මිග්‍රේන් ගෙදරදිම අඩු කරගන්නේ මෙහෙමයි

ඉරුවාරදය කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්. තද හිසේ කැක්කුම ට අමතරව ඔක්කාරය , අධික ආලෝකයන් , ගන්ධයන් සහ ශබ්දයන් දරා ගැනීමට අපහසු වීම , තෙහෙට්ටුව , පෙනීමේ දුර්වලතා සහ නුරුස්නා බව වැනි ලක්ශණයක් මෙහිදී ඇති වෙනවා.මේ තත්ත්වය පාලනය කර ගැනීමට ඖෂධ භාවිතයට අමතරව අපට නිවසේදීම කල හැකි පිලියම් තියෙනවා. මේ ලිපිය ඒ ගැනයි 

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද ? 

පර්යේෂකයන් පවසන ආකාරයට ඉරුවාරදය ඇති වීමට ජානමය ගැටලු බලපානවා. ඒ හැරුණුකොට ඉරුවාරදය ඇතිවීමට තවත් සාධක හේතු වන අතර ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ අනුව ඉරුවාරදය ඇති වීමට ,

ආතතිය

කාංසාව

හෝමෝන වෙනස්කම් හෝ අසමතුලිතතාවයන් 

ඝෝෂාකාරී ශබ්ද

දීප්තිමත් ආලෝක ධාරාවන්

දැඩි සුවඳ

ඇතැම් ඖෂධ වර්ග

ප්‍රමාණවත් නින්දක් නොමැතිකම

හදිසි පාරිසරික වෙනස්කම් 

කැෆේන් හෝ මත්පැන් 

කෑම වේල් මග හැරීම 

ආදී හේතු දක්වන්නට පුළුවන් 

මේ හේතු වලට අමතරව ඉරුවාරදය වැඩි වීමට හෝ නරක අතට හැරීමට හේතු වන ඇතැම් ආහාර ද තිබෙනවා .

ඒවා නම් , 

චොකලට්

චීස්

රටකජු

රට ඉඳි

සැකසූ මස් වර්ග

යීස්ට්

තක්කාලි

ඉරුවාරදයට නිවසේදී කල හැකි සත්කාර මොනවද ? 

අයිස් බෑගයක් භාවිතා කිරීම

ඉරුවාරදය හේතුවෙන් ඇතිවන අධික හිසරදය සඳහා ඔබට අයිස් බෑගයක් භාවිතා කරන්න පුළුවන්.මෙය ඉතාම සරල පිළියමක්.අයිස් බෑගයක් සකස් කරගෙන ඔබේ නළල , හිස් කබල සහ බෙල්ල ප්‍රදේශය හොඳින් තවන්න. මෙය දැඩි හිසරදය සමනය කිරීමට කළ හැකි ක්ෂණික වේදනානාශකයක් ලෙස සැලකෙනවා 

නිහඬ සහ අඳුරු කාමරයක ඉන්න 

ඉරුවාරදය තත්වය වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපාන සාධක ලෙස අධික ශබ්ද සහ ආලෝකය සැලකෙනවා. ඒ නිසා ඔබ ඉරුවාරදය නිසා ඇති වන අධික හිසරදයෙන් පීඩා විඳිනවා නම් නිහඬ සහ තරමක් අඳුරු කාමරයකට වී පැය කිහිපයක් විවේක ගැනීම ඉතාම සුදුසුයි. 

හොඳ නින්දක් ලබාගන්න

දුර්වල නින්ද ඉරුවාරදය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනවා. ඒ නිසා ඔබ ප්‍රමාණවත් සහ හොඳ නින්දක් ලබා ගැනීම කෙරෙහි අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි.සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී කැෆේන් සහිත පාන ලබා ගැනීමෙන් වැළකී සුව නින්දක් ලබා ගැනීමෙන් ඉරුවාරදය තත්ත්වය මඟහරවා මඟ හරවා ගන්නට පුළුවන්.ඒ වගේම ඔබ ඉරුවාරදයෙන් පීඩා විඳින මොහොතකදීත් සුව නින්දක් ලබා ගැනීම මගින් ඔබට තරමක සුවයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා

ලැවෙන්ඩර් තෙල් ආලේප කිරීම හෝ ආශ්වාස කිරීම 

හිසරදය සමනය කර ගැනීමට ලැවෙන්ඩර් තෙල් හෝ lavender essential oil භාවිතා කිරීම ඔබට කරන්නට පුළුවන්.මෙය ඔබේ හිස දෙපස ගැල්වීම හෝ ආශ්වාස කිරීමට අමතරව ඔබ සිටින කාමරයට ලැවෙන්ඩර් තෙල් ඉසීම , ලැවෙන්ඩර් සුවඳ සහිත air freshner එකක් භාවිතා කිරීමත් කළ හැකි යි 

හිස සම්භාහනය කරන්න

ඕනෑම හිසරදයක් වැළඳීමෙන් පසුව හිස හොඳින් සම්බාහනය කරනවා නම් හොඳ සුවයක් ලැබෙන බව ඔබ දන්නවා. ඉරුවාරදය තත්ත්වයේදී එය එසේමයි. විනාඩි 10ක හෝ 15ක කාලයක් හිසේ වේදනාව හට ගන්නා ස්ථාන හොඳින් සම්බාහනය කිරීම මගින් වේදනාව අඩු කර ගැනීමට ඔබට පුළුවන්.මේ සඳහා තෙල් වර්ගයක් භාවිතා කිරීමත් සුදුසු වන අතර දැඩි සුවඳක් සහිත තෙල් වර්ගයක් භාවිතා නොකිරීමටත් ඔබ වගබලා ගත යුතුයි 

සජලනය වන්න 

ඉරුවාරදය හෝ වෙනත් ඕනෑම හිසරදයත් සමග කටයුතු කිරීමට තවත් පහසුම ක්‍රමයක් තමයි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම කියන්නේ.විජලනය වීම ඉරුවාරදයට තවත් හේතුවක් විය හැකි නිසා දෛනිකව ලබා ගත යුතු ජල ප්‍රමාණය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි.නමුත් ඉරුවාරදය නිසා ඔක්කාරය ඇති අවස්ථාවකදී ජලය පානය කළ යුතු වන්නේ කුඩා ප්‍රමාණවලින් බවත් ඔබ මතක තබා ගන්න

ව්‍යායාම කරන්න 

ව්‍යායාම කිරීම මඟින් ඉරුවාරදය සුව වන්නේ නැහැ. ව්‍යායාම සහ ඉරුවාරදය අතර ඇති සම්බන්ධය නම් ව්‍යායාම කිරීමේදී ඔබ තුළ ඇති ආතති තත්වයන් සහ මානසික පීඩන තත්වයන් මගහැරී යාමයි.ඉරුවාරදය ඇති වීමට හේතු වන ප්‍රධාන සාධක අතර ආතති තත්වයන් සහ මානසික පීඩන තත්වයන් තිබෙන නිසා ව්‍යායාම කිරීම මඟින් එවැනි තත්ත්වයන් මඟහරවා ගන්න ඔබට පුළුවන්.

මෙවැනි පුංචි උපක්‍රම භාවිතා කිරීම මඟින් ඉරුවාරදය තත්ත්වයට නිවසේදීම පිළියම් කරගන්නට ඔබට පුළුවන්.නමුත් ඉතාම දරුණු තත්ත්වයකදී මෙවැනි පිළියම් වලට නොගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට ඔබ වග බලා ගන්නට ඕනේ.

Related Articles

Don't Miss


Latest Articles