සඳ ගංතෙර – 54

“ඇත්තටම මාත් එක්ක තරහද?”

ඒ සාම්ප්‍රදායික මෝඩ ප්‍රශ්නයකි. පෙම්වතියගේ සිත ඇති වෙන්නට රිදවන බොහෝ තරුණයන් ලැජ්ජාවක් නැතුව අහන ප්‍රශ්නයකි.

“මං යැ යකාට ඇන්දේ”

බිලිඳිය මාමාගේ අතකින් ඇද ජූජූ බාසාවකින් මොනවාද කීවා ය. හරිම අපූරු ය! නැන්දා රිදවීම ගැන මේ කුඩා ආමන්ඩ් ඇටයට ද තද වී ඇති පාට ය.

“මේ කෙල්ලන්ගෙ හරි ගැංසි.” 

සඳරැස් එසේ පැවසුවා නොවේ. ඔහුට කියැවුණේ ය.

“ඇයි තමුසෙ ඔතනට වෙලා කෙල්ලට මැසේජ් කර කර බනිනවද? නැන්දිට බැන්නට කෙල්ලට තරහ ගිහින් ඇති.”

තාරුකා කියයි. සඳරැස් හිතේ ඇති පීඩනයක් වචන කරන්නට සිතුවේ ය. 

“ෂූකිරිගෙ එකම නැන්දි වෙන එක ආත්ම ගාණක් පින් කරන්න ඕන දෙයක්. නැද්ද සූකිරි?”

සූකිරි ජාජූජාජා බාසාවෙන් එය ස්ථිර කරයි. එකම නැන්දා නොවේ.ඇයට තවත් නැන්දලා දෙදෙනෙකු පොතේ හැටියට සිටී. එසේ කියන්නට හිතුණත් මොකවත්ම නොකියා ඉන්නට තාරුකා තීරණය කළා ය. මල්ලී අවුස්සාගෙන තේරුමක් නොවේ.

“ඔයාට ආයෙ මගෙ අම්මා එක්ක කිසි ගනුදෙනුවක් තියෙන්න බෑ හොඳේ”

කෑම කන්නට ආ දුලන්‍යා අල්ලා ගත් සඳරැස් තර්ජනය කළේ ය. දුලන්‍යානම් ඕවායින් සැලෙන්නේ නැත.

“ගනුදෙනු තියා ගන් නෑ.”

ඇය එහෙම කියන්නේ නහයට කෙලින් බලාගෙන ය. සඳරැස්ට හිනා යන්නටත් එයි.

“තියාගන්න බෑනෙ. දැක්කනෙ තිබ්බ එකම බිත්තරෙන් ඔය ළමයට ඔම්ලට් හැදුවා. මං කරෝල කෑවා.”

දුලන්‍යාගේ කතාවට සඳරැස් පුදුමයෙන් බැලුවේ ය. ඔහු කියන්නේ චාන්දනී විජේවර්ධන ගැන ය.

“ඔයාට ඉන්නේ එක අම්මයි.එයා එක්ක වැඩි ගනුදෙනු කොහොමත් බෑ. සූකිරිටයි අක්කටයි ඔයාටයි ආදරේ වෙලා ඉතුරු නම් තමා එයා අපිට ආදරේ දෙන්නේ.”

සඳරැස්ගේ දෑසට කඳුළු පිරිණ. දුලන්‍යා ඔහුගේ බාහුව ඇඟිලි තුඩුවලින් පිරි මැද්දා ය.

“ඔයාට ඒ අම්මා හිටියම මදිද?”

වැඩිත් එක්ක ය. අම්මාව පවා දන් දෙන්නට ඇය හිත හදාගෙන ය.

“සහස්ගෙන් කරදරයක් වෙන් නෑ. මං දැක්කා සහස් තව ගර්ල් කෙනෙක් එක්ක කියෝ කියෝ ඉන්නවා. ඔයා චාන්දනී ඇන්ටි ගැන හොයන එක නවත්තන්න.”

ඇගේ අණ ආදරණීය එකක් ද නැත්නම් සැර එකක්දැයි අපැහැදිලි ය. නමුත් ඒ කියන ඒවා අහන්නට ඔහුට සිතේ.

“සහස් තරම් විහස් නරක නැතුව ඇති. ඒ නිසා එයා හම්බුණොත් එයාට ආදරේ වෙන්න.”

දුලන්‍යා ඉන් අනතුරුව පැවසී ය. ඒ අනාගත කතන්දර ඉතුරු වන්නට ඉඩ හැර ය. කොහොමටත් විහස් සහ සඳරැස් සදාකාලිකව වෙන් වී ඉන්නට ඕනෑ නැත.

“සර්ප පැටව් ඔක්කොම එකයි බං. ඔය කමල්ගෙ ළමයිනෙ.”

කමල් සඟවන රහස නොදන්නා ඔහු එසේ පැවසුවේ කලකිරීමෙනි. විජිත මල්වැන්න වැනි සුන්දර සහ තේජාන්විත තාත්තෙකුට පුතු වීම සඳරැස්ට ආඩම්බරයකි. ඔහු වැනි මිනිසෙකු අත් හැර කමල් තෝරා ගන්නට අම්මාට තිබූ ඕනෑකම පවා පුදුමයකි.

