ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

උණුසුම් බරපතල රමණයක අතර මැද , ඔබේ මනෝභාවයන් හරිම උත්කර්ෂවත්. ඔබේ සහකරු කුමක් කළත් එය හරියට ම ඔබව උත්තේජනයට පත්කරනවා. ඉන්පසු , ඔබ ඔබේ සුරතාන්තයට ළඟා වෙන්නට ඔන්න මෙන්න , එකවරම ඔබ අවදි වෙනවා. ඔබ දැක තිබෙන්නේ සිහිනයක්….

ලිංගික අත්දැකීම් පිළිබඳ සිහින යනු ඔබට පෙනෙන අනෙකුත් සිහින මෙන්ම ජීවිතයේ ඉතාම සාමාන්‍ය සිදුවීමකි. සමහර අවස්ථා වල ඒවායින් ඔබ යම්කිසි අපහසුතාවයකට පත්වීමට පුලුවනි. නමුත් ඒවා සිහින පමණක් බව අප මතක තබා ගත යුතුයි.

මහාචාර්ය හෝලි රිච්මන්ඩ් මහතා පවසන පරිදි බොහෝවිට මිනිසුන් තමන් දකින ලිංගික සිහින පිළිබඳ පසුතැවිලි වන බව සඳහන් කරනවා. එසේ වන්නේ ඔවුන් තමන් සිහිනයෙන් දුටු දෙය ඇත්ත ජීවිතයේ තමන්ට කිරීමට අවශ්‍ය වූ දෙයක් ලෙස වැරදියට වටහා ගැනීම නිසායි. එම මහාචාර්‍යවරයා පවසන පරිදි එම සිහින වලට ඇත්ත ජීවිතයේ ආශාවන් හෝ ලිංගික අවශ්‍යතා සමග සම්බන්ධයක් නැහැ. සිහින ලෝකය තුළ සිදුවන දේවල් සිහින ලෝකය තුළ ම පවතිනවා. 

එසේ වූවත් , අනෙක් ආකාර වල සිහිනයන් මෙන්ම ලිංගික සිහින තුළත් වඩා ඉන් ඔබ්බට ගිය ගැඹුරු තේරුම් තිබිය හැකියි. විශේෂඥයින්ගේ අදහස් ඇසුරෙන් සියලු දෙනාම පාහේ පොදුවේ දකින ලිංගික සිහින කිහිපයක තිබිය හැකි අර්ථයන් පිළිබඳව මේ ලිපියෙන් අපි විමසා බලමු. 

කාර්‍යාල ප්‍රධානියා සමග ලිංගික හැසිරීම

නැහැ! ඔබ ඔබේ කාර්‍යාල ප්‍රධානියා සමග ලිංගික ව හැසිරෙනවා දැකීම ඔබට ඔහු හෝ ඇය සමග ලිංගිකව හැසිරීමට අවශ්‍ය බව කියාපාන්නක් නොවේ. ඒ වෙනුවට එයින් ඔබ සහ ප්‍රධානියා අතර ඔබට සුවපහසු නොවන ආකාරයේ බල ගතිකත්වයක අසමතුලිතතාවය ප්‍රකාශ වීමක් වීමට පුලුවනි. 

රිච්මන්ඩ් මහතා පවසන ආකාරයට මෙම සිහිනය ආකාර දෙකකින් දැකිය හැකිය. පළමු ආකාරය ඔබ ප්‍රධානියා කෙරෙහි පරපීඩක ලෙස හැසිරීමයි. මෙයින් ඔබට ‍රැකියාව තුල ඔහුගෙන් එල්ලවන පීඩනයට නැවත පෙරළා පීඩනයක් එල්ල කීරීම එහෙමත් නැතිනම් එය නොඉවසා පෙරලා ප්‍රතිචාර දැක්වීම ප්‍රකාශ වේ. දෙවන ආකාරය ඔබ ඔහු සමග යටහත් පහත් ලෙස ලිංගිකව හැසිරීමයි. මෙයින් ඔබ ප්‍රධානියා වෙත කෙලින්ම අභිමුඛ වෙනවා වෙනුවට ඔහු වෙත උදාසීන ආක්‍රමණශීලී හැඟීම් ඔබ තුළ තිබෙනා බව හඟවයි. 

ඔබ අකමැති අයෙකු සමඟ ලිංගිකව හැසිරීම

ඔබ ඔවුන්ට අකමැති ඇයි දැයි සිතන්න. ඔවුන් ඔබව ගණනකට ගන්නෙ නැතිද ? 
නැතිනම් ඔබට කතා කිරීමට අවස්ථාවක් නොදෙනවාද ? සමහරවිට ඔවුන් සමග සිටිද්දි ඔබට අනාරක්ෂිත බවක් දැනෙනවා විය හැකියි. අප බොහෝ විට පිලිගැනීමට අකමැති වූවත් අපි යම් කිසිවෙකුට අකමැති වන්නේ ඔවුන් සමග සිටින විට අපට අප පිළිබඳවම පහත් හැඟීම ඇතිවන නිසායි. සමහර ආකාර වලින් , ඔබේ අවිඥානයේ , ඔබ රමණයේ යෙදෙන ඔබ අකමැති පුද්ගලයා තුලින් අදහස් වන්නෙ ඔබේ නැති වූ බලය එහෙමත් නැතිනම් ධනාත්මක හැඟීම නැවත ඇති කරගැනීම සහ ඔබ ඔවුන් මත පෙරළා බලය පැතිරවීම විය හැකියි. 

