සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා බියක් නො දැනෙන අපූර්ව දවස් පසු කිරීම ඇයට සහනයකි.

“ඔයා එක්සෑම් ලියන වෙලාවේ මට මැච් එකක්.”

අහස් තීරණාත්මක මොහොතක එසේ ලියා එවා තිබිණ.

“මට වෙන්න පුළුවන් නරකම දේ රිපීට් වෙන එක.ඔයාට වෙන්න තියෙන නරකම දේ බෙන්ච් එකට වෙන්න වෙන එක.ඒ මොන දේ වුණත් අපි දෙන්නගෙ ජීවිත නතර වෙන්නෙ නෑ.”

අහස් ඉලංගසිංහ අසාර්ථක වන වාරයක් පාසා නොදන්නා දෙවියන්ට යාඥා කරමින් ගෙවා ගත් පීඩනය පිරුණු දවස් සකීට සිහි වේ.ඕනෑම මොහොතක ඕනෑම දෙයක් විය හැකි ඉසව්වක් තෝරාගෙන සිටින ඔහු සාර්ථකත්වයත් අසාර්ථකත්වයත් එක ලෙස දරාගත යුතු බව දැන් සකී විශ්වාස කරන්නී ය.ඒ හන්දා ඇය වෙත නොවේ.

විභාගය සකීට පහසු නොවී ය.පිළිතුරු ලියා අවසන්ව ශාලාවෙන් පිටතට යන්නට සැරසෙද්දී කිසිම මුහුණක් හොඳ මට්ටමක නැති බව ඇය දුටුවා ය.

“ඒ පේපර් එක පුදුම අමාරුවක්නෙ.ඇයි බං අපිට මෙහෙම වුණේ.”

මිතුරියක එසේ කියමින් උරහිසේ හැපෙද්දී විභාගයේ වේදනාව අමතක කරමින් දුරකථනයට එබුණු මිතුරෙකු සකී දෙස බැලුවේ ඇද කර ගත් මුහුණකිනි.

“අද හෙනහුරා පාත් වෙලා ඉන්නේ ඔයාට විතරක්නම් නෙවේ සකී.”

ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වී යද්දී සකී ඒ ගැන තේරුම් ගත්තා ය.ඔවුන් දෙදෙනා අතර ඇති පහදන්නට නොතේරෙන ආත්මීය බැඳීම අනුව අද දවස අහස්ට ද පහසු එකක් වන්නේ නැත.

“අපේ එක්සෑම් නම් යකාට ගියාවේ කියමුකො.අයර්ලන්තෙ එකම ප්ලේයර් කෙනෙක්වත් අවුට් කරගන්න බැරුව ලකුණු එච්චර ගානක් පූජා කරා කියන්නෙ ඉතින්  අහස් ඉවරයි.”

කාලයකට පසු රන්මිණිගේ කටහඬ අවදි වී තිබේ.සකී වෙනදා මෙන් වෙව්ලන දෑත් සහිතව වචන අහිමිව නොසිටියා ය.ඇයට කියන්නට දෙයක් තිබිණ.

“අපි එක වතාවක් අසාර්ථක වුණා කියලා කිසිම දවසක ජීවිතේ ඉවර වෙන්නෙ නෑ.හැබැයි එහෙම කරන්න ඕනේ තරම් අය බලාගෙන ඉන්නවා කියලා තේරුණාම ජීවත් වෙන එක හරිම ලේසියි.”

මේ ඔවුන්ගේ දවස නොවේ! 

සකී එපමණක් සිතුවා ය.

“අද අපි ඔක්කොම සබ්ජෙක්ට් එක අනලා කෑවා කියලා මට හිතෙන්නේ.ඒ වගේ තමයි අද අපේ ක්‍රිකට් ටීම් එකටම සම්පූර්ණයෙන්ම අවුල් දවසක්.කිසිම කෙනෙක් හොඳට ප්ලේ කරේ නෑ නේ.”

නිම්නා නවාතැනට එන අතර එසේ පැවසුවේ සකීගේ මානසිකත්වය නඟා සිටුවන්නට ය.නමුත් ඉතා කුඩා හේතුවලට පවා සසැලෙන සකී කෙනෙකු වෙනුවට එතැන සිටියේ මහමෙර වුවත් හිසින් දරා ගන්නට නොබිය යුවතියකි.

“මම හිතන්නෙ සමහරවෙලාවට අපේ සමහර බයවල් නැති වෙන්නේ ඒ අවස්ථාවලට මූණ දෙන්න වුණාම.ගඟට බහිනකම්ම පීනන බය ඇරෙන්නේ නෑ වගේ.”

