(අ)හිමි සිහින -107

මගේ මුදල් වලින් මටම හූනියම් කිරීම පැත්තකින් තිබ්බත් දිල්හානි තවත් බොහොමයක් දේ කරමින් හිටියා.ඇය කළ දෙයක් තමයි පෙත්සම් ලිවීම.ඒ වගේම සුදාරකගේ ඉහළ නිලධාරීන් මුණගැහිලා ඔහු ගැන වැරදි අඩුපාඩු පැවසීමත් ඇය දිගටම කරගෙන ගියා.ඔහු දරුවන්ට පහර දෙන බව,ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන බව ඇය ඒ අයට පැමිණිලි කර තිබුණා.ඒ වගේම තමයි ඇය සල්ලි දේපල හොඳින් තිබෙන කෙනෙක් බවත් සුධාරකගේ අසීමිත නාස්තිය නිසා දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බවත් ඇය තැන තැන පවසා තිබුණා.එහෙම බොහෝ දෙනෙකුට කියමින් සුධාරක ගැන වැරදි චිත්‍රයක් මවන්නට ඇය වග බලාගෙන තිබුණා.

දිල්හානි කිසිම අවස්ථාවක කතාබහ කර ප්‍රශ්නය විසඳා ගන්නට සුධාරක හමු වූයේ නෑ.ඇගෙන් වුණු වැරදිවලට සමාව ගත්තේ හෝ ඔහු කළ වැරදි වලට සමාව දුන්නේ නෑ.ඒ වෙනුවට ඇය කළ එකම දේ මිත්‍යාව පසුපස යාම පමණයි.මේ ගැන මම ඔබට කලින් වතාවක් ද පැවසූ අන්දම ඔබට මතක ඇති.ඒත් අළු පුහුල් සිරුර මත තබා කැපීම,කෑම වර්ග ලබා දීම,පොල් ගස්වල කරටි කැප්පවීම,නීච කුල බන්ධන වගේ කිසිම දෙයක් යථාව සමඟ ගැළපෙන්නේ නැති බව මම ඔබට කියන්නේ විශ්වාසයෙන්.ඔබට යම් ගැටළුවක් තියනවා නම් නීතියේ පිහිට පතන්න.නොදන්නා බලවේග පසුපස යන්නට එපා.

කළ යුතු දේ නොකර අනවශ්‍ය දේ කිරීමෙන් අපේ ප්‍රශ්න කිසිම දවසක විසඳෙන්නේ නෑ.

ඒ වගේම දිල්හානි කිසිම දවසක මට කතා කළේ නෑ.මේ ප්‍රශ්නය විසඳා ගත හැකි මාර්ගයක් ගැන මා සමඟ කතා කළේ ද නෑ.ඉතා ළාබාල වයසකදී සුධාරකට බැඳුණු මම තවමත් හිඳින්නේ ඔහු ගැන ප්‍රේමයෙන් වග ඇය කිසිම දවසක හිතුවේ නෑ.ඒ වෙනුවට ඇය හිතුවේ මම හිඳින්නේ ඔහුගේ රැකියාව ගැන ආශාවකින් බව.පෙත්සම් ගසා රැකියාව නැති කර දැමූ විට මම රැකියාව ඔහු අතැර දමාවියැයි ඇය සිතන්නට ඇති.දිල්හානි පැමිණ මා සමග කතා කරානම් මම ඔවුන්ගේ පවුල නැවට එකතු කරන්නට ඉඩ තිබුණා.නමුත් ඇය පැමිණියේ නෑ.නමුත් ඇය කරේ නොකළ යුතු දේ පමණයි.

මම කිසිම විදියකින් නිවැරදි බව මම හිතන්නේ නෑ.මම කටයුතු කළේ මගේ ආදරය රැක ගන්න.නමුත් ඇය ඇගේ පවුල රැකගන්නට කටයුතු කළේ නැහැ.

එපමණක් නෙවෙයි මම ඔවුන්ගේ ජීවිතවලට එන්නට පෙර ඇය “මතු ආරක්ෂාව පිණිස” පොලිස් පොත්වල පැමිණිලි දමා තිබූ බව අප දන්නේ පසුකාලීනවයි.ඔහු ඇයට පහර දෙන බවට ඇය පොලිස් පොත්වල ලියා තිබුණා.එයට හේතුවක් තිබූ බව අපට වැටහෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.ඒ සැලසුම් ගැන මම ඉදිරියේදී ඔබට කියන්නම්.

ඒ සියළුම දේවල් එසේ වෙද්දී අපි හැකිතාක් සතුටින් ජීවත් වෙන්නට තැත් කරා.ඒත් ඒ කාලයේ සුධාරකගේ රැකියාවේ ද යම් යම් ගැටලු තිබුණා.ඒ අර පෙත්සම් හේතුවෙන්.ඔහුගේ රැකියාව ඔහුට නැති වෙන තැනට පවා වැඩකටයුතු සිදු වෙමින් පැවතුණා.ඒවා ඉතින් ඕනෑම රැකියාවක සාමාන්‍ය ස්වභාවය.කෙනෙකුට යම් ගැටලුවක් ඇති වෙමින් පවතිනවා නම් ඒ ගැටලුව තව උත්සන්න වෙන්නට ඉඩ හැර ඔහුට ලැබිය යුතු අවස්ථා පැහැර ගැනීම මොන රස්සාවෙත් හැටි කියලයි මට හිතෙන්නේ.

විවාහයෙන් එපිට සම්බන්ධතාවක් ඇති කර ගත්තාම තුන්වෙනියාව සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා.එහෙත් මට එසේ වුණේ නැහැ සුදාරකගේ පවුලේ අය වගේම ඔහුට සමීපතම අය සහ ඔහුගේ අසල්වැසියන් පවා මට සමීප වුණා.මාව පිළි ගත්තා.මට ඔහුගේ බිරිඳට ලබා දිය යුතු තැන ලබා දෙන්නට ඔවුන් කටයුතු කරමින් හිටියා.එහෙම වෙන්නට හේතුව දිල්හානිව කිසිවෙක් ප්‍රිය නොකිරීම කියලයි මට නම් හිතෙන්නේ.මේ දේවල් වලින් මට සතුටු වෙන්නට ඉඩ ලැබුණේ නෑ.

මොකද තවත් විශාල කරදර ගොඩක් අප වෙත පැමිණෙමින් තිබුණා.ඒ මොනවද කියලා හෙට මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles