ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට නිතර තරහ යනවද? හේතුව දැනගන්න කැමතිද?

තරහ යාම කියන්නේ සාමාන්‍ය දෙයක් උනත් නිතර අධිකව කේන්ති යාම ගැන නම් දෙවරක් හිතා බලන්න ඕන දෙයක්…

සමහරුන් තරහ ගිය විට ගෙදර බඩු පොළොවේ ගසනව. බිරිඳට සැමියාට හෝ දරුවන්ට පහර දෙනවාට වඩා එය නම්හොඳ දෙයක්. එහෙත් හැමදාම මෙලෙස තරහ පිට කරගන්න ගියහොත් හැම මාසයකට ඔබට ඒ බඩු මිලදී ගන්නට රැකියා දෙකක්‌ කරන්නට සිදුවේවී.

අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒත්, අපි අතර සිටින සමහර අයට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්.

මෙසේ කිපීමට සමහර විට හේතුවක් ද නැති තරම්. මේ පිළිබඳව විද්‍යාඥයන් පිරිසක් මෑතකදී සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කර ගත්තේ, ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොළයේ ධුසර (grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි.

ඔවුන්ගේ පර්යේෂණවලට අනුව ඉක්මනින් තරහ යන පුද්ගලයන්ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශවල ධුසර අඩු බව පෙනී ගොස් තිබේ. නමුත් මෙය කුමක් නිසා සිදුවන්නේදැයි නිශ්චිතව සොයාගෙන නොමැත. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්ත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂණ ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද විය. ඔවුන් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඇසුරෙන් නිගමනයකට එළැඹුණේ, මොළයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බව ය.

ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ, ඇතැම් පුද්ගලයන් නිතරම තරහා යාමේ ගතියක් පෙන්වන්නේ, ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම්වල අඩුපාඩුවක් නිසා නොව, ඔවුන්ගේ මොළයේ ඇති මෙම දුර්වලතාව නිසා බව ය.

මේ නිසා ඔබටත් නිතර තරහ යනවානම් ඔබත් ඉක්මකින් කේන්තිය  පාලනයට අවශ්‍ය සහාය ලබාගැනීම ඉතාමත් සුදුසුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...