අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස සේවය කළා ඩයනා කුමරිය සහ කේට් මොස් වැනි කීර්තිමත් පුද්ගලයින් හමුවූ ඇගේ වෘත්තිය ජීවිතය අතිශය සාර්ථක එකක්.

කෙසේ වෙතත්, ඇයගේ ලොකුම ප්‍රීතිය පැමිණියේ ඇයට වයස අවුරුදු 50 දී. ඇය ලයිලා රේ ක්ලාක් නම් සුන්දර දියණියක් බිහි කළ අතර එය ඇගේ හොඳම තීරණය බව හෙළි කළා ඇගේ වයසේදී සින්ගල් මාම් කෙනෙක් වීම ගැන ඇයගේ විශ්වාසය තිබියදීත්,කිසිවෙකුත් ඒ තේරීමට සහාය දුන්නේ නැහැ.

කෙලීට සැමවිටම පවුලක්  අවශ්‍ය වූ නමුත් කාලය කිසි විටෙකත් ඇයට උදව් කළේ නෑ.ඇය කාර්යබහුල ගැහැනියක්.ඇගේ මිතුරන් සියල්ලෝම විවාහ වී දරුවන් ලබද්දී ඇය ඉතා කාර්යබහුල වී වෙනත් මාර්ගයක් තෝරා ගත්තා.නමුත් ඇයට පවුලක උවමනාව දිගටම දැනෙමින් තිබුණා.

කෙලීට ඇගේ වයසේදී ගැබ් ගැනීමට ප්‍රමාද වැඩියි කියා බොහෝ අය උපකල්පනය කළා.ඒත් ඇය ඒවා වැරදි බව ඔප්පු කළා. කෙලී IVF ප්‍රතිකාර සඳහා ග්‍රීසියට පියාසර කළේ ඒ නිසාඑහිදී ඇය ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු හමුවී මාතෘත්වය කරා යන ගමන ආරම්භ කළා.

සින්ගල් මාම් කෙනෙකු ලෙස යන මේ ගමනේ ඇය තමන්ගේ ශක්තිය දැඩිව විශ්වාස කළා.කෙලී ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් විට,ඒ ගැන ඇය උද්යෝගිමත් වූ නමුත් සෑම කෙනෙකුම ඇගේ සතුට බෙදා ගත්තේ නැහැ. ඇගේ පවුලේ අය කනස්සල්ලට පත්ව සිටි අතර තනිවම සහ වයස පනහේදී දරුවෙකු ලැබීමට ඇය ගත් තීරණය අනුමත කළේ ද නැහැ.

කෙලීගේ හද කම්පා වූ අතර ඇගේ ආදරණීයයන් ඇයව ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනීම ඇයට දරා ගත නොහැකි වුණා. කෙසේවෙතත්, ඇය මවක් වීමට සුදුසු කාලය මෙය බව ඇය විශ්වාස කළ නිසා ඇය ඉවසා සිටින්නට තීරණය කර තිබුණා.

2021 මාර්තු මාසයේදී ඇය Lyla Rae බිහි කළ සැණින් කෙලීගේ මුළු ලෝකයම වෙනස් වුණා. ඇය නිවැරදි තීරණයක් ගත් බව ඇය දැන සිටියා.අම්මා කෙනෙකු වීම ගැන ඇයට තිබූ සුන්දරම සිහිනය සැබෑ වූවා. කෙලී දුටුමතින් ලයිලාට ආදරයෙන් බැඳුණු අතර ඇය මෙසේ ප්‍රකාශ කළා.

“ඒක ඇත්තටම මුලින්ම බැලූ බැල්මට ඇති වූආදරයක්. ඒක ආශ්චර්යයක්. මම කවදාවත් හිතුවේ නැහැ මට දැනෙන විදිහේ ආදරයක් මට දැනෙනවා කියලා.”

පනස් හැවිරිදි කෙලී ඇගේ පරිණතභාවය නිසා ඇයට හොඳම මව විය හැකි බව විශ්වාස කළා: 

“දැන් මට සංචාරයේ සහ සාදවල යෙදීමේ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ලයිලා රේ වැඩෙන සෑම මිනිත්තුවක්ම නැරඹීමේ අවශ්‍යතාවය මට දැනෙනවා.මට අවශ්‍ය එච්චරයි.”

ඇය ඉතාම ආදරයෙන් පවසනවා.

කෙලීගේ ආදරණීයයන් මුලදී ඇය මවක් වීමට ගත් තීරණය ගැන කනස්සල්ලට පත්ව සිටියත් දරුවා පැමිණි පසු ඔවුන්ගේ අදහස් වෙනස් වුණා.කෙලී ඔවුන්ගේ ඇදහිය නොහැකි සහය සඳහා කෘතඥ වෙනවා, “ඔවුන්ට වඩා හොඳ පවුලක් තියෙන්න බෑ” යනුවෙන් සඳහන් කරන්නට කෙලී අමතක කර නෑ.

කෙලී තම දියණියට මවක් ලෙස මඟ පෙන්වීමට උනන්දු වන අතර, ඇය වැඩෙන විට දැරියගේ ජීවිතය නඟා සිටුවීම සඳහා ඇගේ ජීවිත අත්දැකීම් මත විශ්වාසය තබනවා. 

“මම කළ දේ ගැන මම සෑහීමකට පත්වන බැවින් මට ඇය කෙරෙහි පමණක් අවධානය යොමු කළ හැකියි. සෑම කෙනෙකුගේම තීරණ වෙනස්.මම මගේ පවුල ආරම්භ කළ ආකාරය ගැන මට හැඟෙන්නේ එපමණයි.”

කෙලී තම කුඩා දැරිය තනිවම ඇති දැඩි කිරීම ගැන සතුටු වෙනාඅ. පියෙකු නොමැති නිසා වැඩි නිදහසක් සහ එකඟ නොවීම් අඩු බව ඇය පවසනවා. කුඩා ලයිලා රේට ඇගේ නැන්දා, ඥාති සොහොයුරියන් සහ ආච්චිලා සීයලාගේ ආදරය හා මැදිහත්වීම තිබීම ප්‍රමාණවත් බවයි කෙලීගේ අදහස 

තම දියණියගේ පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් විවෘතව හා අවංකව කටයුතු කරන බවත්, ඇය වැඩුණු පසු ඒ ගන තොරතුරු බෙදාහදා ගන්නා බවත් කෙලී හෙළි කළා. සියල්ලටම වඩා, කෙලී සතුටු වූයේ තම දියණිය තමාට අවශ්‍ය සහ ආදරය කොපමණ දැයි දැන තේරුම් ගැනීමයි.

“එක දෙයක් සහතිකයි, ලයිලා දන්නවා ඇයට මම ආදරය කරන බවත් මට ඇයව කොතරම් අවශ්‍යද කියලාත්- ඇය දන්නවා මම ඇයව මගේ ලෝකයට ගෙන ඒමට ගිය දු‍රක් ඇති බව.”

කෙලී සොම්නසකින් පවසනවා.

ජීවිතය තුළ අපට විවිධ තෝරා ගැනීම් තිබෙනවා.මවක් වීම ද තෝරා ගැනීමක්.වයස හෝ කිසිවක් එයට බාධාවක් කර නොගන්නා හැම ගැහැනියකම වෙනුවෙන් කෙලී පෙනී සිටින බව නොකියාම බැහැ.

Related Articles

Don't Miss


Latest Articles