“අම්මට කමල් අංකල්ට ළං වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇතිනේ. මම හිතන්නෙ ඒ තමයි අම්මගෙ උරුමක්කාරයා.ගිය දේවල් හැමදේම ගියා. අම්මා ආදරේ හොයන්න ඇති..ඒ ආදරේ අම්මා හොයපු තාලෙට දෙන්න තාත්තට බැරි වෙන්න ඇති. තාත්තා එයාට හරි නොගිය හේතුව ඒක වෙන්න ඇති.සමහර වෙලාවට ජීවිතේ තෝරා ගැනීම් කිහිපයක් කරල තමයි මල්ලි හරි දේ මුණගැහෙන්නේ..ඒ නිසා අපි අම්මට වෛර නොකර ඉමු.”

දියණිය ලැබෙන්නට ඔන්න මෙන්න තබා අක්කා එහෙම පැවසූ දවසක් සඳරැස්ට මතක ය. නමුත් දරු දෙදෙනෙක් අතැර දමා උරුමක්කාරයා සොයා ගිය අම්මා ඔහුට දැනෙන්නේ සැතිරියක වාගේ ය. ඔහු ඒ හැම වචනයම දුලන්‍යාට පැවසුවේ එනිසා ය.

“කසාදයක් කියන්නේ තනිකරම පැවැත්ම වෙනුවෙන් කරන බොරුවක් කියලා මං ස්මාර්ට්ලේඩි වෙබ් එකේ නවල් එකක කියෙව්වා.”

තරු පවුලක දියණියකගේ කතාව රැගත් නිලැසි නවකතාවේ එහෙම තිබිණ. 

“හැබැයි එතැන නම් නිබන්ධිකා අක්කාට වැරදිලා. මට මතකයි එයා ලියලා තිබ්බා, එහෙම.”

නිලැසි තිස් හයවැනි කොටස පෙරළා ගත් දුලන්‍යා කියවන්නට ගත්තා ය. 

“මිනිස්සු බහුතරයක්ම කසාද බඳින්න තෝරා ගන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කරන ගෑනියෙක් හරි මිනිහෙක් හරි තමයි බබී..සල්ලි තියන මිනිහෙක්..හොඳ දේපලක් තියන ගෑනියෙක්.බුද්ධිමත් දරුවො හදන්න පුළුවන් වෙන විදිහේ මිනිහෙක්.ලස්සන ළමයි උපද්දන්න පුළුවන් විදියේ ගෑනියෙක්.. ඕක සමහරුන්ට මෙහෙම වෙනවා.සමහර පිරිමින්ට ඕනේ තමන්ගේ පරම්පරාව ගෙනියන්න පුළුවන් තරම් හයිය ගෑනියෙක්.ළමයි උපද්දවන මැෂින්..අන්න ඒකයි මම කියන්නේ කොයි අතින් බැලුවත් කසාදයක් කියන්නෙ බොරුවක්..”

නිලැසිට එහෙම කියන්නේ එරන්ද ය. ඒ අසම්මත ප්‍රේමයකි. දැන් විවාහ වූවාට එකල චාන්දනී කමල් අතර වූයේ ද එහෙව් ප්‍රේමයකි.

“ඔයා ඔය නවල්ස් විදියට ද ආදරේ කරන්නේ. මට හිතුණොත් ඔය අක්කාව මීට් වෙනවා.”

දුලන්‍යා හිස ගැස්සුවා ය. ඒවා ඕනෑ නැති වැඩ ය. 

“එයාට කොල්ලෙක් ඉන්නවා අනේ.”

සඳරැස්ට උස් හඬින් හිනා ඉපිදේ. 

“රයිටර්ට ලව් කරන්න නෙවේ බං. පොඩි බිම්මලක් වගේ හිටියට මහ දාර්සනික කතා කියන කෙල්ලක් මටත් ඉන්නවා. ඒකි ගැනත් ලියන්න බැරිද අහන්න.”

සැබෑවටම තමන්ට ඇත්තේ පොතක් ලියන්නට වටිනා ආදර කතාවක් බව දුලන්‍යාට සිතේ. ප්‍රේමය ඉසියුම්ව ඉපිදෙන ඉතා කුඩා හේතු මත මියැදෙන්නට හදන බොහෝ අවස්ථා පසු වේ. ජීවිතය එහෙම ය. මේ ආදර කතාව ද නවකතාවකට වටින එකකි.

“කවුද ආවා.”

ගේට්ටුවෙන් එපිට නළාව වැදෙන වාහනය දෙස බලමින් දුලන්‍යා පැවසී ය. මේ වෙලාවේ නිවසට එන්නේ කවුද?

“අපේ අක්කලා නංගිලාගෙ ගෙවල්වල එන්න වෙලාවක් ඕනද යකෝ?”

මෝටර් රථයෙන් බසිමින් විහස් ඇසුවේ සඳරැස් ඇසූ ඒ ප්‍රශ්නයටම ය. ඔහු අද එන්නට ඇත්තේ තරහ වූ ජෝඩුව යාළු කරන්නට ය.

“දැන් උඹලා දෙන්නා මෙතන පැටලි පැටලි ඉන්නේ යාළු වෙලාද?”

ඔහු සඳරැස් මඟ හරිමින් දුලන්‍යාගෙන් ඇසුවේ ඇගේ කනකින් අදින අතර ය.

“මදැයි කෙල්ල තරහ හින්දා අරූ එක්ක දුකට බොන්න ආවා.දැන් සතුටට බොනවා.”

විහස් කියයි.දුලන්‍යා සැනසිල්ලේ බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles