තාත්තා කෙනෙකු දරුවෙකුගේ වේදනාව වෙනුවෙන් නොකරන්නේ මොනවද?

මේ සටහන ලියැවුණු මොහොතේ ද ඔබ මේ සටහන කියවන මොහොතේද ලෝකයේ කොහේ හෝ තැනක පුංචි දියණියක් අපයෝජනය වෙනවා ඇති.මේ එතරම්ම කුරිරු ලෝකයක්.නමුත් නොදන්නා දැරියක හෝ එවැනි තත්ත්වයකට පත්වීම අපව තදින් කම්පනයට පත් කරන්නට සමත් කාරණාවක්.එවැනි සංවේදී මාතෘකාවක් ගැන කතාබහට ලක්වෙන The Great Father මලයාලම් චිත්‍රපටියක්.සංවේදී මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වුවත් මෙය Thriller ශානරය ට අයත් චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී තිබෙනවා.

තාත්තා සහ දියණිය අතර බැඳීම ලෝකයෙහි ඇති අපූර්වතම බැඳීමක්. තමන්ගෙ කුඩා දියණිය ගත්තා කෙනෙකු රකින්නේ ජීවිතය දෙවැනි තැන තබමින්.සාරා සහ ඩේවිඩ් එවැනි බැඳීමකින් බැඳුණු පියෙකු සහ දියණියක්.ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ ඉතා ආදරයෙන්.දිනක් මේ ආදරණීය දස හැවිරිදි දියණිය නා මිනිසකු අතින් දූෂණයට ලක් වූ බව තාත්තාට දැනගන්නට ලැබෙනවා ඔහු එය ලෝකෙන් සගවන්නට උත්සාහ කරන්නේ දූෂණයට ලක් වීම යන කාරණාව දියණියකට සමාජයේ ගැරහුම් ලැබිය හැකි කාරණාවක් වන්නට ඉඩ ඇති නිසා.

තාත්තා කෙනෙකු දුක දරා ගන්නේ රහසින්.දියණියට සිදුවූ මේ අපරාධය ඔහුව දැඩි ලෙස කම්පනයට පත් කර තිබෙනවා.ඔහු දියණියට රහසිගතව ප්‍රතිකාර ලබාදෙන අතර වේදනාව සඟවා ගන්නේ තනිව හඬා වැලපෙමින්.ඒත් තාත්තා කෙනෙකු කියන්නේ තමන්ගේ දියණිය වෙනුවෙන් ලෝකයක් සමග සටන් කල හැකි මිනිසකුටයි.ඩේවිඩ් තීරණය කරනවා ඒ අපරාධය කළ මිනිසා සොයා ගෙන දඬුවම් ලබාදීමට.ඔහු බිරිඳ ද දියණියද පීඩාවට පත් නොකර විසඳුම් සොයන්නට සැරසෙනවා.

එය පහසු කටයුත්තක් වන්නේ නැහැ.නමුත් ඩේවිඩ් තමන්ගෙ උත්සාහය අත හරින්නේ ද නැහැ.

සැමුවෙල් නම් පොලිස් නිලධාරියා දරුවන්ව දූෂණය කර මරා දමන ඝාතකයකු සොයා යන්නේ මේ අතරයි.ජෝකර් නමින් තමන්ව හඳුනා ගන්නා ළමා දූෂකයෙකු ඔහුට දුරකථන ඇමතුමක් ලබා දෙනවා.ඇමතුම ඔස්සේ ජෝකර්ව ලුහුබඳින සැමුවෙල් අතින් ජෝකර් මිය යනවා.

සැමුවෙල් ද ඩේවිඩ් ද හඹා යන අපරාධකාරයා මේ මිය ගිය ජෝකර් ද?

දරුවන් දෑස සේ රැක ගත යුතු බව අපට සිහිපත් කරන The Great Father චිත්‍රපටය 2017 දී නිර්මාණය වූ චිත්‍රපටියක්.Mammothy සහ Arya මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

“තාත්තා කෙනෙකු දරුවෙකුගේ වේදනාව වෙනුවෙන් නොකර සිටින දෙයක් නැහැ.”

පුංචි සාරාව ගොදුරු කරගත් මුහුණ වසාගත් මිනිසා සොයා යන ඩේවිඩ් අපට හෙළි කරන කතාව වන්නේ එයයි.

කුඩා දියණියන් පමණක් නොවේ.පුතුන් පවා දෑස මෙන් රැක ගත යුතු නිහීන ලෝකයක අප ජීවත් වෙන බව වගේම අපරාධයකට බඳුන් වූ දරුවෙකුට යළි ගොඩ නැගෙන්නට උදව් කල හැක්කේ කෙසේද යන්න මේ තාත්තා අපට උගන්වන පාඩම් බවත් නොකියාම බැහැ.

පිතු සෙනෙහසත්, දියණියකගේ ආදරයත් මොනම කුණාටුවකටවත් සොලවා දැමිය නොහැකියි.ත්‍රාසය සහ සංවේදනා සමඟ ඒ ආදරය අත් විඳින්න මේ චිත්‍රපටිය අනිවාර්යයෙන් නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles