දෙන්නගෙම කැමැත්තට අද ඉඳන් වැඩ කරමුද ?

පුංචි පුංචි දබර කිරීම් තමා දුරදිග ගිහින් දෙදෙනෙක්ගේ වෙන්වීම දක්වාම යන්නේ … ඒත් ඔබට ඕනා වෙන් වන්න නෙවේ. එක්ව සිටින්නයි. එහෙම නේද ? නිශාන් සහ සමීරා අලුත විවාහ වුන දෙන්නෙක්. දෙදෙනාම වසර ගණනාවක් ආදරය කරලයි විවාහ වුණේ. ඒත් විවාහ වී පළමු මාසය තුළම ඔවුන් දෙදෙනා අතර බොහෝ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. බේරුමක් කරගන්න බැරි තරමට සියල්ල අවුල් වෙද්දී දෙදෙනා වෙන් වන්න තීරණය කළා. නමුත් … අප සිතන තරම් වෙන් වීමත් පහසු නැහැ. ප්‍රායෝගික ජීවිතය අවුල් වුණත් මානසිකව දෙදෙනාම ඉතාමත්ම සමීපව සිටියා. ඒ නිසා ඔවුන් දෙදෙනා මෙන්න මෙහෙම එකඟතා කිහිපයකට පැමිණියා.

  1. දෙදෙනාටම දෙදෙනාව අවශ්‍යද? යන්න තීරණය කිරීම. එය ඔව් නිසා
  2. නිවස දෙදෙනාටම හිමි පොදු පෙදෙසක් ලෙස සැලකීම.
  3. මිලදී ගැනීම් වලදී දෙදෙනාගේම කැමැත්ත විමසා පොදු තීරණයකට පැමිණීම.
  4. තීරණයක් ගත නොහැකි නම් කාසියේ වාසිය පැතීම.
  5. සති පතා වියදම් කරන මුදල් කලින් තීරණය කිරීම.
  6. ආසන්නත කාල සටහනකට වැඩ කිරීම.
  7. නිවසේ වැඩ කටයුතු දෙදෙනා අතර සම සමව බෙදා ගැනීම.
  8. කැමති ආහාර පාන කලින් තීරණය කර අවම වශයෙන් තමන් කැමති එක් වර්ගයක් හෝ එක වේලකට තෝරා ගැනීම.
  9. බහින් බස් වීමකදී දෙදෙනාම දෙදෙනාගෙන් ඈත් වී මොහොතක් ගත කිරීම.
  10. ඒ අවස්ථාවේ දැනුණු දේවල්, අනෙකාට කියන්නට අවශ්‍ය වූ දේවල් කොළයක සටහන් කිරීම. හිතුණොත් පසුව ඒ ගැන කතා කිරීම. නැත්නම් ඉරා විසි කිරීම.

ලොකු දේවල් නොවේ වගේ පෙනුණත් මේ සියලුම දේවල් ක්‍රියාත්මක කිරීම දෙදෙනාටම පහසු වුණේ නැහැ. එහෙත් ඔවුන් දෙදෙනාටම ඔවුන් දෙදෙනාව අවශ්‍ය නිසා ඒ කැපවීම, කරන්නට දෙදෙනාම ගිවිස ගත්තා. ඉක්මනින්ම ඔවුන් දෙදෙනා තේරුම් ගත්තා ආදරයේදී, ආදරණිය අවස්තාවලදී තමන් දෙදෙනාම එකකු ලෙස සිතුවත් සැබෑ දිවියේදී තමන් දෙදෙනා වෙනස් දෙදෙනෙක් බවත් අනෙකාගේ කැමැත්තට ගරු කළ යුතු බවත්. ඒ වගේම ආදරය කියන්නේ අනෙකාව පහසුවට පත් කිරීම බවත්. ඉතින් ඒක එහෙම නේද ?

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles