පෞරුෂත්ව ආබාධයක් සහිත තරුණියකගේ කතාව -Look Away

පෞරුෂත්ව ගැටලු අපිව බොහෝ කරදරවලට ඇද දමන්නට පුලුවන්.හොල්මන් සහ නොපෙනෙන බලවේග ලෙස අපි හඳුනා ගන්නා සමහර දේවල් අපි තුළම පවතින පෞරුෂ ආබාධ බව හඳුනා ගන්නට යම් කාලයක් ගත වෙනවා

Look away එවැනි කතාවක් සහිත කැනේඩියානු සිනමා නිර්මාණයක්.
psycological thriller ශානරයට අයත් මේ චිත්‍රපටිය ඔබව ඉතා භීතියට පත් කරන්නට සමත් චිත්‍රපටියක්.

මරියා අවුරුදු දාසයක පාසල් ශිෂ්‍යාවක්.ඇය සැප සම්පත් අඩු නැති පවුලක දැරියක්.නමුත් ඇය ටිකක් ලැජ්ජාශීලි යුවතියක්.මරියාට හිටිය එකම මිතුරිය ලිලී.පාසල් බස් රථයේදී මරියාට නිතරම හිරිහැර කරන්නේ මාක් කියන තරුණයා.මරියාට ඉන්නවා ක්‍රෂ් එකක්.ඒ ජෝන්.ජෝන් සහ ඇගේ එකම යාළුවා වුණු ලිලී අතර සම්බන්ධයක් පවතින බව දැන ගැනීම මරියාට මහත් වේදනාවක් ගෙන එන්නට සමත් වෙනවා.

“මරියාට ඇයි බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තේ? ඇයි මරියා කිසිම සමාජශිලි කමක් නැත්තේ?”මරියාගේ තාත්තට නිතරම තිබුණු ප්‍රශ්නයක් තමයි ඒ.

මරියා දවසක් රාත්‍රියේ අපූරු රහසක් සොයා ගන්නවා.ඒ ඇගේ අම්මාට නිවුන්නන් ලැබෙන්නට හිටි බවක්.එක් අයෙකු තමන් නම් අනිත් කෙනාට මොකද වුණේ කියලා මරියාට ඇති වෙන්නේ සැකයක්.එදා ඇය නාන කාමරයට ගිහින් මුහුණ සෝදනකොට නාන කාමරයේ කැඩපතේ ඉන්න රුව ඇය සමඟ හිනා වෙන බව පේනවා.මෙය මරියාව දැඩි ලෙස බියට පත් කරන්නට සමත් වෙන සිදුවීමක්.මරියා එය තාත්තට කිව්වත් තාත්තා ඒ කතාව ගණන් ගන්නේ නෑ.

නමුත් මරියාට කුඩා දරුවන් කෑගහන හඬ වගේම රෝහලක දර්ශන දිගින් දිගටම නාන කාමරයේ ඉදියදී මැවෙන්නට පටන් ගන්නවා.

මෙතැනින් පස්සේ මරියාගේ ජීවිතය පහසු එකක් වන්නේ නැහැ.ඇය අතින් බොහෝ නරක නපුරු දේවල් සිදු වෙනවා.ඇගේ හිත තුළ මැවෙන සමහර දේවල් නිසා ඇගේ නිවුන් සහෝදරිය භූතාත්මයක් වී ඇති බවයි අපිට හිතෙන්නේ.

එහෙත් සත්‍ය එය නොවෙයි.මරියාට යම් පෞරුෂ ආබාධයක් සහිත මානසික රෝගයක් තිබෙනවා.ඒ මොකක්ද?

මේ හරහා හෙළිවන අතීත රහස කුමක්ද?

තමන්ට රිදවන අයගෙන් පලිගන්නට මරියා පෙළඹෙන්නේ ඇයි?

සැබෑවටම මරියා අහිංසක චරිතයක් ද?

මේ හැම ගැටලුවකටම පිළිතුරු Looks away චිත්‍රපටිය නරඹා ඔබට දැන ගන්නට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles