උස වැඩි කර පෙනවන්න විලාසිතා කරන්නේ මෙන්න මෙහෙමයි

විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම් පහත දක්වා ඇති අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම වැඩි කර ගත හැකියි.

ඔබ තරමක් උසින් අඩු නම් බෙල්ල ද තරමක කෙටි ස්වරූපයක් ගන්නා හෙයින් කොලරය සහිත blouse සහ කමීස තෝරා ගැනීම වඩාත් සුදුසුයි. කොලරය නොමැති රවුම් හැඩැති T Shirts, අත් රහිත කමිසමඟින් අත්වල දිග සහ ගෙල පෙදෙස තරමක් උස් කර පෙන්වයි. ඉණෙන් පහළට වූ තරමක් දිග කුර්තා කමිස සහ කලසම් ඇඳීමෙන්ද සිරුරට උස ස්වභාවයක් ගෙන දෙයි.

කෙටි සාය විලාසිතා, High Waist සාය හා කලිසම් විලාසිතා ඇසුරෙන් උස් වූ පෙනුමක් ලබාගත හැක.  කෙටි ගවුම් විලාසිතා ඔබේ සිරුරට වඩාත් ගැළපෙන අතර දණහිස මට්ටමෙන් තරමක් ඉහළට වනසේ හැඩවුණු ගවුම් විලාසිතා එක් කර ගත හැක.

පාවහන් විලාසිතා තෝරා ගැනීමේදී පැතලි අඩි සහිත පාවහන් පැලඳීම හැකි තරම් අඩු කර අඩි උස පාවහන් පැලඳීම තුලින් ඔබේ ඇඳුමට වැඩි එළියක් මෙන්ම උසින් වැඩි ස්වරූපයක්ද එක් කර ගත හැක.

ආභරණ පැලඳීම මඟින්ද ඔබේ සිරුරට මනා උස්වූ පෙනුමක් එක් කර ගත හැක. මාල පැළඳීමේදී ගෙලටම සවි නොවෙන දිගු ස්වභාවයක් ගන්නා මාල තෝරා ගැනීම සුදුසු වන අතර තරමක් දිගු (tussle) හැඩැති කරාබු විලාසිතා තෝරා ගත හැක.  රවුම් හැඩැති විලාසිතා භාවිත කිරීමෙන් වැලකීම ද වැදගත්වේ. ඔබ පලඳින බඳ පටිය තරමක් කැපී පෙනෙන වර්ණයකින් යුතු වීමත් උචිත වන්නක්

කොණ්ඩා විලාසිතා තෝරා ගැනීමේ දී ද මෙන්ම උසින් වැඩි ස්වරූපයක් ගෙන දෙන විලාසිතා  එක් කර ගැනීම මඟින් ඔබේ පෙනුමට වැඩි එළියක් එක් කරයි. සාමාන්‍ය ගමනකට පෝනිටේල් විලාසිතාව වැනි කෙස් කඩා හැලෙන පරිදි සැකසීම උචිත වන අතර උත්සව අවස්ථාවන්වලදී කොණ්ඩය තරමක් උස්වන අයුරින් කොණ්ඩා විලාසිතා යොදා ගැනීමත් සුදුසුවේ.

විලාසිතා තෝරා ගැනීමේ දී ඉණ පෙදෙස ආවරණය වන ගෙල දිගු බව පෙන්වන විලාසිතා තෝරා ගැනීම තුලින් ඔබ එක්වරම උසින් අඩු අයකු බව යමෙකුට තීරණය කිරීම අපහසු වනු ඇත. මේ අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම මනාව ඔප්නංවා ගත හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...