වෛද්‍යවරයාගෙන් ඔබ ඈත්කර තබන අරුම පුදුම හොද්ද

කායම් හොද්ද

මේ මොකද්ද මේ? ඔබ තරමක් පුදුමයට පත් වී ඇතිවාට සැකයක් නැහැ. එහෙත් අපේ ඉපැරැණි නිවෙස් වල ඇත්තන්ට නම් මෙහි අරුමයක් නැහැ. ඒ ඔවුන්ගේ ආහාර වේල නිතරම ඔසු ගුණයෙන් පිරිපුන් වූ නිසා.

මොකද්ද මේ කායම් හොද්ද ?

කායම් හොද්දට මිරිස් භාවිතා කරන්නේ නැහැ.ඒ සඳහා මිශ්‍ර කරන්නේ කුලුබඩු බෝග පමණයි. සූදුරු, කුරුඳු පොතු, සුදු ලූනු, ගොරකා, කරපින්චා, කොත්තමල්ලි, සූදුරු, මාදුරු ආදිය මේ සඳහා යොදා ගන්නවා.

කායම් හොද්දක ගුණ මොනවාද ?

  • කොත්තමල්ලි, මහදුරු, සූදුරු, කුරුඳු පොතු ආදිය නිසා ලේ වල සීනි මට්ටම වැඩි නොකරයි. ඒ නිසා දියවැඩියා රෝගීන්ට ඉතාමත්ම ගුණදායකයි.
  • ලේ වල ඇති මේදය අඩු කරයි.මේ නිසා කොලෙස්ටරෝල් රෝගීන්ටද මහඟු ඔසුවක් වේ.
  • ශරීරයට යකඩ අවශෝශනය පහසු කරවයි.
  • ලේ පිරිසුදු වන අතර,නිපදවයි.
  • අජීර්ණයට,ආහාර රුචියක් නොමැති විට,සහ දරු ප්‍රසූතියෙpන් පසුවද ලබා දෙයි.
  • මවුකිරි ඇති කිරීමේ ගුණයෙන් යුතුයි.
  • සිරුර තරබාරුවීම වළකයි.
  • ආහාර නොදිරවීම නිසා ඇතිවන අපහසුව,බඩ පුරවා දැමීම පහසුවෙන් සුව කරයි.
  • විෂබීජ නැසීමේ ගුණයෙන් යුතුයි.
  • ක්ෂූද්‍ර ජීවීන් නිසා ඇතිවන ආසාදන සුවකරයි.

කායම් හොද්ද සාදාගන්නා අයුරු

  • සූදුරු,කොත්තමල්ලි, මහදුරු, සුදු ලූනු, කුරුඳුපොතු, ගොරක, කහ, රතු ලූනු, ගම්මිරිස්, කරපින්චා, මුරුන්ගා පොතු, දිය ලුනු මේ සඳහා අවශ්‍ය වනවා. පලමුව කුලුබඩු හොඳින්ම සෝදා, මිරිස් ගලේ අඹරා ගන්න. පසුව මෙයට ජලය දමා ඉස්ම සිටින සේ සකස් කරගන්න. පවුලේ සාමාජිකයන්ගේ ගණන අනුව ප්‍රමාණය තීරණය කරන්න.

සතියකට දිනක් හෝ මාසයකට කිහිප වතාවක් කායම් හොද්ද සාදා ආහාරයට ගැනීමෙන් ලෙඩ දුක් රැසක් ඔබේ නිවසින් පළායනු ඇති.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles