අමුද්‍රව්‍ය දෙකෙන් ඉක්මනින් හදන අතුරුපස 5ක්

මේ දවස්වල පොඩ්ඩොත් එක්ක work from home කරන ඔබට නිතර නිතර පොඩි බඩගිනි එනවා නේද? ඒත් අනවශ්‍ය කැලරි සහ සිරුරට අහිතකර දෙයින් සිරුර පුරවා ගන්නට ඔබ කැමති නැතිවා සැකයක් නැහැ. ඒ වගේ ම ඕනෙ ඕනෙ වෙලාවට චූටි චූටි කෑම හදන්න හැම වෙලේ ම ගෙදර අමුද්‍රව්‍ය ඇත්තේත් නැති වෙන්න පුලුවන්. අද අපි ඔබට ගෙන එන්නේ අමුද්‍රව්‍ය දෙකක් පමණක් යොදාගෙන සකසන්නට පුලුවන් ස්නැක්ස් කීපයක්. මේවා අතුරුපස ලෙසත් ඔබට යොදාගන්නට පුලුවන්. 

  1. Banana Ice Cream

අවශ්‍ය වන්නේ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් සහ පීනට් බටර් හැන්දක් පමණයි. කෙසෙල් ගෙඩි කුඩා කැබලි සිටින සේ චොප් කර, පැය දෙකක් ශීතකරණයේ තබන්න. හොඳින් බ්ලෙන්ඩ් කර නැවත ශීතකරණයේ තබන්න. මෙසේ සිව් වරක් සිදු කරන්න. අවශ්‍ය ප්‍රමාණය බඳුනකට දමා පීනට් බටර් කැබලි කිහිපයක් උඩින් ඉස පිළිගන්වන්න. 

  1. Nutella Mousse

මේ ඉතා ම පහසු අතුරුපසක්. Nutella කප් බාගයක් සහ Heavy cream කප් එකක් පමණයි මේ සඳහා අවශ්‍ය වන්නේ. Heavy cream ටික soft peak එනතුරු මිශ්‍ර කරන්න. Nutella ස්වල්පය බැගින් එක් කර fold(දෙපැත්ත පෙරළමින් මිශ්‍ර කිරීම) කරගන්න. කුඩා බඳුන්වල දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබා ගෙන ආහාරයට ගන්න. 

  1. Chocolate Fudge

අවශ්‍ය වන්නේ ඩාක් චොක්ලට් ග්‍රෑම් දෙසීයක් සහ උකුකිරි ටින් බාගයක් පමණයි. ඩාක් චොක්ලට් ටික දිය කරගන්න. එයට උකුකිරි ටික එක් කර හොඳින් කලවම් කරන්න. තැටියක දමා සෙට් වනතුරු ශීතකරණයේ තබන්න. කෑලි කපා පිළිගන්වන්න. 

  1. Jelly Yogurt 

මේ සඳහා ජෙලි පැකට් භාගයක් සහ යෝගට් 200g පමණ අවශ්‍ය වෙනවා. ජෙලි ටික පැකට්ටුවේ සඳහන් අනුපාතයට අනුව ජලයේ දිය කරගන්න. කුඩා බඳුන් වලට දමා සෙට් වෙන්නට තබන්න. යෝගට් ක්‍රීම් වනතුරු කලවම් කර ජෙලි මත අතුරා නැවත සෙට් වෙන්නට තබන්න. 

  1. Coconut Macaroons

අවශ්‍ය වෙන්නේ දිසිඳි පොල් කෝප්ප තුනක් සහ උකුකළ ටින්කිරි කෝප්ප බාගයක් පමණයි. මේ ද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කරගන්න. හැන්දකින් එක සමාන ප්‍රමාණ වෙන් කර, තැටියක අතුරා ගන්න. විනාඩි 10ක් පමණ 175 C° උෂ්ණත්වයේ බේක් කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles