අප්‍රසන්න සුදු ළූණු ගඳ නැති කරගන්නේ මෙහෙමයි

සුදු ළූණු කියන්නේ ලංකාවේ අපි කෑමවලට නිතරම ඉතුරු කරන දෙයක්. ඇත්තටම අපි සුදු ළූණු නොදාන ආහාර වේලක් නැති තරම්. සුදුළූණු පාවිච්චියට ගන්නකොට අපේ ගෘහනියන් නිතරම කරන පැමිණිල්ලක් තියනවා.

“අපෝ මේ ගඳ යන්නේ නෑනේ”

මේ “සෑහෙන ගැටළුවට” උත්තර හොයමුද? මේ උත්තර හොයන්න බැරි ගැටළුවක් නෙවෙයි.

  1. ලෙමන් වතුරෙන් අත් සේදීම

ලෙමන් හෝ දෙහි වතුර උණු වතුරට මිශ්‍ර කරන්න. ඒවායින් අත සෝදන්න. අතේ ඇති අප්‍රසන්න දුර්ගන්ධය ඉතා ඉක්මනින් පහව යනවා.

  1. මල නොබැඳෙන හැන්දක් සහ සබන් භාවිතය

අත්වල හොඳින් සබන් ගාන්න. මල නොබැඳෙන හැන්දකින් අත තදින් පිරිමදින්න. ඇඟිලි අතර විශේෂයි. හැන්දෙන් යම් තරමක් සූරමින් පිසදැමීම වඩා සුදුසුයි. දුර්ගන්ධය ඉතා ඉක්මනින් අවසන් වෙනවා.

  1. කට ගඳ වළක්වා ගැනීම

ඔබ සුදුලූනු අඩංගු ආහාරයක් ගත් පසු මුඛය දුර්ගන්ධයට පත් වීම නිසා තවදුරටත් කනස්සල්ලෙන් ඉන්න එපා.ඔබට මින්ට් කොළ කිහිපයක් සපන්නට පුලුවන්. ග්‍රීන් ටී හෝ කුරුඳු තේ බොන්නට පුලුවන්. ලෙමනේඩ් පාලනය හෝ ලෙමන් කෑල්ලක් සැපීමත් හොඳයි.මල නොබැඳෙන හැන්දකින් දිව මැදීමත් සුදුසුයි. මේ ගඳ පැය විසි හතරකින් ස්වභාවිකම නැතුව යන බවත් අමතක කරන්න එපා.

  1. Cutting Board වල ගඳ නැති කර ගැනීම

රැයක් පුරා උණුවතුරේ කපන ලෑලි පොඟවා තබන්න. ඉන්පසු පසුදා සෝදන දියරයකින් තෙමා හොඳින් අතුල්ලා ගන්න. නැවත උණු වතුරෙන් සෝදා ගන්න. ඉන්පසු වෙලා ගන්න.

කපන ලෑල්ල මතට බේකින් සෝඩා ඉසින්න.දෙහි කැබැල්ලකින් හොඳින් අතුල්ලන්න. සෝදා වේලා ගන්න.

  1. මුළුතැන්ගෙයි ගඳ නැති කිරීම

ජනෙල් හොඳින් විවෘත කර තැබීමෙන් මුළුතැන්ගෙයි ගඳ ඉක්මනින් නැති කරගන්න පුලුවන්. ඒ වගේම නරක් වූ සුදුළූණු ඇත්නම් ඒවා ඉවත් කරන්න. නරක් වූ සුදුළූණුවලින් නම් ඉතා අප්‍රසන්න ගඳක් වහනය වෙනවා.

මේ ඉතා සරල ක්‍රමවලින් ඔබට සුදු ළූණු ගඳ නැත්තටම නැති කර දමන්නට පුලුවන්. ගඳ ගැන හිතලා සුදු ලූණු කෑමට එකතු කරගන්නේ නැතුව නම් ඉන්න එපා. සුදු ළූණු කියන්නේ ඉතා ගුණාධික කෑමක්.

Related Articles

Don't Miss


Latest Articles