ඔබේ පරණ පෙම්වතා සමග ලිංගිකව හැසිරීම 

ඔබේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය තවදුරටත් ඔබේ ජීවිතය තුළ නොමැති බව අවසාන වතාවට සිතුවේ කවදාද ? සමහර අවස්ථා වල ඔවුන් ඔබගේ සිහින තුළට ඇතුලුව ඔබව පුදුමයට පත් කරවයි. 

ඔබ මේ සිහිනය දුටුවේ ඔබේ සම්බන්ධතාවය බිඳවැටී ගිය අලුතක නම් එහි අදහස විය හැක්කේ ඔබ තවමත් එම සිදුවීම ඉක්මවා නොමැති බවයි. නමුත් ඒ පිළිබඳ කලබල වීමට හෝ කණගාටුවීමට හේතුවක් නැහැ. ඔබට ඉදිරියට යාම සඳහා අනිවාර්යයෙන්ම කාලය අවශ්‍ය වෙනවා. එලෙසම ඔබ මෙම සිහිනය දුටුවේ ඔබගේ සම්බන්ධතාවය බිඳවැටී බොහෝ කලකට පසුවනම් , කලබල විය යුතු නැහැ. එයින් ඔබට ඔවුන්ව නැවත අවශ්‍ය බව අදහස් වෙන්නෙ නැහැ. එය ඔබ දෙදෙනා අතර යම්කිසි නොවිසඳුණු අපැහැදිලි යමක් තිබුණ බවට ඔබට තිබෙන හැඟීමක් නිසාවෙන් විය හැකියි. සමහරවිට ඒ වෙන්වීම සිදුවූයේ විය යුතු හොඳම ආකාරයෙන් නොවීම නිසාවෙනුත් එකිනෙකා හුවමාරු කර නොගත් අසම්පූර්ණ අදහස් තිබූ බවට වූ හැඟීමක් නිසා විය හැකියි. 

ඔබ සාමාන්‍යයෙන් ලිංගිකව නොහැසිරෙන සමාජභාවි කෙනෙකු සමග ලිංගිකව හැසිරීම 

මෙයින් ඔබට අනන්‍යතා අර්බුදයක් තිබෙන බව හෝ නොයෙක් සමාජභාවී පුද්ගලයන් කෙරෙහි ආකර්ෂණයක් තිබෙන බව අදහස් වෙන්නේ නැහැ. නව්‍යතාව එහෙමත් නැති නම් අලුත් බව ලිංගිකත්වයේ බීජයයි. රිච්මන්ඩ් පවසන පරිදි අප බොහෝ දෙනෙක් ලිංගිකව අප ආකර්ෂණය වී සිටින සමාජභාවීන්ට පමණක් කොටු වී සිටියි. නමුත් අපගේ සිහින ලෝකය තුල මේ පුංචි ලෝකය මඳක් විශාලව දකින්නට , අලුත් දේවල් වලට දොරවල් විවෘත කිරීමට තැත් කරනවා. මෙවැනි සිහින පෙනෙන්නේ එහි ප්‍රථිපලයක් ලෙසයි. අපි පොර්නෝග්‍රැෆි බලන විට සිදුවන්නේත් මෙයයි. සමහරවෙලාවට පිරිමින් සමග පමණක් ලිංගිකව හැසිරීමට කැමති කාන්තාවන් පවා ලෙස්බියන් පොර්නොග්‍රැෆි බැලීමට කැමතියි. නමුත් බොහෝ වෙලාවට එවැනි සිහින අපගේ ෆැන්ටසිමය තත්වයක් පමණක් බව මහාචාර්යවරයා පවසනවා. 

ප්‍රසිද්ධ පුද්ගලයෙකු සමග ලිංගිකව හැසිරීම 

ලියනාර්ඩො ඩිකැප්‍රියෝ හෝ රන්වීර් සිං නැතිනම් දිපිකා පදුකෝන් හෝ කිම් කාර්ඩෙශියන් වැනි අයෙකු සමග ලිංගිකව හැසිරෙනු සිහිනයෙන් දැක අවදී වී එය සිහිනයක් පමණක් නිසාවෙන් අප බොහෝ දෙනෙක් කලකිරීමට පත් වී තිබෙන බව සැබෑවක්. මෙවැනි සිහින ඇත්ත බවක් පිළිඹිබු වීමට පුලුවනි. රිච්මන්ඩ් මහතා පවසන පරිදි ජිවීතයේ ඔබ පසුබෑමට ලක් වී තිබෙනා දේවල් සම්බන්ධයෙන් ඔබව බලගැන්වීම , විශ්වාසය ඇති කිරීම , දිරිමත් කිරීම මෙවැනි සිහින තුලින් සිදුවන බවයි.

ඉතින්, සිහින කියන්නේ සිහින ම නොවෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති.

Related Articles

Don't Miss


Latest Articles