ඉවතලන මේස් වලින් වැඩක් ගමු

නිවසේ එදිනෙදා භාවිතයෙන් ඉවත් කරන කළමණා අතර මේස් වලට ප්‍රධානම තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම පාසල් වියේ දරුවන් සිටින නිවසක් නම් මේ ඉවත් කරන මේස් ප්‍රමාණය  ඉතාමත්ම වැඩියි. බොහෝ විට වෙනත් කෙනෙකුට භාවිතයට දිය නොහැකි දේවල් අතරට මේස් ද එකතු වෙනවා. ඒත් මේ ඉවතලන මේස් වලින් ප්‍රයෝජනයක් ගත හැකිනම් ඇත්තටම එය සතුටක් මෙන්ම ඔබේ නිර්මාණශිලිත්වය, පිරිමැස්ම පිළිබඳව පවසන ප්‍රධානම සාධකයක්ද වනු නියතයි.

ජලය උරාගන්නා Pads

මේස් වලට හොඳින් ජලය උරා ගන්නවා.ඒ නිසා ඉවතලන මේස් වලින් හොඳින් ජලය පිස දැමිය හැකියි.  මේසය පිස දමන්නට හා ගෙබිම පිස දැමීමට අවශ්‍ය swiffer pads සාදාගැනීමට මේස් ඉතාමත්ම සුදුසුයි.

අත් ආවරණ

අල්ල ආවරණය වන අත් ආවරණයක් පහසුවෙන්ම පරණ මේස් එකකින් සාදාගන්න පිළිවන්. ගෙවත්තේ වගේම නිවස තුළත් විවිධ කාර්යයන්වල නියැලෙද්දී අපට මේ අත් ආවරණ පළඳන්නට පුළුවන්.

කෝප්ප ආවරණ

උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක් හෝ වීදුරුවක් අතින් අල්ලන්න අපහසුයි. පිරිසුදු ලස්සන මේස් එකකින් අපට ඉතාමත්ම පහසුවෙන් කෝප්ප ආවරණයක් සාදා ගන්න පුළුවන්.

අත්කම්

ඉවතලන මේස් වලින් විවිධ අත්කම් නිර්මාණය කළ හැකියි. විවිධ සතුන් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ වගේම කුඩා දරුවන් සෙල්ලම් කරන විට බිම එලීමට කුඩා පැදුරු වැනි බ්ලැන්කට් තැනීමටත් හැකියාව තියෙනවා.

දුරකථනය රඳවන්නට arm band එකක්

දුරකථන පරිහරණයේදී නිතරම බිමට වැටීමට ඇති ඉඩ කඩ වැඩියි. ඉතින් මේස් භාවිතයෙන් අත් බාහුවේ කුඩා සාක්කුවක් පහසුවෙන්ම නිර්මාණය කර ගන්නට පුළුවන්.

වලං අල්ලනයක්

මේස් කිහිපයක් එකතු කර වලං අල්ලන අලංකාර රෙදි කඩක් නිර්මාණය කරගන්න පුළුවන්.

කොණ්ඩ බෑන්ඩ්

විසිතුරු මේස් වලින් ඉතාමත්ම පහසුවෙන් කොණ්ඩය බැඳගන්න බෑන්ඩ් එකක් තනාගන්න පුළුවන් .

මේ සියල්ලටම අවශ්‍ය පරණ මේස් කිහිපයක් සහ ඔබේ නිර්මාණශිලිත්වය පමණයි.

– චම්මි –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...