ළමා ගණිකා ජාවාරමේ ඛේදනීය අමිහිරි සත්‍ය ලොවට හෙළි කළ යුවතියක්..

“Are we being human?”

මෙහෙම අහන්නේ ලක්ෂ්මි.නාගේෂ් කුකුනූර් විසින් නිර්මාණය කළ “ලක්ෂ්මි” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය.මේ චිත්‍රපටිය ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන චිත්‍රපටියක්.එය ලියා අධ්‍යක්ෂණය කරන්නේ ද නාගේෂ් විසින්.

ලක්ෂ්මී දාහතර හැවිරිදි දැරියක්.ඇයව චින්නා නම් පුද්ගලයෙකු පැහැර ගැනීමට ලක් කරනවා.ඉන්පසු ඇයව හයිද්‍රාබාද් වෙත රැගෙන එනවා.මුලදී ඇය නිවසක අත්උදව් කාරියක බවට පත් කරන්නට ඔවුන් කටයුතු කරනවා.පසුව ඇය චින්නාගේ ප්‍රධානියෙකු වන රෙඩ්ඩි අතින් දූෂණය වෙනවා.ඉන්පසු ලක්ෂ්මිව චින්නා රැගෙන යන්නේ ගණිකා මඩමකට.ලක්ෂ්මි එහි එක් රැයක් ගත කර අසල ඇති පොලිස් ස්ථානයකට පලා ගියත් රෙඩ්ඩි ඒ පොලිස් නිලධාරීන්ට මුදල් ගෙවා ඇති නිසා ඔවුන් ඒ පැමිණිල්ල බාර ගන්නේවත් නෑ.ලක්ෂ්මිට නැවත ගණිකා මඩමට එන්නට සිදු වෙනවා.ඇය ගැටුම් ඇති කරගනිමින් පලා යාමට උත්සාහ කරමින් ගණිකා මඩමෙහි ජීවිතය ගෙවන්නේ එහි සදාකාලිකව ජිවත් වීමට ඇති කැමැත්තෙන් නොවේ.

lakshmi

ප්‍රබල නඩුවක සාක්ෂිකාරියක වී ඉන්දීය ජාවාරමක් හෙළි කරන්නට ලක්ෂ්මිට අවස්ථාව ලැබෙන අන්දම මේ චිත්‍රපටිය තුළින් ඔබට නරඹන්නට පුලුවන්.

මෙහි ඇති ශෝකජනක කාරණාව වන්නේ ලක්ෂ්මිගේ කතාව ද ගංගුභායිගේ කතාව මෙන්ම සත්‍ය සිදුවීමක් වීමයි.මේ කතාවට පදනම් වී ඇත්තේ අන්ද්‍රා ප්‍රදෙශ්වල සිදු වූ සත්‍ය සිදුවීමක්.ළමා ගණිකාවන් සම්බන්ධයෙන් NDTV කළ එක් වැඩසටහනක මෙසේ ළමා ගණිකාවන් ගණිකා සේවයට යෙදවීමට හේතුව සනාථ වී තිබුණා.එය ඉතාම ම්ලේච්ඡත්වයට බර හේතුවක්.ඔවුන් දැරියන් පැහැරගෙන ඔවුන්ට හෝමෝන එන්නත් කරවා වයසට වඩා වැඩුණු පෙනුමට ලක් කරනවා.ඉන්පසු ඔවුන්ව දූෂණයට ලක් කරන්නේ මහල්ලන් විසින්.තමන් මේ දැරියන් සමඟ සංසර්ගයේ යෙදීමෙන් තරුණ භාවයට පත් වෙන බවත් ඒඩ්ස් ආදිය ඇත්නම් සුව වෙන බවත් ඔවුන් විශ්වාස කරනවා.

අධ්‍යක්ෂක නාගේෂ්ට මේ සත්‍ය සිදුවීමට අදාළ දැරිය මුණ ගැසී ඇති බව ඔහු පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කර තිබුණා.ඔහු Plan India නම් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරද්දී කඳවුරක ජීවත් වන දැරියකගේ කතාව ලක්ෂ්මී නමින් චිත්‍රපටියකට නඟන්නට ඔහු කටයුතු කළා.ඒ කඳවුරුවල ජීවත් වන දැරියන්ගේ කතා විනාශයේ කථා පමණක් නොව වීරත්වයේ කථා බව ඔහු පවසනවා. මේ යුවතිය අදටද නිරුපද්‍රිතව වාසය කරන බවයි ඉන්දීය නීති වාර්තාවලින් කියවෙන්නේ.ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමට බලකෙරුණත් බේරාගත් විට ජාවාරම්කරුවන් උසාවියට ​​ගෙනයාමට ධෛර්යයක් ඇය සතුව තිබීම ම මොනතරම් අපූරුද? නාගේෂ් ඇගේ සත්‍ය කතාවේ සමහර තැන් ප්‍රතිනිර්මාණය කර සත්‍ය ඇසුරින් ප්‍රබන්ධයක් ලෙස ලක්ෂ්මී චිත්‍රපටිය නිපදවා තිබෙනවා.

lakshmi

ලෝකයේ ඇති ම්ලේච්ඡත්වය ගැන ලක්ෂ්මී අපට අලුත් කතාවක් හෙළි කරනවා.එය ම්ලේච්ඡත්වය ගැන කතාවක් පමණක්ම නොවේ.දැරියක සතු ශක්තිය ගැන ද හෙළි කරන්නක්.

Lakshmi 2014 ඔබ නැරඹිය යුත්තේම දැරියකගේ ශක්තියත් ලෝකයේ ඇති ම්ලේච්ඡත්වයත් එක්වර විඳ ගන්නට හැකි නිසාමයි.

Related Articles

Don't Miss


Latest Articles