ඓතිහාසික වටිනාකමින් යුතු පෙම් හසුන් ලියූ ප්‍රේමවන්තයන්

අපට ලැබෙන වර්ෂාව සහ හිම කැට වර්ෂාව සමඟ මේ සුන්දර සිසිල් කාලගුණය ඔබට එවන්න මම කැමතියි. පුංචි හිම කැටයක පවා කිසිම හානියක් කරන්නේ නෑ”

ඩේවිඩ් සී හර්ඩ් 1914 මාර්තු 16 දී  ජැමෙයිකාවේ සිටින  ඔහුගේ පෑන මිතුරිය  අව්රිල් කැටෝ වෙත එසේ ලියා යවනවා.

ඩේවිඩ් සී හර්ඩ් ජැමෙයිකානු සංක්‍රමණිකයෙක් වූ අතර ඔහු 1907 දී වයස අවුරුදු විසි දෙකේදී බෘක්ලින් වෙත පැමිණියා. ඔහු එවකට අප්‍රිකානු ඇමරිකානු සහ බටහිර ඉන්දීය සංක්‍රමණික ප්‍රජාවක් පදිංචිව සිටි Borough Hall අසල Myrtle Avenue හි පදිංචි වුණා. ඔහු බෘක්ලින්හි ෆෝට් ග්‍රීන් සහ ක්‍රවුන් හයිට්ස්  ප්‍රදේශවල හා විවිධ ස්ථානවල ද ජීවත් වූවා. ජැමෙයිකාවේ ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබූ හර්ඩ් බෘක්ලින්හි මැහුම්කරුවෙකු, තටාක ශාලාවක භාරකරුවෙකු, ස්ටීම් බෝට්ටුවක නාවිකයෙකු සහ සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි නියෝජිතයෙකු ලෙස රැකියා ගණනාවක් කළා. ඔහු ලියූ මේ ලිපි, පර්යේෂකයන්ට නිව් යෝර්ක් හි ජීවත් වන ජැමෙයිකානු සංක්‍රමණිකයෙකුගේ ජීවන රටාව මෙන්ම 20 වන සියවසේ මුල් භාගයේදී ඇමරිකාවේ සහ ජැමෙයිකාවේ ජීවිතය පිළිබඳ ඔහුගේ සංසන්දනාත්මක අධ්‍යනයන් ගැන අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලබා දෙනවා.

මෙම ලිපි එකතුවේ විශේෂත්වය වන්නේ ඔහු එවකට ජැමෙයිකාවේ සිටි ඔහුගේ අනාගත බිරිඳ වන Avril Cato වෙත ලියූ ලිපි පහළොවක්

ඒ ලිපිවල ඔහු තම රැකියාව සහ සංක්‍රමණිකයෙකු ලෙස ඇමරිකාවේ ජීවත් වීම ගැන සාකච්ඡා කළා.ඔහු Avril කෙරෙහි ඇති ඔහුගේ සෙනෙහස සහ ඔවුන්ගේ විවාහ සැලසුම් ගැන ද සූක්ෂ්ම ලෙස ලියා තිබුණා.

හර්ඩ් නිව් යෝර්ක් විස්තර කළේ “අවස්ථා ඇති දේශයක්” ලෙසයි. අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ අත්හදා බැලීමට කැමති තාක් ඇමරිකාවේ ඕනෑම දෙයක් කළ හැකි බව ඔහු නිතර පැවසුවා. ඔහු 1914 මැයි 7 වන දින ඔහුගේ ආදරණීය අව්රිල් වෙත ලිපියක් ලියමින් මෙසේ පැවසුවා.

ඇමරිකාවේ තත්ත්වය ජැමෙයිකාවේ තත්ත්වයට වඩා වෙනස්. එහිදී, මිනිසෙකුට යම් තනතුරක් ඇත්නම් එයට කැමති නම්, ඔහු ජීවත් වන තුරුම එයට ඇලී සිටිනවා. එබැවින් ඔහුට බාහිර අත්දැකීමක් නොමැත. මිනිසෙක් ඇමරිකාව වෙත පැමිණෙන විට,  ඔහු නැවත ආරම්භ කළ යුතු බව සොයා ගන්නවා. පාරේ යන පොඩි කොල්ලෝ පවා ඔහුට වඩා බුද්ධිමත් බව පෙනෙන අතර ඔහු මෙහි ඉගෙනීමට වැඩි වැඩියේ උත්සාහ කරන තරමට, සුවපහසු ජීවිතයක් ගත කිරීමට සහ සාර්ථක වීමට හැකියි.

ජැමෙයිකාවට සාපේක්ෂව නිව් යෝර්ක්හි කාලගුණය ගැන ඇයව දැනුවත් කිරීමට ඔහු අව්රිල්ට ලිව්වා. නිදසුනක් වශයෙන්, 1914 මැයි 17 වන දින, ජැමෙයිකාවට සාපේක්ෂව නිව් යෝර්ක්හි වසන්ත කාලගුණය කෙතරම් ප්‍රසන්න ද යන්න ගැන ඔහු ලියන්නට වුණා.

ඔහු 1914 අගෝස්තු මාසයේදී නිව් යෝර්ක් නුවරින් පිටත්ව ජැමෙයිකාවට ගියේ ඔහුගේ මනාලිය රැගෙන එන්නටයි. වසරකට ආසන්න කාලයක් ලිපි හුවමාරු කර ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා ඔවුන්ගේ විවාහයට පෙර දින පළමු වරට හමු වුණා. විවාහ මංගල්‍යය 1914 අගෝස්තු 26 වන දින ඇන්ටෝනියෝ වරායේදී පැවැත්වුණා.

ඩේවිඩ් සී. හර්ඩ් ලියූ ලිපි යෞවනයන් දෙදෙනෙකු අතර පෙම් සබඳතාවයකින් ඔබ්බට යන්නක්, නමුත් ඒවා 20 වැනි සියවසේ මුල් භාගයේදී නිව් යෝර්ක් හි ජැමෙයිකානු සංක්‍රමණිකයෙකුගේ අත්දැකීම සහ ජැමෙයිකාව සහ ඇමරිකාව අතර සමාජ හා සංස්කෘතික වෙනස්කම් ද හෙළි කරනවා. අව්රිල් හර්ඩ් 1962 දී මිය ගිය අතර  ඩේවිඩ් 1971 දී මිය ගියා. ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරන් අද බෘක්ලින්හි ෆෝට් ග්‍රීන් අසල්වැසි ප්‍රදේශයේ ජීවත් වෙනවා.

තම ආච්චිලා සීයලාගේ කතාව සහ ඒවායේ වැදගත්කම හෙළි කිරීමේ වැදගත්කම පිළිබඳව මහත් ආඩම්බරයෙන් සිටින ඔවුන්ගේ මිණිබිරිය වන ජුඩිත් ලිපි, ඡායාරූප, වාර්තා කාඩ්පත්, විවාහ සහ උප්පැන්න ලේඛන, විදේශ ගමන් බලපත්‍රය සහ සටහන් පොත 2015 සහ 2017 වසරවලදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

සමහර ආදර කතා ඉතිහාසයට එක් වන්නේ ප්‍රේමය හන්දාම නොවේ. ඒ ප්‍රේමය තුළ ඔවුන් සිදු කරන සමහර ඓතිහාසික දේ නිසා.

Related Articles

Don't Miss


Latest Articles