ඉතුරු කරන්න සල්ලි නෑ කියල හිතනව නම් මේ Money savings tips ඔබට වැදගත් වේවි.

“අනේ කොහේ ඉතිරි කරන්න ද ?මහා ලොකු පඩියක් ලැබෙන එකක් නෙවේනෙ”මේ අපට නිරන්තරයෙන් ඇසෙන හඬක්.සමහර විට ඒ හඬ ඔබේ වෙන්න පුළුවන් .නැත්නම් මිතුරියකගේ වෙන්න පුළුවන්.ඒත් ඉතිරි කිරීමට ලොකු ආදායමක් ලැබෙන තෙක් බලා සිටින ඔබේ සිහිනය කවදාවත් ඉටු වේවි ද ? ඒකත් ලොකු ප්‍රශ්නයක්.එනිසා අපි පොඩ්ඩක් බලමු අපිට ලැබෙන සොච්චමින් කීයක්වත් ඉතිරි කර ගන්න බැරිද කියලා?නිවසේ ගෘහණිය ලෙස ඔබට විශාල කාර්ය භාරයක් මේ වෙනුවෙන් කරන්න පුළුවන්.එහෙනම් චැලේන්ජ් එක බාර ගන්නවා නේද ?

ඉතුරුම් කියන්නේ මොකක්ද?

තමන්ගේ ආදායමෙන් පරිභෝජනය නො කරන,අනාගතය වෙනුවෙන් හෝ කිසියම් කටයුත්තක් වෙනුවෙන් හෝ වෙන් කර තබන කොටස ඉතුරුම් කියලා හඳුන්වන්න පුළුවන්.

සල්ලි එළියට ගලන තැන් හොයාගමු.

  • මුලින් ම ඔබේ එදිනෙදා වියදම් මොනවාද කියලා ඔබ හඳුනා ගන්නට ඕන.
  • කොලේක හරි,හරි නෝට්පෑඩ් එකේ හරි මේක සටහන් කර ගත යුතු වෙනවා .එකින් එක නිවරදිව ඔබ වියදම් කරන්නේ මොනවාට ද කියා අනිවාර්යයෙන්ම සටහන් කර ගත යුතුමයි.
  • දැන් ඔබේ ආදායම ද සටහන් කර ගන්න.දැන් ඔබ සතුව ආදායම සහ වියදම සහිත විස්තර පත්‍රිකාවක් තියෙනවා.දැනට ඔබ කිසිවක් ඉතිරි කරන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා.ඔන්න දැන් වැඩේ පටන් ගමු.
  • වියදම් සටහන හොඳින් පීරමින් බලන්න.මොනවද ඔබට අඩු කරගත හැකි වියදම් කියලා.ඒ වගේම සමහර දේවල් කිසිවක් අඩු කරන්නෙ නැතුව මිල දී ගන්නා ආකාරය වෙනස් කිරීමෙන් මුදලක් ඉතිරි කර ගන්නට පුළුවන් වෙයි .උදාහරණයක් විදියට තොග මිලට බඩු වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමෙන් සෑහෙන මුදලක් ඉතිරි කර ගන්නට පුළුවන්. සාමාන්‍ය කඩයක 400g නූඩ්ල්ස් පැකට් එකක මිලෙන් තොග කඩයෙන් නූඩ්ල්ස් කිලෝ එකක් ලබා ගන්නට පුළුවන්.අන්න එවැනි දේවල් සියල්ල ම එලෙස මිලදී ගැනීමෙන් සෑහෙන මුදලක් ඔබට ඉතිරි වෙනවා.
  • ඒ වගේ ම ආහාර කීපයක් එකවර පිස තැබීමෙන් ගෑස් ආදියට යන මුදල් වගේ ම ඔබේ කාලය ද ඉතිරි කර ගැනීමෙන් එම කාලය කිසියම් ආදායමක් උපදවන දෙයකට යොදා ගන්නට පුළුවන්.
  • ඔබ වියදම් කරන එලවලු ලිස්ට් එක හොඳින් පරික්ෂා කරන්න.ඔබට වැටහේවි ඉන් සමහර දෙයක් නිවසේදීම වගා කර ගත හැකි බව.
  • පිටතින් ආහාර මිල දී ගැනීම හැකි තරම් අවම කරන්න.
  • ජලය ,විදුලිය ,දුරකථන ,අන්තර් ජාල බිල් පත් ගැන සැලකිලිමත් වන්න .මේවා නිවැරදිව භාවිතා කිරීමෙන් සෑහෙන මුදලක් ඔබට මාසිකව ඉතිරි ඉතිරි කර ගන්න පුළුවන් .
  • සෑම ආහාර වේලක් සඳහා ම අමුුවෙන් සලාදයක් ,කොළ මැල්ලුමක් එකතු කර ගැනීමෙන් පිසින ව්‍යාංජන ප්‍රමාණය අවම කර ගන්නටත් පුළුවන්.
  • උත්සව ආදියට ඔබ කොතරම් මුදලක් වියදම් කරනවාද කියා දැනටමත් ඔබ හඳුනා ගෙන ඇති .එහිදී ඇඳුම් පැළඳුම් ,තෑගි බෝග ආදිය ගැනත් සැලකිලිමත් වීමෙන් මුදල් අපතේ නොයවා ඉන්නට ඔබට පුළුවන්.
  • ඔබ වියදම් කරන සෑම දෙයක් ඉදිරියේ ම එය අවම කර ගත හැකි විසඳුම් අවම තුනක් වත් ඔබ සටහන් කර ගත යුතුයි.සමහර වියදම් ඔබට අඩු කර ගත නොහැකි යැයි මුලින් හිතෙන්න පුළුවන් .ඒත් එවැනි ඒවා සඳහාත් ඔබ හේතු කිහිපයක් කල්පනා කර සටහන් කර ගත යුතුමයි.

උදාහරණයක් ලෙස

ටියුශන් ෆීස් – අවම කර ගැනීමේ යෝජනා
1.ඔබට එම විශය කියා දිය හැකි ද කියා සොයා බැලීම .
2.ගෲප් ක්ලාස් එකක් වෙනුවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ හෝ හිතවතකු ගේ සහාය ලබා ගැනීම.
3.ඔන්ලයින් මාර්ගයෙන් ඉගෙන ගත හැකි දැයි සොයා බැලීම
4.පාසලේ ගුරුවරයා ගෙන් මීට වඩා සහයක් ලබා ගැනීම .
එවැනි ආකාරයේ විසඳුම් කිහිපයක් ඔබට ඔබ වෙනුවෙන්ම යෝජනා කර ගන්නට පුළුවන් .

ඉතිරි කිරීමට ටිප්ස් කිහිපයක්
Money savings tips

පැය විසි හතරේ නීතිය 24 hour rule

ඔබේ ආදායම ට අනුව දිනකට ඔබට වියදම් කළ හැකි මුදල හඳුනා ගෙන ඒ් ප්‍රමාණය පමණක් වියදම් කිරීම.කිසිසේත්ම අදාල සීමාවෙන් ඔබ්බට වියදම් කරන්න බැහැ.දවස අවසානයේ හරිම සතුටක් දැනේවි.මේක මුලින්ම අමාරු වුනත් ඉක්මනින්ම පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත් වෙන දෙයක් ඒ වගේම ඔබේ දක්ෂකම තීරණය කළ හැකි දෙයක් .

ඉතුරුම් සැලැස්මක් සාදා ගැනීම .Make a saving plan

අනිවාර්යෙන් මුදලක් වෙනත් බැංකු ගිණුමකට යනලෙස හෝ ඔබට ගැලපෙන ආරක්ෂිත ඉතුරුම් ක්‍රමයක් අනිවාර්යෙන්ම සාදා ගත යුතුමයි .ඉහත අප අනවශ්‍ය ය වියදම් කපා ගැනීමට ඉගෙන ගත් නිසා ඒ ඉතිරි කරන මුදල කෙසේ ද ඉතිරි කරන්නේ කියා සැලස්මක් ඔබට තිබිය යුතු ම යි .

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න .
Start small.Think big

එක පාරටම මහා ලොකු වැඩ දාන්න බැරි වෙයි .අපි හිතමු පලවෙනි මාසයේ හෝ සතියේ ඔබට ඉතිරි කරන්න පුළුවන් රුපියල් සීයයි කියලා .මතක තියා ගන්න මේ මොහොත වෙන තෙක් ඔබ කිසිවක් ම ඉතිරි කර නැහැ.නමුත් දැන් ඔබ රුපියල් රු.100ක් ඉදිරි කරන්නයි යන්නේ .ඉදිරියේ දී ගාන වැඩි වෙයි.ඒත් අපි ලොකුවට හිතමු.පොඩියට පටන් ගමු.

දියුණුව අනිවාර්යයෙන්ම ප්‍රස්තාරය ක් විදියට සටහන් කරගන්න ත් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles