(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින් තිබුණා.ඒ නිසාම දැන් මම ඉස්සරට වඩා වෙනස් ඇති කියලා මා මුලදී දැන හඳුනාගෙන හිටපු බොහෝ දෙනෙක් හිතන්නට වුණා.

“ඔයාට දැන් අපිව මතකද?”

ඉඳහිටක මුණගැසුනු නෑදෑයින් සහ හිතමිත්‍රාදීන් මගින් එහෙම ප්‍රශ්න ඇසූ අවස්ථා ඕනෑ තරම්.මම බොහොම සරලව සහ සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න කැමති කෙනෙක්.එවැනි ප්‍රශ්න මට පුදුමයක් ඇති කළා.මම කැමති නිර්ව්‍යාජව ජීවත් වෙන්නටයි.

“මම මැරිලා වලෙන් නැගිටල ආවද ඔයාලා අමතක වෙන්න?”

එවැනි අවස්ථාවල මම ඔවුන්ගෙන් විමසන්නේ හිනැහෙමින්.නිතරම රූපවාහිනී රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටින නිසා මම දැන් ඔවුන් සමග කතාබහ කරන්නට අකමැති ඇති කියලා ඔවුන් හිතනවා.බොහෝ දෙනෙක් එයාකාරයට වෙනස් වෙන බවත් ඔවුන් මට කිව්වා.

“වෙන අය එහෙම ඇති. මටනම් එහෙම වෙනස් වෙන්න ඕන නෑ.”

මා ඉතා මිත්‍රශීලීව ජීවත් වුණු කෙනෙක්ට මම ජීවිතේ පුරා සලකන්න එකම ආකාරයටයි.මම මොන තරමට ඉහළට ගියත් මට කතා කළ ආකාරය සහ  සමඟ හැසිරිය යුතු ආකාරය වෙනස් කර ගත යුතු නැතැයි මම ඔවුන්ට පැහැදිලි කළා.

මම මගේ දියණිය වත් ඇතිදැඩි කළේ මහ පොළොවේ පය ගසා ජීවත් වියහැකි දරුවෙක් ලෙසටයි.සුදාරක සමග සේවය කළ පහළ් නිලධාරීන් බොහෝ දෙනෙකුට ඔහුගේ දරුවන්ටත් ඉතා ඉහළින් සලකන්නට සිදු වී තිබුණා.එය ඔවුන්ගේ රැකියාවේ සාමාන්‍ය ස්වභාවයයි.නමුත් අපි ඔහු සමඟ ජීවත් වන්නට පටන් ගත් විට මගේ දියණියට ඔවුන් එලෙස සලකනවා ට මම කැමැති වුණේ නැහැ.සැප සම්පත් අද තිබී හෙට නැති වන්නට පුළුවන්.එවැනි දවසක මගේ දියණිය අසරණ වෙනවා දකින්නට මම කැමැති වුණේ නැහැ.ඇය පොළවේ පයගසා ඇගේ කටයුතු ඇයම කරගන්නට ඉගෙනගෙන තිබුනොත් ජීවිතය අපහසු නොවන බව මම හොඳින් දැන සිටියා.

මම ඒ කාලයේ හොඳින් ඉපයීම් කළා.වෙනදට උපයන මුදලින් ණය ගෙවන්නටත් කැමති කිසිවක් ම කරන්නටත් ඉඩ නොලැබුණු මම මට උවමනා ලෙස ජීවත් වෙන්නට පටන් ගත්තේ ඒ කාලයේ.සුදාරක බොහෝ ඇලුම් කළ දෙයක් තමයි රූපවාහිනි ප්‍රවෘත්ති නැරඹීම.ඔහුගේ රැකියාව සමඟ ඔහුට පුරුදු වූ දෙයක් වෙන්නටත් ඇති.එනිසා මම ගෙදරට හොඳම වර්ගයේ රූපවාහිනිය ගන්නට ක්‍රියා කළා.විශාල රූපවාහිනියක් ගෙනවිත් ඔහු රැකියාවට ගොස් එන විට එය සවි කර තබන්නට මම ක්‍රියා කළා.ඔහුව එවැනි පුදුම කිරීම්වලට ලක් කර ඔහුගේ සතුට නැරඹීම මගේ ජීවිතේ විශාල ම සතුට වී තිබුණා.

“අනේ මැණිකේ ඔයා වගේ කෙනෙක් ලබන්න මම මොනතරම් වාසනාවන්තද?”

ඔහු මා වැළඳගෙන සතුටට පත් වුණා.එය මට ඉතාම සතුටක්.

මම නිවසට බඩුබාහිරාදිය මිලට ගනිද්දී ඉතාම උසස් වර්ගයේ ඒවා මිලට ගන්නට වගබලාගත්තා.ඒ ලොකු කම පෙන්වීම සඳහා නෙමෙයි.සාමාන්‍යයෙන් නිවසකට මිලට ගන්නා ගෘහ භාණ්ඩ බොහෝ කාලයක් නිවස තුල තිබිය යුතු දේවල්.ඒවා උසස් තත්වයෙන් මිලට ගත් විට කාලාන්තරයක් පාවිච්චි කරන්නට පුළුවන්.ඉතා කෙටි කාලයක් තුළ නැවත නැවත ඒවා මිලට ගන්නට යන මුදලට වඩා එක් වරකට යම් මුදලක් වියදම් කිරීම පාඩුවක් නොවන බව මම තේරුම් ගෙන සිටියා.

එවැනි යම් යම් දේවල් කරමින් මම ජීවිතය සතුටින් ගත කළා.බොහෝ කාලයක් ජීවත් වූ බව නොදැනුණු ගැහැනියකට සන්තෝසදායක ජීවිතයක් හිමිවීමම ඉතාම සුන්දර දෙයක්.මම හිටියේ ඒ සුන්දරත්වය විඳිමින්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles