ හැසිරීම කෙබඳු විය හැකිද?
පිඩාවට ලක්වීම නිසා:
- කෝපයට පත් වීම
- ප්‍රචණ්ඩ හැසිරීම් රටාවක් පෙන්වීම
- තැති ගැනීම
- විශාදය වැනි රෝගී තත්ත්වයන් පෙන්නුම් කිරීම
- සිය දිවි හානි කරගැනීමට සිතීම
- රෝගී තත්වයන්ට ගොදුරු වීම
- කිසිවෙකු විශ්වාස නොකිරීම
- එකට එක කිරීමට පෙළඹීම
- අසරණ බවකින් සිටීම
කළ යුත්තේ මොනවාද?
- දඬුවම් කිරීමට යාමෙන් වළකින්න.
- කොන් නොකරන්න
- මවුපියන් හෝ ගුරුවරුන් සමඟ කතා කරන්න
- ආදරය කරුණාව දරුවාට දෙන්න
- දරුවාගේ විශ්වාසය දිනාගන්න
- ඇහුම්කන් දෙන්න
- කතා කරන්න
- අවශ්‍ය නම් මානසික ප්‍රතිකාර වලට නොපැකිළව යොමු කරන්න.
- දරුවාගේ ගැටලුවට පිළිතුරක් ලබාදෙන්න
– චම්මි –