පෝෂණයෙන් පිරුණු විස්මිත ආහාරය බිත්තර

බිත්තර කියන්නේ බොහොම සුලබ ආහාරයක්.ඒ වගේම බොහෝ දෙනා සිතන්නේ බිත්තර දිනපතා ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර බවයි. ඇත්තටම එය සාවද්‍ය මතයක් බව පෝෂණවේදීන් පවසනවා. අපි  මේ කියන්නට යන්නේ  බිත්තර වල විස්මිත ගුණ කිහිපයක්

  • සාමාන්‍යයෙන් ලොකු බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6 පමණ අඩංගු වෙනවා. වැඩිපුර අඩංගු ප්‍රෝටීන් නිසා උදරය දිගු වෙලාවක් පුරවා තැබෙනවා. ඒ නිසා උදේ ආහාරයට බිත්තරයක් ඉතාමත්ම සුදුසු ආහාරයක්.
  • බිත්තර කහ මදය යකඩ වලින් ඉතාමත්ම පොහොසත්. දෛනික යකඩ ඌනතාවය බිත්තර දෙකක ආහාරයකින් විසඳෙනවා.
  • සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල්
    නිපදවීමේ විස්මිත හැකියාවෙන් බිත්තර සවිමත්. හර්දයාබාධ ඇති වීමද වළක්වනවා.
  • ආහාර පාලනය කරන්නට සිතන කෙනෙකුට හොඳම ආහාරය වන්නේ බිත්තර. ආහාර වල ඇති
    අහිතකර මේදය පාලනය කිරීමට එය උපකාර වනවා.
  • බිත්තරවල අඩංගු වැදගත්ම  පෝෂක සංඝටකයක් තමයි කෝලයින්. මින් පුද්ගල මොළයේ සෛල ප්‍රාණවත් කරමින් වර්ධනයද කරවනවා. බෙහෙවින් මනස වෙහෙසවන අයෙකුට අධ්‍යාපනය ලබන අයට සහ ගර්භණි මවුවරුන් සඳහා බිත්තර පරිපූර්ණ ආහාරයක්.
  • බිත්තර යනු ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක්. මින් ඇස් වල පෙනුම රැක ගැනීමට උපකාර වනවා. එමෙන්ම ප්‍රතිශක්තිය ඇතිකිරීමට, සමේ පෝෂණයට සහ පිළිකා මර්දනයට බිත්තර හොඳ පිටුවහලක් ලබා දෙනවා.
  • ලොව හොඳම ප්‍රෝටීන ප්‍රභවය ලෙස සැළකෙන්නේ බිත්තරයි. ඒ එහි කිසිදු අහිතකර ප්‍රෝටීන හෝ මේද කොටසක් අඩංගු වී නොමැති නිසයි.
  • බිත්තර විටමින් D බහුල ආහාරයක්. මේ නිසා අස්ථි  වර්ධනයට, ආරක්‍ෂාවට බිත්තර දිනපතා ආහාරයට එක්කර ගැනීම ප්‍රමාණවත්.
  • ඉරුවාරදය ඇතිවීමේ අවදානම පහත හෙලීමට, දෙවන ගනයේ දියවැඩියාව පාලනය කිරීමට, සහ මාංස පේශි වර්ධනයට බිත්තර ඉතාමත් ගුණ ආහාරයක් වනවා.- චම්මි –

Related Articles

Don't Miss


Latest Articles