Button mushroom පාස්තා හදල බලමු

ඉතාලි ජාතිකයන්ගේ එදිනෙදා ජීවිතේ ආහාර පානවලට හිමි වෙන්නේ විශේෂ තැනක්. Pasta බොහෝදෙනා දන්නා ඉතාලි කෑම වර්ගයක්. මේ විවේකී වෙලාවක රාත්‍රී ආහාරයකට සුදුසු පහසුවෙන් සකසාගත හැකි පාස්තා වර්ගයක්..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බා ගත් පාස්තා 400g
  • පාන් පිටි 40g
  • නැවුම් කිරි (fresh milk) 500ml
  • ඔලීව තෙල්/ බටර් මේස හැදි 3-4ක්
  • Button mushroom 100g
  • Cheddar චීස් 200g
  • රස අනුව ලුණු
  • රස අනුව ගම්මිරිස් කුඩු
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

සාදා ගන්නා අයුරු:

පළමුව භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට බටර් ටික දමා ගන්න. බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ගින්දර අඩු කර එයට fresh milk ද එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ තබා ගනිමින් මිශ්‍ර කරගන්න. අනතුරුව චීස් එකතු කරගන්න. චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න. චීස් සෝස් එක උතුරා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න. Button mushroom ටික තෙල්/ බටර්, ලුණු සහ ගම්මිරිස් එකතුකර temper කර චීස් සෝස් ද එක්කර තම්බා ගත් පාස්තා වලට කලවම් කර ගන්න. අවසානයේ දී එයට උඩින් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ඉස උණුවෙන්ම පිළිගන්වන්න.

පාස්තා තැම්බීමේදී නටන උණු වතුරට ලුණු ටිකක් සහ තෙල් ටිකක් දමා පාස්තා එකතු කරගැනීමෙන් පාස්තා ඇලෙන සුළුවීම වළකාගත හැකියි. පාස්තා වර්ගය සහ හැඩය අනුව එය තැම්බීමට ගත වන වෙලාව වෙනස් වන අතර තැම්බීමට ගත වන කාලය පාස්තා පැකට් එකේ සඳහන් කර ඇත. කැමති නම් එළවළු, මස්, මාළු, බේකන් සොසේජ් වැනි ඕනෑම දෙයක් එකතු කර ගන්න පුළුවන්.  කෑලි මිරිස් ටිකකුත් එකතු කිරීමෙන් වඩාත් වෙනස් රසක් ලබාගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles