ආශ්චර්යමත් ආදරයක්…

උදේ සිට රාත්‍රී වෙනතුරුම මගේ ජීවිතය ඇයයි. ඇය මගේ මුළු ජිවිතයට සමානයි.ඇයගෙන් තොර ලෝකයක් මට නැහැසමහර වෙලාවට මම මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියලා ඇයත් පුදුම වෙනවා.”

මෙසේ පවසන්නේ ප්‍රංශයේ 39 හැවිරිදි නවතම ජනපති ඉමැනුවෙල් මක්රොන් සිය ආදරණිය සහකාරිය වන 64 හැවිරිදි බ්‍රිජෙත් පිළිබඳවයි.වසර 25 ක වයස් පරතරය ට ඔවුන්ව වෙන් කිරීමට හැකිවුණේ නැහැවැඩිමහල් පිරිමින් නිතරම තමාට වඩා වයසින් අඩු කාන්තාවන් විවාහ කර ගැනීම සාමාන්‍ය තත්වයක් වුවත් මෙහි අසාමාන්‍යත්වය වන්නේ කාන්තාව පිරිමියාට වඩා වසර 25 කින් වැඩි වීමයි.

මක්රෝන් බ්‍රිජෙත් ආදර අන්දරය ඇරඹෙන විට මක්රෝන් 15 හැවිරිදි වියේත් බ්‍රිජෙත් 40 හැවිරිදි වියෙත් සිටියදීයිඒ වන විටත් තිදරු මවක වූ ඇය විවාහ වී සිටියේ බැංකුකරුවෙකු සමඟයිඇයගේ දියණියක මකරෝන් හා සම වයසේ පසුවූවා.

වයස් පරතරය නිසාම ඔවුනට එල්ලවූ බාධා කිරීම් අසීමිතයි.දෙමාපියන් මකරෝන්ව පාසලෙන් ඉවත් කර ගත් අතර ඔහු පිටව ගියේ සදා නොවෙනස් ආදරයක් ඇය වෙත ඉතිරිකරමින්.”

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ යොවුන් ආදරවන්තයා 2007 වසරේදී බ්‍රිජෙත් හා විවාහ වුණා.ඒ වන විට ඇය සිටියේ සැමියාගෙන් නිත්‍යානුකුලව වෙන් වී.

ජනපති අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුට බ්‍රිජෙත්ගේ පමණක් නොව ඇයගේ දියණියන්ගේ සහායද නොමඳව ලැබුණාඔහු වේදිකා මත පවත්වන කතා සකසා දෙනු ලැබුවේ බ්‍රිජෙත් විසින්.මකරෝන්ගේ මව පවසන්නේ ඇය තමාට හොඳ යෙහෙළියක බවයි .

සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවය කරන බ්‍රිජෙත් විලාසිතාවන්ටද මහත් සේ ප්‍රිය කරනවා.ඉතින් අසම්මතයයි අසාමන්‍ය මිනුම් දඬුවලින් එතෙර වූ ඔවුනගේ ආදර කතාව සැබවින්ම ආශ්චර්යක් නේද ?

– ඉරේෂා –

Related Articles

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...