විභාග කියන්නේ ශිෂ්‍යත්ව පන්තියේ සිටම හඹා එන රකුසෙකි.ඒ රකුසා මිතුරු වූ අවස්ථා පවා සකීට තිබේ.නමුත් අහස් ගැන සිතමින් බිය වූ දවස් දැන් ඇයට නැත්තේ ඔහු ඇයගේ වූ හන්දා ය. රිදෙන බිඳෙන ඔහුට හිත හැදෙන්නට වචනයක් හෝ කියාගන්නට තිබුණානම් මොනතරම්දැයි ඈ ඒ දිනවල සිතුවා ය.නමුත් දැන් පීඩනය සිඳී යන තුරුම ඔහුට ඇය සමඟ කතා කරන්නට ඉඩ තිබේ.සකීගේ මුදු ඇඟිලි තුඩුවලින් හිස පිරිමැදෙද්දී සියලු වේදනා අතුරුදහන් වී යන බව කියන්නේ අහස් ය.

” පාඩම් කරා කරා කිව්වට කරපු පාඩමක් නෑ කියලා තේරුම් ගියේ පේපර් එක දැක්කම.ඒ සබ්ජෙක්ට් එක ලේසිනේ කියලා ලොකුවට ඔලුවට ගත්තෙත් නෑනෙ”

සකී එසේ කියද්දී ඒ ඇය ඇයටම කළ චෝදනාවක් නොවන බව අහස් තේරුම් ගත්තේ ය.ඇතැම්විට උග්‍ර නාග විෂකට වඩා වැඩි හානියක් කරන්නට කුඩා කඩියෙකුට හැකියාවක් තිබේ.

උත්සාහය සහ කැපවීමට නෙළා ගන්නට බැරි දෙයක් නොවේ.සකීගේ ඊළඟ ප්‍රශ්න පත්‍රයට ඇය මුහුණ දුන්නේ ඉතා පහසුවෙනි.අහස් සිටියේ ඉන්දියානු පිල සමඟ තරගයක ය.මනා පිළිතුරු ලිවීමකින් පසු සකී නිම්නාගේ අත අල්ලාගෙන කොරිඩෝවක් දිග ඇවිද එද්දී සියුම් දිව ආවේ ය.

“සූරිය කුමාරයයි කෝලියි දෙන්නම ඉවරයි.අහස්ට අද ලොකු අත්තම්මා වැහිලා මං හිතන්නෙ.උඹලා මොකෝ කියන්නෙ.යංද මැච් එක බලන්න.”

සකීගේ පිළිතුර නාසාම නිම්නා වහා එකඟ වූවා ය.බලන්නට වටිනා තරඟයක් මඟ හැර ගන්නට සකීගේ ද අකමැත්තක් නොවේ.

“අද උදේ ඉඳන් මෙයාගේ මූණ එළිය වෙලා තිබ්බ හැටියට මම හිතුවා අද අහස් කෝලිට විනාඩියක්වත් ඉන්න දෙන එකක් නෑ කියලා.”

නිම්නා එසේ කියද්දී සියුම් නැගණිය දෙස බලා හිනැහුණා ය.

“මගේ මූණේ එළිය නෙවේ.ඒ අහස්ගෙ කැපවීම.”

ඔහුගේ සාර්ථකත්වය සහමුලින්ම උදුරා ගන්නට ඇයට නුවුමනා ය. ඒ ඔහුගේ ගමන ය.සෙවණැල්ල මිසක වෙනත් අන්දමකින් එහි රැඳෙන්නට සකීට නුවුමනා ය.

තව තරග කිහිපයක්ම වේ.එහෙත් තරගාවලියේ වීරයා වෙන් වන්නේ ඔහු නමට බව සකී විශ්වාස කළා ය.

(අහස්ටත් සකීටත් ආදරය කරන මිතුරියනි, ආදරේ අරන් SmartLady ලෙස අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.උදව් අවශ්‍ය දරුවන් පිරිසකට උදව් කිරීමයි අපේ අරමුණ.මේ ආධාර බාර ගන්නා අවසාන දින කිහිපයයි.ඔබට මූල්‍ය ආධාර සහ බිස්කට්ස්,නූඩ්ලස් ලබා දෙන්නට පුලුවන්.070 347 5896 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් තබා හෝ ඇමතුමක් ලබා දී විස්තර දැන ගන්නට පුලුවන්.හැකිනම් අපි සමඟ එක් වෙන්න.ඒ වෙනුවෙන් අතිශය කාර්යබහුල මොහොතක මේ ආදරය ලියා තැබීම සීමිත වීම සහ ප්‍රමාද වීම වෙනුවෙන් සමා වෙන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles