සුහදිනි -32

පසුගිය පැය කිහිපය තුළ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් දුටුවාදැයි අහස් ඇසී ය.එවැන්නක් සකී නුදුටුවා ය.ඔහු පුහුණුවීම් කරමින් මව් රටෙහි රැඳී සිටිද්දී ක්‍රිකට් තරග බැලීමේ උවමනාවක් සකීට සැබෑවටම ඇති නොවී ය.සුගිය දිනවල සිදුවූ සිදුවීමෙන් පසු ඇය වැඩි දුරට සමාජ ජාලා පරිශීලනය කරන්නට නොගියා ය.ඕනෑම මොහොතක ඇය  හා අහස් සිටින ඡායාරූපය කොතැනක හෝ විහිළුවක් වී තිබෙන්නට හැකියාවක් තිබේ.එතැන සිටින්නේ හදිසි ගැබ් ගැනීමක් නිසා කලබලයට පත් වූ යුවලක් බවට සමාජ ජාල පරිශීලකයන් පවසන අහස පොළොව නුහුලන අපරාධ කතාව අසන්නට සතියට සැබෑවටම ධෛර්යයක් නොවී ය.

එතැන සිටියේ පියවරු දෙදෙනෙකුගේ අසනීප මට්ටම් නිසා දැවෙමින් සිටි දරුවන් දෙදෙනෙකි!

කණ්ඩායමේ සිටින ජනප්‍රිය දක්ෂ ක්‍රීඩකයෙකුගේ නම පැවසූ අහස් ඔහු හදිසි ආබාධ තත්ත්වයක් ඇති කරගෙන ඇති බව තහවුරු කළේ ය.අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තරග සංචාරයට එක්වී සිටියද අහස්ට හදිසි කැඳවීමක් ලැබී තිබේ.

“මං ඌ තරම් දක්ෂත් නෑ අප්පා.රෑන්කින් වල මට වඩා සෑහෙන උඩකින් ඉන්නෙ.මට හිතෙනව මේ පාරත්…”

සකී වහා ඔහු වැළකුවා ය.

“ඔයා කාත් එක්කවත් ඔයාව සංසන්දනය කරන්න එපා.ඔයාට කාත් එක්කවත් තරගයක් තියෙනවා කියලා හිතන්නත් එපා.ඔයාට තරගේ තියෙන්නෙ ඔයා එක්කමයි.ඔයා හැමතිස්සෙම ඔයාවම පරද්දන්න.තවදුරටත් ඔයා ෆේල් නැහැ කියලා ඔයා ඔයාට ම ඔප්පු කරන්න.”

දැන් අහස්ට එය සනාථ කිරීමට උවමනා ඔහුට නොවේ,ඇයට ය.නමුත් ඈ ඔහුට ධෛර්යය දෙන බව අහස් දැන සිටියේ ය.එය ඕනෑවටටත් වඩා ප්‍රමාණවත් හැඟීමකි.

එහෙත් අහස් ඕස්ට්‍රේලියානු සංචාරයට හදිසියේ එක් කරගත් බව ඇසීම බොහෝ ක්‍රිකට් රසිකයන්ට සුභ පණිවිඩයක් නොවී ය.ජයග්‍රහණය පෙනෙන මානයේ තිබුණු තරගාවලියට අවාසනාව රැගෙන ඔහු යන බවට සමහරු සමාජ ජාලාවල ලියා තැබී ය.දකින ඕනෑම තැනක කෙල්ලෙකු සමග මුකුළු කරමින් සිටින ජීවිතය ගැන කිසිම බරපතලක් නැති සෙල්ලක්කාරයෙකු නැතුවට ඈත ගම්මානයක පාසල් දරුවෙකුට කණ්ඩායමේ ඔහුට ඇති අවස්ථාව ලැබිය යුතුම බවට කවුදෝ හෘද සංවේදීව ලියා තිබිණ.

“කොළඹට කිරි ගමට කැකිරි කියන කතාව ෆේස්බුක් ඉන්න උන් තරම් කවුරුත්ම අයාලේ යවන් නෑ බං.”

සමාජජාලාවල සංසරණය වන සමහර අසත්‍ය කතන්දර දෙස 

විස්සෝපයෙන් බලමින් සිටි සකී වෙත ආවේ සියුම් ය.ඔහු ඇය සමීපයේ ඉඳගත්තේ අනාරාධිතවම ය.අහස් බොහෝ අවස්ථාවල සකී අසල නොරැඳෙන්නෙකි.එනිසාම ඇය බාල සහෝදරිය බවට පත් කරගෙන ඇය රැක බලා ගැනීමේ වගකීම නිතැතින්ම තමන් අතට පත් වන බව සියුම් දැන සිටියේ ය.

“අහස් හරියන්නෙම නැති මනුස්සයෙක් කියමු.ඌ හරියන්නෙ නැත්නම් ඒක ලැබෙන්න ඕන ඒක ඊළඟට ලැබෙන්නම ඕන කෙනාට මිසක්කා ඈත ගමක දුප්පත් ළමයෙකුට කියන එකම..”

රටේ ඇති ඉහළම බාලක පාසලක ඉගෙනුම ලබන්නට ශිෂ්‍යත්වය නිසා අවස්ථාව ලද අන්දම සියුම් පැවසී ය.ඔහු ඕනෑතරමට අගහිඟකම් ද අසීරුතා ද දරාගත් දරුවෙකි.සියුම් වෙනුවෙන් ඕනෑම මොහොතක අහස් පෙනී සිටියද එවැනි මිතුරෙකු හෝ නොමැති අය ඕනෑතරමට සිටි බව සියුම් කියන්නේ හැඟීමබරව ය.

“ඇති නැති ළමයි ඕනෑ ඉස්කෝලෙක ඉන්නව.ඇතිවීම් නැති වීම් මේ වගේ රටක ඕනෙම එකෙක්ට පොදුයි.ඒත් හැම වෙලාවෙම දුප්පත් මනුස්සයෙක්ට චාන්ස් දීලා දුප්පත් මනුස්සයෙක් ගොඩ දාලා හැම තැනම දක්ෂයා හොයන්න බෑනේ.”

එහෙත් සමහර රියැලිටි වැඩසටහනක පවා දක්ෂයන් හැලෙන්නට ඉඩ දී තමන්ගේ ආර්ථික තත්ත්ව ගැන වේදනාත්මක කතා කියන සමහර අය ඉහළට යන අන්දම සකී ද සිහි කළා ය.සෑම තැනකටම එය ආදේශ කිරීම නරක බව සකීට සිතේ.

“මේ අපි අහස්ව තදින්ම අල්ලා ගන්න ඕන කාලයක් නංගි.අහම්බ චාන්ස් සමහර මිනිස්සු ඉහළටම අරන් යනවා.තවත් වෙලාවට පහළටම අරන් එනව.ඒ මොන දේ වුණත් අපි දෙන්නවත් එයාට ඉන්න ඕන.”

හොඳ මිත්‍රත්වයකට සහ හොඳ ආදරයකට කෙනෙකු ඉහළට ඔසවා තැබිය හැකි බව සකී ද හොඳින් දැන සිටි කරුණකි.දකුණත සහ වමත මෙන් සකී සහ සියුම් සිටියදී අහස්‍ට ඇද වැටෙන්නට ඉඩ නොදිය යුතු බව සකී තේරුම් ගෙන සිටියා ය.ඉතින් ඔහු මේ අවස්ථාව ජය ගත යුතුම වේ.

“එයා පරදින්නේ නෑ.”

සකීගේ හඬ සිහින් ය.එහෙත් අධිෂ්ඨානශීලී ය.අහස් නපුරු සිහිනයට දැන් ධෛර්යමත්ව මුහුණ දෙන අන්දම ගැන ඇය සිහි කරේ සැනසිල්ලෙනි.

“ඕනෑවට වඩා විශ්වාස කරාට මං ඔයාට මොකුත් කියන්නේ නෑ සකී.ඒත් ඒ ඕනෑවට වඩා විශ්වාසෙ අහස්ට බලපාන්න පුලුවන්.මෙච්චර කාලයක් එයාට ආදරේ කරපු අයත් එහෙම විශ්වාස කළා.ඒ විශ්වාසෙම අහස්ට නරක හිටපු තැන් ඕනෑවටත් වඩා වැඩි වුණා.”

සියුම් ඒ බව සකීට පවසන්නට කල් නොගත්තේ ය.අහස් කියන්නේ අතිශය සාර්ථක මිනිසෙකු බව සිතා ඔහුට සමීප වූ සාරණ්‍යා ඇතුළු බොහෝ ගැහැනු වේ.නමුත් ඒ කිසිවෙකුත් අහස්ගේ පරාජයන් දරා නොගත් බව කාට අමතකව ගියත් සියුම්ට අමතකව නොයයි.ඔවුන් හන්දා ඇති වූ රිදීම් දරා ගැනීමට අහස් අමතර වෙහෙසක් ගත් අතර එනිසාම ඔහුට කළ යුතුව තිබූ වැදගත් කටයුතු ඕනෑතරමට මඟ හැරී තිබේ.එවැන්නක් නැවත නැවත ඇති වන්නට ඉඩ දෙන්නට සියුම්ට අපහසු ය.

“මම එයාව දිනවන්න හදන්නෙ විශ්වාසෙන්ම තමයි අයියෙ.එයාගෙ ටැලන්ට් එක දේවල් දෙන්නෙ අපිට නෙවෙයි එයාටයි කියලා අහස් තේරුම් ගන්න ඕන.එයා ටැලන්ට් එක අපතේ දාන්න ඕන නැති කෙනෙක් කියලා එයා තේරුම් ගන්නත් ඕන.එයා හැම වෙලාවකම දිනුවෙ නැතත් අපි එයා එක්ක ඉන්නවා කියල එයා තේරුම් ගන්නත් ඕන.රටටම එයා එක්ක ඉන්න බැරි වෙයි.ඒත් අපිට එයා එක්ක ඉන්න පුලුවන්.”

සකී අධිෂ්ඨානශීලි ප්‍රේමවන්තියකි.ඒ හැරුණු විට ඇය ඕනෑම මොහොතක අත නොහරින වර්ගයේ කෙල්ලකි.ඇය අහස්ව ඔහුගේ අරමුණු වෙත රැගෙන නොයාවිදැයි සියුම් නැවත නැවතත් සිතන්නට පටන් ගත්තේ ය.

(දිග කොටසක් හෙට.මේ කොටස තරමක් කෙටි වීම ගැන සමාවෙන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles