මේ ආත්මය වෙනුවෙන් මේ ප්‍රමාණවත් – Sita Ramam (2022)

කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න.”

සීතා රාම් ආදර කතාව මේ දිනවල malayalam චිත්‍රපට රසිකයින්ව කම්පනයට හා මෝහනයට පත් කරමින් සිටිනවා.ආදරය එතරම්ම ඉසියුම් විය හැකිදැයි යළි යළිත් සිතන්නට බලකෙරෙන Sita Ramam (2022) ඉතා දුක්ඛිත ආදර කතාවක් ලෙසයි කියවෙන්නේ.

ආසියාතික යුවතියන්ගෙන් සිහින කුමාරයෙකු වන දුල්කර් සල්මන් සහ තෙලිඟු සිනමාවට හඳුන්වාදෙන නිළියක් වන මෘනල් තාකුර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.ප්‍රධාන නළු නිළි යුවළක් අතර ඇතිවිය යුතු රසායනය ඔවුන් දෙදෙනා අතර ඉහළින්ම පවතින බවයි ප්‍රේක්ෂක සහ විචාරක මතය වන්නේ.  

රාම් තමන්ගේයැයි කිසිම කෙනෙක් නැති සෙබළෙක්.තනිකඩ වීම නිසා ඕනෑම තැනකට බියකින් තොරව ඉදිරිපත් වීමට ඔහු පුරුදුව සිටිනවා.හදිසියේ ඔහුට ලියුම් මල්ලක් ලැබෙනවා.ඒවා ලැබෙන්නේ කොහොමදැයි ඔබ චිත්‍රපටිය නරඹා දැන ගත යුතු වන ඒ ලියුම් අතර ඔහුට අදහා ගන්නට බැරි ලියුමක් ද තිබෙනවා.

ආදරණීය රාම්,

ඔයාට කවුරුවත් නැද්ද? ඇයි ඔහොම බොරු කියන්නෙ? ඔබේ නමින් තැල්ල පලන්දාපු බිරිඳක් ගෙදර සිටිනවා කියලා අමතක උනා වගේ ඉන්නේ ඇයි..”

ඒ විදියට ඇරඹෙන ලියුම අවසන් කරන්නේ මීට සීතා මහා ලක්ෂ්මී යනුවෙන් ලියා තබමින්.

ලියුම රාම්ට සංකල්පනා බොහෝමයක් රැගෙන එන්නට සමත් වෙනවා.කුතුහලය වැඩි කරමින් දිගින් දිගටම ඔහුට ලියුම් ලැබෙන්නට පටන් ගන්නා අතර ඒ ලියුමෙ වූ කෙනෙකුගේ ලිපිනයද සඳහන් වන්නේ නැහැ.

එක් දිනක් එක් ලියමනක් හරහා ලැබෙන සාක්ෂියක් හරහා ඔහු සීතාව සොයන්නට පිටත්ව යනවා.චාරිකාව නවතින තැන මට චිත්‍රපටිය නරඹා දැන දැන ගන්නට සිදු වෙනවා.

මේ චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආදරේට ලක්වන්නේ පළමු තත්පරයේ සිට අවසන් තත්පරය දක්වාම කුතුහලය එක ලෙස පවත්වාගෙන යාම නිසා.සොඳුරු මලයාලම් සිනමාවට නැතුවම බැරි සුන්දර ගීත මේ චිත්‍රපටය පුරාම අඩංගු වෙන අතර ඒවාද ඉහළ ප්‍රේක්ෂක රසාස්වාදය දිනාගෙන තිබෙනවා.ඉන්දියාවේ ඇති සුන්දරතම ස්ථාන මේ චිත්‍රපටිය රූගත කරන්නට යොදාගෙන ඇතැයි ප්‍රේක්ෂකයන්ගේ අදහස වන්නේ.

මෙය 1985 වසර පදනම් කරගෙන නිපැයු චිත්‍රපටයක්.නමුත් එහි කතාව ඇත්තේ 1965 වසර සම්බන්ධයෙන්.මෙහි ලුතිනන් රාම් යනු සැබෑවටම ජීවත් වූ චරිතයක් බව පැවසෙනවා. 

මේ වෙද්දීද කෝටි අසූව ඉක්මවමින් බොක්ස් ඔෆිස් වාර්ථා තබන්නට Sita Ramam සමත් වී අවසන්.

  ඔබේ අවසාන බලාපොරොත්තුව වූ පුද්ගලයාගේ මුහුණ ඔබට කිසි දිනෙක අමතක නොවේ!

මාසයකට රුපියල් හයසීයක් පමණක් උපයන සාමාන්‍ය සෙබළකු වෙනුවෙන් සෑම දෙයක්ම අත්හරින්නට තීරණය කළ මහා රාජිනිය නූර් ජහාන්,ප්‍රේමය සම්බන්ධයෙන් ඔබට වටිනාම පාඩමක් උගන්වනු ඇති.

නැරැඹිය  යුතු ම චිත්‍රපටය සමහර චිත්‍රපටි නම් කරන්නට පුළුවන්.මේ එවැනි චිත්‍රපටියක්.මේ සත්‍ය කතාවක නිර්මාණයක් බව සිහියේ තබාගෙන නැරඹීම ඔබේ හදවත තවත් මෙයට අලවා ගන්නට හේතු වේවි.

මේ ආත්මය වෙනුවෙන් මේ හොඳටම ප්‍රමාණවත්දැයි Sita Ramam නරඹා තීරණය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles