සුදුමැලි කොල්ලෙක් කියා කංගනා මේ බනින්නේ කාටද?

කංගනා රනෞට් සෑම විටෙකම පුවත් මවන්නියක් බව බොලිවුඩයට ඇලුම් කරන කොයි කවුරුත් දන්නා කාරණයක්. රංගන ප්‍රතිභාව ඉක්මවා ඉක්මන් කෝපය ඉස්මතු වී ඒ නිසා පුවත් මැවීම කංගනාගේ සාමාන්‍ය සිරිතයි.

ඇය පසුගිය දිනයක Instagram ගිණුම ඔස්සේ අපහාස කරන්නට තෝරා ගත්තේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්වයි.නිතේෂ් තිවාරිගේ රාමායණ චිත්‍රපටියේ සීතා දේවිය සහ රාම් දෙවියන්ගේ චරිතයට ආලියා සහ රන්බීර් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ඇය මෙසේ කෝපයට පත් වුණා.ඇය රන්බීර්ව හැඳින්වූයේ ” කෙට්ටු සුදු මීයෙකු” සහ “සුදුමැලි පෙනුමක් ඇති මත්ද්‍රව්‍ය පානය කරන  කොල්ලෙකු” ලෙසයි. ඔහු “ක්‍ෂේත්‍රයේ සිටින සෑම කෙනෙකුටම පාහේ නපුරුකම් කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට” බව ද ඇය සඳහන් කළා.

ක්ෂේත්‍රයේ විවිධ කරදර ඇති නමුත් වඩාත්ම තර්ජනය ඇත්තේ මේ යුවළගෙන් බව ඇය ලියා තිබුණේ යම් අපහාසාත්මක වදන් ද සමඟයි. ඔවුන් ඕපාදූකාර බව, අනාරක්ෂිත හැඟීම් ඇති බව, ඊර්ෂ්‍යාවෙන් පිරී ඇති බව කංගනා සඳහන් කරනවා. චිත්‍රපටි ක්ෂේත්‍රයේ ඕපාදූප තොරතුරු හා විකාශන අමාත්‍යාංශය ලෙස කංගනා ඔවුන්ව හඳුන්වා තිබුණා. සුෂාන්ත්ව සියදිවි නසා ගන්නට රැගෙන ගියේ ඒ යුවල බවත් කංගනා සම්බන්ධ අසත්‍ය ආරංචි පතුරන්නට ක්‍රියා කළ බවත් ඇය පවසනවා.

“මම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට බලයක් ලැබුණු විට වූ විට, Dark web, hacking ඔත්තු බැලීම සහ නීති විරෝධී අපකීර්තිමත් දේ වැනි සැලකිය යුතු නීති විරෝධී ක්‍රියාකාරකම් හෙළිදරව් කරන බවට මම පොරොන්දු වෙනවා. මගේ දුක්ඛිත තත්ත්වයට ඇහුම්කන් දීම ගැන ඔබට ස්තූතියි, මම දශකයකට වැඩි කාලයක් තිස්සේ මේ ගැන කතා කරමින් සිටිනවා.” යැයි ඇය පොරොන්දුවක් දී තිබුණා.

නමුත් මේ කතා ඉන්දියානු සිනමා රසිකයන් දැඩිව බැහැර කළා. ඔවුන් ඒ කතාව සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරනවා.

“අනුන්ගේ වැරදි හොයන්න කලින් එයා තමන් ගැන බලා ගත්තොත් හොඳයි”

සමහරු ඇයට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඉන්දියාවේ ලේඛිකාවක වන Shobhaa De ගේ කෘතියක් එළි දක්වන මොහොතේ ජනප්‍රිය නළු අමීර්ඛාන්ට ප්‍රශ්නයක් යොමු වුණා. ඒ ශෝබාගේචරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටියක් කරන්නේ නම් එයට වඩාත් ගැළපෙන නිළිය කවුද යන්නයි. දීපිකා පදුකොන්, ආලියා භාත් සහ ප්‍රියංකා චොප්‍රා ඔහු යෝජනා කළා. කංගනා නුසුදුසුදැයි අසද්දී ඇය ද හොඳ බව ඔහු පැවසුවා. නමුත් ඇයව මුලින් මතක් නොකිරීම ගැන ද කංගනා අමීර්ට දොස් නගා තිබුණා.

ඉක්මන් කෝපය සහ අපහාසය සමඟ ජීවත් වෙන කංගනාගේ මීළඟ ගොදුර කවුදැයි සැබෑවටම සිතන්නටත් අසීරුයි. නමුත් ඇය ඕනෑම මොහොතක සමාජ ජාලා ඔස්සේ කාට හෝ අපහාස කරන වග නම් ප්‍රේක්ෂකයන් හොඳින්ම දන්නා කාරණාවක්.

Related Articles

Don't Miss


Latest Articles