(අ)හිමි සිහින -94

මම නිතරම කියූ රෝගයන්ට ප්‍රතිකාර ගන්න සුදාරක රෝහල් ගත වුණේ ඔය අතරෙදි.ඔහු කොළඹට පැමිණිලා රෝහල් ගත වීම මට එක්තරා සතුටක් රැගෙන ආ දෙයක්.රැකියාව කරන ඈත පළාතේ රෝහල්ගත වුණා නම් මට ඔහු ගැන හොයල බලන්න ලැබෙන්නේ නැහැ.නමුත් ඔහුව බලන්න යන්න පුළුවන්.මට කළ හැකි ඇප උපස්ථාන කරන්න පුළුවන්.අනිත් කාරණාව තමයි අසනීපයකට ප්‍රතිකාර නොගෙන තමන් ගැන කිසිම සැලකීමක් නැතිව ජීවත් වුණු සුදාරක තමන් ගැන විමසිලිමත් වීම ගැනත් මට දැනුනේ පුදුමාකාර සතුටක්.ඇත්තටම ඒවා මහා ලොකු ලෙඩ නොවුණත් මිනිස්සු වේදනාවෙන් සහ පීඩාවෙන් සිටිය යුතු නැති බව මම විශ්වාස කරන කාරණාවක්.

“සුදාරක පොඩි ඔපරේෂන් එකකට ඉස්පිරිතාලෙ නැවතිලා ඉන්නේ.අපේ ට්‍රිප් එකටත් ගොඩක් උදව් කරපු නිසා ගිහින් බලලා එන්නම් නේ?”

මම චමල්ගෙන් එහෙම ඇහුවා.සුධාරක හමු වෙන්න ඕනෑ තරමට රහස් ගමන් යන්න ඒ දවස් වල මම පුරුදු වෙලා හිටියත් මට මේ ගමන ගැන චමල්ට කියන්න හිතුණේ ඇයි කියලා මම දන්නේ නෑ.සමහරවිට රෝහලකට යන ගමනක් නිසා රහසේ නොයන්න මට හිතෙන්න ඇති.

මම මීට කලින් දවසක කිව්ව වගේ මම වෙනත් ප්‍රේමයක් ඇතිකර ගනීවි කියන සැකය කවමදාවත් චමල්ට තිබුණේ නැහැ.ඔහු අතින් කිසිම යුතුකමක් වගකීමක් ඉටු නොවුණත් මම ඒ වගේ දෙයක් කරයි කියලා චමල්ට හිතන්න ඉඩක් තිබුණේ නැහැ.පිරිමින් සමඟ වැඩිපුර ගැවසෙන රැකියාවක් කරපු මම මගේ ගෞරවය තියාගෙන හිටපු හැටි ඔහු අනන්තවාරයක් දැකලා තියනවා .ඒ නිසාම මගේ පැරණි පෙම්වතාව සැක කරන්න ඔහු හීනෙකින්වත් හිතන්නේ නැහැ.

“මොනවා හරි අරගෙන බලන්න ගිහින් එන්න. ඒ මනුස්සයා අපට කොච්චර උදව් කරාද?”

චමල් මට එහෙම කිව්වා.මම ගේ සූපවේදී දස්කම් උපරිමයෙන් භාවිතා කරමින් රසවත් සුප් එකක් හැදුව සුදාරක ට අරගෙන යන්න.

රෝහලට ගිහින් ඔහුව බලලා කතාබහ කරමින් ඉන්නකොට ඔහුගේ යටතේ වැඩ කරන කෙනෙක් අපි ළඟට ආවෙ කලබලයෙන්.ඔහුගේ ළඟම අය අපේ සම්බන්ධය ගැන දැනගෙන හිටියා.දිල්හානි සහ සුදාරක අතර තිබුණු ගැටුම් ඒ අය දන්න නිසාම අපේ සම්බන්ධය ගැන දිල්හානිට කේලම් කියන්න ඔවුන් උත්සාහ කළේ නැහැ.ඉතින් ඔවුන් මට සැලකුවේ බොහොම ගෞරවයෙන්.තමන්ගේ ප්‍රධානියා ව ආදරයෙන් බලා ගැනීම තමයි ඒකට හේතුව.එනිසයි කලබල පණිවිඩයට අපේ ටිකක් කලබලයට පත් වුණා.

“සර්ලගෙ අම්මා එනවා” ඒක තමයි පණිවිඩය.මම ඒ පණිවිඩයෙන් බොහොම තිගැස්මට පත්වුණා.මම දික්කසාද වීමෙන් පසු සුදාරකගේ අම්මා මුණගැහිලා ම නැහැ.නැවත මාව දකින්නට සිදුවීම ඇයව මොන තත්වයකට පත් කරයි ද කියලා මට බයක් දැනුණා.

“අම්මා එන්න කලින් මම මේ පැත්තෙන් යන්නම්.”

මම සුදාරක ට එහෙම කිව්වේ ඒ නිසා.සුදාරක මගේ අතින් අල්ලගෙන කිව්වේ එක දෙයයි.

“ඔහොම ඉන්න මැණිකේ. හැමදාම මේවා හංගන්න බෑ.ඔයා එයාල නොදන්න කෙනෙක් නෙමෙයිනේ.එයත් ඔයාව දන්නවා.ඔහොම ඉන්න. ඉඳලා කතා කරමු.”

මම වැඩුණු ගැහැනියක් බවත් බයේ පලා යා යුතු නැති කෙනෙක් බවත් මටත් හිතෙන්නට පටන් ගත්තා.ඒ නිසා සුදාරකගේ අම්මා මුණ ගැහිලා කතා බහ කරන්න මම හිතුවා.ඇය ඇවිත් සුදාරක එක්ක කතා කරන්න ගත්තේ මාව නොදන්න ගානට.සමහරවිට මාව අඳුන ගන්නත් නැතුව ඇති.

“අම්මා මෙයාව අදුර ගත්තෙ නැද්ද?”

එතකොට සුදාරක අම්මගෙන් ඇහුවා.ඇය ඇස් කරකවල මම දිහා බැලුවේ තවත් ප්‍රශ්නයක ආරම්භය වෙනුවෙන් ද කියලා මම කල්පනා කරන්න පටන් ගත්තා

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles