පෙම්වතිය මරා කැබලි වලට කැපූ පෙම්වතා

Delhi Fridge Murder කියන්නේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය සිදුවීමක්.ඉන්දියාව පමණක් නොව ලෝකයම කළඹමින් තිබෙන ඝාතනයක්.

අෆ්තාබ් අමීන් පූනවාලා සහ ශ්‍රද්ධා වෝකර් පෙම්වතුන් යුවළක්.ඔවුන් එකට ජීවත් වූ අතර පහුගිය මැයි මාසයේදී දිල්ලියේ මෙහ්රවුලි ප්‍රදේශයට සංක්‍රමණය වී තිබුණා.

අෆ්තාබ් සමාජ ක්‍රියාකාරියෙකු Cookery Videos කළ Instagram Influencer කෙනෙකු වුණා.

Dating App එකක් මඟින් හමු වී ශ්‍රද්ධාට ආදරය කළ අෆ්තාබ්ට එවැනිම තවත් සබඳතා තිබූ බව කියවෙනවා.ඔහු තරුණියන් සමඟ වෙනත් සබඳතා පැවැත්වීම ගැන ඇය කෝපයෙන් හිඳ තිබෙනවා.ඒ නිසා ඇය ආදරය සහ උනන්දුව අඩුවී ඇතැයි ශ්‍රද්ධා නිරන්තරයෙන් පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම ඇයට ඉක්මනින් විවාහ වීමට ද උවමනා වී තිබෙනවා.මේ නිසා ඇති වූ ගැටුමකදී අෆ්තාබ් අතින් පෙම්වතිය මිය යනවා.

ඒ මැයි මාසයේ දී යි

එය ඉතා බිහිසුණු ඝාතනයක්.පහර දී මරා දැමූ පෙම්වතියගේ සිරුර සැඟවීමට අෆ්තාබ්ට අවශ්‍ය වනවා.ඔහු පුහුණු සූපවේදියෙක්.ඒ නිසා සිරුර කොටස් කරන්නට අපහසු වී නැහැ.පෙම්වතියගේ සිරුර කොටස් තිස් පහකට කපා දමන්නට අෆ්තාබ් අපරාධය සඳහා යොදාගත් පිහිය තවමත් සොයාගෙන නැහැ. ඔහු දින 18 ක කාලයක් තිස්සේ සිරුරේ කොටස් Mehrauli වනාන්තරයට විසි කර තිබෙනවා. සැකයෙන් වැළකීම සඳහා ඔහු පාන්දර දෙකට පමණ සිරුරේ කොටසක් පොලිතීන් බෑගයක දමා නිවසින් පිටවීමට පුරුදුව සිටි බවයි අනාවරණය වෙන්නේ.වරින් වර කොටස් ඉවත් කරන තුරු අනෙක් කොටස් ගබඩා කරන්නට ඔහු විශාල ධාරිතාවයක් ඇති ශීතකරණයක් මිලට ගෙන තිබුණා.ඒ වගේම දුර්ගන්ධය වැළක්වීමට ඔහු තම නිවසේ සුවඳ දුම් කූරු දල්වා තිබෙනවා.

ඇය ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීමට අෆ්තාබ් ජුනි මාසය දක්වා ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම භාවිතා කළ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.ඔහු ඉන් ඇගේ මිතුරියන් සමඟ සංවාද පවා පවත්වා තිබෙනවා.

ශ්‍රද්ධා අතුරුදහන් බවට පියා පොලිස් පැමිණිල්ලක් කරන්නේ ඉතා මෑතකදී.ඒ ඇය ගැන කිසිම තොරතුරක් නැති නිසාවෙන්.අෆ්තාබ්ගේ සම්බන්ධය නිසා පියා සහ දියණිය අතර බැඳීම නැතිවී ගොස් තිබුණ ද දිගු කාලයක් තිස්සේ දියණිය ගැන කිසිම තොරතුරක් නැතිවීම නිසා තමයි පියා විසින් පැමිණිල්ල දමන්නට හේතු වී තිබෙන්නේ. විමර්ශන අතරතුර ආෆ්තාබ් අත් අඩංගුවට ගැනෙනවා.ඔහුගෙන් කිසිම තොරතුරක් නොලැබුණු නිසා narco test කරන්නට සිදු වූ බව කියවෙනවා.මෙය අතිශය දුර්ලභ පොලිස් ප්‍රශ්න කිරීමක්.සැකකරු මත් කරවා ප්‍රශ්න කරන්නක් වන මෙය භාවිතා කරන්නේ සාක්ෂි ලබා ගැනීම කළ නොහැකිම අවස්ථාවකයි.ඉන් මේ බිහිසුණු අපරාධය හෙළිදරව් වුණා.

උසාවියේ නීතිඥයන් බහුතරයකගෙන් අෆ්තාබ් එල්ලා මැරීමට අවශ්‍ය බව කියා බරපතල විරෝධයක් නැගී තිබෙනවා.ඔහු ඝාතනයට භාවිතා කළ සමහර දේ තවමත් සොයාගෙන නැති නිසා අවසන් තීරණය තවම ප්‍රකාශයට පත් වී නැහැ.එහෙත් මිනීමරු ඔහු බවට තහවුරු වී අවසන්.ශ්‍රද්ධාගේ සිරුරු කොටස් කිහිපයක් වනාන්තරයෙන් සොයාගෙන ඒවා DNA පරීක්ෂාවක් මඟින් ඇගේ බව තහවුරු කරගෙන තිබුණා.

අෆ්තාබ් මේ බිහිසුණු ඝාතනය කරන්නට අන්තර්ජාලයෙන් කරුණු එක්රැස් කරගෙන තිබෙනවා.Dexter නම් Tv Series එක හරහා ඔහු සිරුර කොටස් කරන ආකාරය ඉගෙන ගත් බව සඳහන්.අෆ්තාබ් උගත් තරුණයෙක්.පෙම්වතිය ඝාතනය කර ඇගේ මුහුණට ගිනි තබා සිරුරට හානි කර එය කොටස්වලට කපා දමන්නට තරම් ආවේගයකින් ඔහු වෙළී යන්නට එකම හේතුව ටෙලිකතාදැයි හරියටම කියන්නට බැහැ.නමුත් දැන් සියල්ල සිදුවී අවසන්.

Delhi Fridge Murder මේ මොහොතේ ද ලෝකය කළඹවමින් තිබෙනවා. අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වෙනතුරු හැම කෙනෙකුම නොඉවසිල්ලෙන් බලා හිඳින්නේ තරුණ ඝාතකයා ගැන දැඩි අප්‍රසාදයකින් බව නොකියාම බැහැ.

ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලෝකයෙන් තුරන් වීමට පැතීම මිස මෙවැනි සිදුවීම් වලදී අපට ප්‍රාර්ථනා කරන්නට වෙන දෙයක් නැහැ.මලක් පිපෙන්නේ තැලී පොඩි වී පරව යන්නට නොවේ! ශ්‍රද්ධා,ඔබේ ආත්මයට සැනසීම ලැබේවා!!

Related Articles

Don't Miss


Latest Articles