බිරිඳගේ තරබාරු සිරුරට සරදම් කරන්නට ඉඩ නොදෙන ප්‍රසිද්ධ රංගන ශිල්පියා

ජේම්ස් බොන්ඩ් (1995) ලෙස රඟපෑ Pierce Brosnan සහ ඔහුගේ බිරිඳ Keely Shaye Smith විවාහ වන්නේ 2001 වර්ෂයේදී. Pierce හට Keely මුණගැසුණේ ඔහුගේ පළමු බිරිඳ වන Cassandra Harris නම් ඕස්ට්‍රේලියානු නිළිය ඩිම්බකෝෂ පිළිකාවකින් මිය ගිය පසුවයි. මේ යුවළ වසර විසි දෙකක විවාහ ජීවිතයකට හිමිකම් කියනවා.වසර හතක් පුරා ආලය කිරීමෙන් පසුව ඔවුන් විවාහ වුණා. පියර්ස් ඔහුගේ බිරිඳට ඇදහිය නොහැකි තරම් ආදරය කරන බව හැමදෙනෙක්ම දන්නා කරුණක්. 

මේ ඔහු සැබෑ ආදරය යනු කුමක්දැයි ලොවට පෙන්වා දුන් අපූරු අවස්ථාවක්!

ඔවුන්ගේ ඡායාරූපයක් භාවිතා කරමින් කේලිගේ සිරුරට අපහාස කරන්නට ෆේස්බුක් Troll Page එකක් කටයුතු කර තිබුණා. ඒ බව දුටු පියර්ස් මේ අපි” යනුවෙන් පවසමින් යුවලගේ සිරුරේ වෙනස් වීම පෙන්වා දෙමින්, ඔවුන්ගේ වර්තමාන ස්වරූපය සමඟින්, පියර්ස් සහ ඔහුගේ බිරිඳ මුහුදු වෙරළේ පෙනී සිටින පැරණි පින්තූරයක් පළ කර තිබුණා.පියර්ස් තම බිරිඳ කෙරෙහි පැමිණි  තරබාරුව පිළිබඳ අපහාසවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ආකාරයෙන් කටයුතු කරා.

පියර්ස් බ්‍රොස්නන් අපහාසාත්මක කමෙන්ට්ස්වලට ප්‍රතිචාර දැක්වූයේ බොහොම අපූරු ආකාරයකටයි.ඔහුගේ ආදරණීය බිරිඳ සම්බන්ධයෙන් “ඇගේ ශරීරයට මම දැඩි ලෙස ආදරය කරමි” යනුවෙන් ඔහු ලියා තිබුණා.

කීලි ඇගේ බර අඩු කර ගැනීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට ද ඉදිරිපත් වූ බව පියර්ස් පවසනවා.

 “නමුත් මම ඇගේ ශරීරයේ පිහිටීමට දැඩි ලෙස ආදරය කරනවා. ඇය මගේ ඇස් හමුවේ ලෝකයේ ලස්සනම කාන්තාවයි. ” 

ඔහු එසේ කියනවා.

ඇය සතු ගුණාංග නිසා ඔහු ඇයට ආදරය කර තිබෙනවා. ඔවුන්ගේ දරුවන් දෙදෙනා ලැබීමත් සමඟ ඔහුගේ ආදරය පුළුල් වුණා. පියර්ස් තම බිරිඳ ගැන ආඩම්බර වන අතර,”මම සැමවිටම ඇගේ ආදරයට සුදුස්සෙකු වීමට උත්සාහ කරනවා” යැයි ඔහු පවසනවා.

ඔවුන්ගේ විසිවන සංවත්සරයේදී ඔහු ආදර සටහනක් බෙදා ගත්තා, “මගේ ආදරය ඔබ සමඟ සදහටම වර්ධනය වනවා” යනුවෙන් ඔහු ලියා තිබුණා. කීලි පිළිතුරු දෙමින් කියා සිටියේ,”තවමත් ඔබ අංක එක! ඔබගේ ආදරය හා මිත්‍රත්වයේ තෑග්ගට ස්තූතියි.” ලෙසයි.

පියර්ස් මෙහෙම ආදරණීය ස්වාමි පුරුෂයෙකු වන්නට හේතුවක් තියනවා. කුඩා කාලයේදී ඔහුට සිදු වූ අයහපත් සැලකිලි සහ පියෙකු නොමැතිව වැඩීම ඒ හේතුවයි. මෙය ඔහුට පීතෘත්වය ගැන අගයක් ඇති කර ගන්නටත් ශක්තිමත් පවුලක් වෙනුවෙන් කැප වෙන්නටත් හේතුවක් වුණා. සාමාන්‍යයෙන් සමහර බිඳුණු දරුවන්ට ආදරය කිරීම සහ හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම අසීරු බව කිව්වත් පියර්ස් එය අසත්‍යයක් බව ඔප්පු කරනවා.එසේම තමන්ගේ බිරිඳ වයස්ගත වෙද්දී ඇගේ සිරුරේ වෙනස්කම් පිළි ගන්නට හැම සැමියෙකුම සූදානම් නැහැ. පියර්ස්ට තවමත් කාන්තා ආකර්ෂණය පැවතියත් ඔහු ඔහුගේ බිරිඳට අත්‍යන්ත ප්‍රේමයකින් බැඳී සිටිනවා. ඔහු ඇයව ඇය ලෙසම පිළි ගන්නවා. ඇයට ආදරය කරනවා. ඇයව සමාජයෙන් එල්ල වෙන පීඩාවන්ගෙන් මුදා ගන්නවා.

ඇත්තටම බිරිඳකට අවශ්‍ය තවත් මොනවද?

Related Articles

Don't Miss


Latest Articles