එකෝමත් එක ගමක හැමෝම මගහරින වයසක මනුස්සයෙක් හිටියා. ඔහුගේ මුහුණ අසතුටින් බරවෙලා තිබුණේ. ඔහු සිටියේ නිතරම මැසිවිලි නඟමින් මුහුණ පුළුටු කරගෙන. ඔහුගේ ජීවිතය අවාසනාවන්ත බව ඔහුට දැනෙමින් තිබුණා. ඔහුගේ අසතුට තමාටත් බෝවෙන නිසා මිනිස්සු ඔහුව මගහැරියා.
නමුත් ඔහුට වයස අවුරුදු අසූවක් පිරෙන විට සිදු වූයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි දෙයක්.
ඒ මහලු මිනිසා තවදුරටත් දුකින් මැසිවිලි නැගීම නැවතුවා.ඔහු සිටියේ ඉතාම සතුටින්. ඔහු නිතර සිනාසෙන්නට වුණා. ඔහුගේ මුහුණ නැවුම්, සාමකාමී එකක් බව පෙනෙන්නට ගත්තා. මුළු ගම ම මහලු මිනිසා වෙත ආකර්ෂණය වුණා.
වරක් ගම්වැසියෙකු ඔහුගෙන් මෙසේ විමසුවා.
“ඔබ වෙනස් වූයේ කෙසේද?
මහලු මිනිසා මෙසේ පිළිතුරු දුන්නා.
“වැඩි දෙයක් නැහැ. අවුරුදු අසූවක් තිස්සේ මම සතුට පසුපස හඹා ගිය. එය මා මග හැරියා. ඉතින් මම තීරණය කළා සතුට පසුපස හඹා නොයා ජීවත් වෙන්න. මම මගේ ජීවිතය සතුටින් ගත කිරීමට උත්සාහ කළා. ඉතා අසිරිමත් දෙයක් සිදු වුණේ. සතුට පසුපස හඹා නොගොස් ඒ මොහොත සතුටින් ජීවත් වෙන්න මම පුරුදු වුණා. දැන් මට සතුටින් ඉන්න පුලුවන්.
සතුට යනු හඹා ගොස් ළඟා කරගත හැකි දෙයක් නොවේ. සතුට පසුපස හඹා නොයන්න. ඔබේ ජීවිතයේ සෑම මොහොතක් ම සතුටින් ගත කරන්න. සතුටින් සෑම මොහොතකම ජීවත් වන්න. ඔබ නොදැනීම සතුට ඔබ වෙත පැමිණ තිබේවි.