විනාඩි 20න් හස්බන්ඩ්ට glow skin එකක් දෙමු ද?

හොඳම ආලේපන වර්ග පාවිච්චි කිරීම, රූපලාවණ්‍යගාරයට මඟ නොහැර යාම, හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම වගේ දේවල් කරන්න කාන්තා අපි අමතක කරන්නේ නෑ. ඒවා අපේ දෛනික පුරුදු. ඒත් අපේ ආදරවන්තයන්, සැමියන් Skin care routine කරනවද? එහෙම එකක් තියා හොඳ ෆේස් වොෂ් එකක්, ක්‍රීම් එකක් වුණත් පාවිච්චි කරන්නේ එහෙමත් කොල්ලෙක්.

ඉතිං එතකොට?

එයා කැතට ඉන්නවට ඔයා කැමති නෑ නේද? එයාලගෙත් හම අවපැහැ වෙනවා. Black heads, White heads එනවා. Pores තියනවා. Pilmples තියනවා.

ඒ නිසා නිවාඩු දවසකට ඔයාගේ ආදරවන්තයට facial එකක් කරමු.

Lemon pack

අවශ්‍ය දේ

ලෙමන් තේ හැන්දක්

මී පැණි තේ හැන්දක්

ඔලිව් බිඳු 3,4

කරන ආකාරය

භාජනයකට සියල්ල මිශ්‍ර කරගන්න

මුහුණ උණුසුම් වතුරින් සෝදා ගන්න

පැක් එක මිනිත්තු විසි පහක් පමණ යොදා තබන්න

ඉන්පසු මුහුණ සෝදා පිරිසිදු තුවායකින් පිසදා ගන්න

බිත්තර සහ මී පැණි ආලේපය

අවශ්‍ය දේ

පිරිසිදු වතුර ටිකක්

මී පැණි 

බිත්තර සුදු මදය සහ කහ මදය.

කෝමාරිකා යුෂ

යොදන ආකාරය

සියල්ල මිශ්‍ර කරගන්න

විනාඩි පහත් අටත් ප්‍රමාණයක් තබන්න

ඉන්පසු හොඳින් සෝදන්න 

ඕට්ස් ආලේපය

අවශ්‍ය දේ

ඕට්ස්

යෝගට් තේ හැඳි තුනක්

මී පැණි තේ හැන්දක්

බිත්තර සුදු මදය

උණු වතුර

යොදන ආකාරය

මුලින්ම ඕට්ස් සහ වතුර බ්ලෙන්ඩ් කරන්න

අනිත්වා ඉන්පසු එකතු කරන්න

ඝන තට්ටුවක් ලෙස මුහුණේ ආලේප කරන්න

විනාඩි විස්සක් තබන්න

උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න

මේ පැක් තුන එයාගේ හමට හොඳින් ගැළපෙනවා. අව්වට නිරාවරණය වෙන, වායු සමීකරණවල දවසම ගෙවන, රෙදි සෝදන සබන් කැටේ හරි මූණේ අතුල්ලන එයාට ලස්සනට ඉන්න උදව් කරන එක ඔයාගේ වගකීමක්.

එහෙනම් ඔන්න මේවා කරලා අපිටත් ප්‍රතිඵල කියන්න හොඳද!

Related Articles

Don't Miss


Latest Articles