ලස්සන කුඩා ගෙවත්තකට ගැලපෙන සොඳුරු රෝසමල් වගාවක්

අද කාලයේ හැටියට ලොකු ගෙවත්තක් තබා ගැනීම සෑහෙන කාලයක් සහ මුදලක් වැයවෙනවා. ඒ වගේම බොහෝ දෙනාට තිබෙන්නේ කුඩා ගෙවතු. එනිසා මල් වගාව ප්‍රියකරන අයට හොඳම විසඳුම වනුයේ බඳුන්ගත වගාවයි. ඔබට ප්‍රියකරන අන්මින් සොඳුරු රෝසමල් වගාවක් මෙම ක්‍රමයෙන් ලබාගත හැකියි.

භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්. පළමුව අවශ්‍ය පස් මිශ්‍රණය සකසා ගත යුතුය. සිටුවීමෙන් පසු දින දහයක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්. එම කාලය තුළ දී සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුවේ. දියර පොහොර භාවිතයෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැක.

පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැළ සමඟ එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළුවශයෙන් යෙදීම වැදගත්වේ.  අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි.ඒ සදහා ගසේ මැදින් අඟල් 9ක පමණ  කැබැල්ලක් කපා ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුවේ. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ. පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.

මෙසේ සකස්කරගත් රෝසමල් වගාවක් ඔබේ කුඩා ගෙවත්තේ ලස්සන වැඩි කරගන්න වගේම ඔබේ මානසික සහනය වර්ධනය කරගන්නත් උපකාරීවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles