(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව ම මම ඒ වෙනුවෙන් ගියේ සුදාරක වෙනුවෙන් සත්‍ය ක්‍රියා කර ඔහුගේ සුවය පැතීමටයි.මා වෙනුවෙන් ඒ ගමනට සුදාරකගේ අම්මා සහ නංගි ද එක් වුණා.

“පහේ කාසියක් ගන්න.ඒ කාසිය දෙහි ඇඹුලින් දිලිසෙන තුරු මැද ගන්න.ඉන් පස්සේ ඒ කාසියෙන් බාරයක් ගැට ගහන්න.රුවන්වැලි මහා සෑයේ බාර හාර දෙන්න වෙනම තැනක් තියෙනවා.එතැන බාරය ගැට ගහන්න.”

රුවන්වැලි මහා සෑ රදුන් ගේ හාස්කම් ගැන විශ්වාසය ඇති සියල්ලන්ම බාර ගැට ගසන්නේ එතැන බවත් මට ද ගොස් එතනට බාර වන ලෙසත් මට සිහිපත් කළේ ඥාතිවරියක විසින්.

මම රුවන්වැලි මහ සෑ රදුන් වෙත ගියේ බලාපොරොත්තු දහසක් හිතේ පුරවාගෙනයි.එතැනට ගොස් බුදුන් වැඳ ඉන් අනතුරුව මම සත් වාරයක් රුවන්වැලිසෑය වටා ගමන් කළා.මා සමග මගේ නෑනා දෙතුන් වටයක් පැමිණියත් ඇයද මග නතර වුණා.නමුත් මට නවතින්නට උවමනා කළේ නැහැ.මේ සියල්ල ඔහු සුවපත් වන්නට හේතුවක් වනවා නම් මට මේ සෑ මළුව වටා දවසක් පුරා හෝ ඇවිදින්නට ශක්තිය ඇති බව මා දැන සිටියා.ගැහැණියකගේ ආදරයට කළ නොහැක්කක් තිබේද? සඳ කිඳුරිය,පත්තිනි දේවිය වැනි චරිත ගණනාවක් ම මට සිහි වූ බව මට මතකයි.

මම ඒ වට හතම ගමන් කළේ “ඉතිපිසො භගවා” ගාථාව මුමුණමින්.සුදාරක සිදුකළ යහපත් ක්‍රියා ගැන සිහි කරමින්  ගාථාව මුමුණමින් මම ඒ සත් වටය යද්දී එක්තරා පුදුම එළවනසුළු දෙයක් සිදු වුණා.මට ඉතිපිසෝ ගාථාව අමතකව ගියා.ඒ අපි කුඩා පාසල් දරුවන් කාලයේ කට පාඩම් කර ගන්නා ගාථාවක්.ඉන්පසු සෑම දවසකම පන්සිල් සමාදන් වද්දී ඉතිපිසෝ ගාථාව කියන්නට බෞද්ධ අපි කිසිවකුත් අතපසු කරන්නේ නැහැ.එසේ තිබියදී මට ඒ ගාථාව අමතකව ගියා.

කොපමණ සිහිපත් කළත් මට ඉතිරිය මතක් වෙන්නෙම නැහැ!!

“ඉතිපිසො ගාථාව මතක් කරන්න.”

මම මගේ නෑනන්ඩියගෙන් එසේ ඉල්ලා සිටි අන්දම මගේ මතකයේ තියනවා.උන් තැනම ගල් ගැසී හිඳිමින් පිටුපස බලන්නටවත් ධෛර්යය නොමැතිව මම මගේ නෑන්න්ඩිය හඬ ගැසුවා.ඉන්පසු ඇගෙන් එසේ ඉල්ලා සිටියා.ඇය ගාථාව සිහිපත් කර දෙනවිට මට එය සජ්ජායනා කරන්නට හැකි වුණා.නමුත් මට නැවත නැවතත් ගාථාව අමතක ව ගියා.

මේ සිදුවන දේ මට ප්‍රහේලිකාවක් වුණා.නමුත් ඒ අවස්ථාවේ මට එක් දෙයක් සිහියට නැඟුණා.

“සමහරවිට සුධාරක සනීප වෙන එකක් නෑ.එයා මාව දාලා යයි.මට මේ පෙන්නුම් කරන්නෙ එහෙම දෙයක් වෙන්න පුලුවන්.”

පිළිගන්නට අකමැති වුවත් මෙවැනි බිමක බාධා ඇති වෙමින් මට සිහිපත් කරන්නේ ඒ කාරණාව විය යුතු බව මම සිතන්නට වුණා.වට පහක් පමණ ගමන් කරද්දී මගේ තොලකට වේලි ගොස් උගුරෙන් හඬ පිට වීම නැවතී මට ඉතා වෙහෙසක් දැනුණු අන්දම මට තවමත් මතකයේ තිබෙනවා.මා පිටුපසින් සවියක් වෙමින් පැමිණියේ සුධාරකගේ කාර්ය මණ්ඩලයේ දරුවන් කිහිප දෙනෙකු පමණයි.මගේ හිතේ ඇති වේදනාව වටහා ගනිමින් තමන්ට සහෝදරයන්ට,දරුවන්ට මෙන් ආදරය කරන තම ප්‍රධානියා රැක දෙන මෙන් අයදමින් ඔවුන් මා සමඟ පැමිණියා.

නමුත් සුධාරකගේ අම්මා හැසිරුණේ ඉතා පුදුම එලවනසුළු ආකාරයකටයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content