මුහුණේ කුරුලෑ පාලනය කර පැහැපත් බව වැඩි කරන ෆේස් පැක් එකක්

බොහො කාන්තාවන්ට තියන ගැටලුවක් තමයි මුහුණෙ කුරුලෑ ඇතිවීම.මීට බලපාන හේතු කීපයක් තියෙන්න පුලුවන් .ප්‍රධාන වශයෙන්ම තෙල් සහිත සමක් තිබීම , හිස්සොරි ඇතිවීම සහ හෝමෝන අසමතුලිතතාවය මේකට හේතු වෙන්න පුලුවන්.

අපිට නිවසේදීම හොයාගන්න පුලුවන් අමුද්‍රව්‍ය කීපයකින් මේ කරදරකාරී කුරුලෑ පාලනය කරන ගමන් සම පැහැපත් කරගන්න පුලුවන් .ඒ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු

උලුහාල්

මේ ෆේස් පැක් එකට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි උලුහාල්. මෙහි ඇති විටමින් වර්ග ( Vitamin C, Zinc , Niacin , Carotine ) සමට මනා පෝශණයක් ලබා දෙනවා.ඒවා සම පැහැපත් කරගැනීමට උදවු කරනවා. ඒ වගේම සමෙහි කොලජන් නිශ්පාදනය වැඩි කිරීම සහ සමෙහි නම්‍යතාව හොඳින් පවත්වාගෙන යාමට මේ උලුහාල් උදවු වෙනවා.

දෙහි යුශ

දෙහි කියන්නේ විටමින් සී බහුල අමුද්‍රව්‍යයක්. ඒ වගේම කුරුලෑ පාලනය කිරීමට වගේම කුරුලෑ නිසා ඇතිවන කැලැල් මර්ධනය කරන හොඳ අමුද්‍රව්‍යයක්. දෙහි යනු ස්වාභාවික බ්ලීචින් වර්ගයක් නිසා එමගින් අතුරු ආභාධ වලින් තොරවම සම පැහැපත් කරනවා.

කෝමාරිකා ජෙල්

කෝමාරිකා මගින් සම මතුපිට හිරු එලිය නිසා ඇතිවුන පිලිස්සීම් සුවපත් කරනවා. ඒ වගේම සමට අවශ්‍ය තෙතමනය ලබා දෙන ගමන් කුරුලෑ නිසා ඇතිවන තුවාල ආදිය සුවපත් කරමින් සම වියපත් වීම පාලනය කරනවා.

මී පැණි

සමෙහි ඇතිවන ලප කැලැල් ඉවත් කිරීම,කුරුලෑ පාලනය කිරීම සහ සමට හොඳ පෝශණයක් ලබා දීමට මී පැණි උපකාරී වෙනවා.ඒ වගේම වියලි සමට මී පැණි යනු දිව ඔසුවක්.

දැන් බලමු මේ ෆේස් පැක් එක හදාගන්නා ආකාරය.

මුලින්ම උලුහාල් මේස හැන්දක ප්‍රමාණයක් ගෙන ග්‍රයින්ඩරයක් ආධාරයෙන් හොඳින් කුඩු කරගන්න.

පිරිසිදු භාජනයක් ගෙන එයට කුඩු කරගත් උලුහාල් , දෙහි, මී පැණි සහ කෝමාරිකා ජෙල් එකතු කරගන්න.(මෙහි ඝණත්වය වැඩි කරගන්න අවශ්‍ය නම් ඔබට කඩල පිටි ස්වල්පයක් එකතු කරගන්න පුලුවන්.)
මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.

ක්ලෙන්සර් එකක් හෝ ෆේස් වොශ් එකක් මගින් මුහුණ හොඳින් පිරිසිදු කරගන්න

සාදා ගත් ෆේස් පැක් එක මුහුණේත් ගෙල ප්‍රදේශයේත් ගල්වා මිනිත්තු 20- 25 ත් අතර කාලයක් මුහුණෙහි තිබෙන්නට හරින්න.

ෆේස් පැක් එක හොඳින් වියලුනු පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

අවසාන වශයෙන් ටෝනර් කිරිම අත්‍යවශ්‍යය වෙනවා.ඒ සඳහා ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ටෝනර් වර්ගයක් ,රෝස වතුර හෝ කෝමාරිකා ජෙල් භාවිතා කරන්නට පුලුවන් .

මෙම පැක් එක සතියට දෙවරක් හෝ තුන්වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්.

කුරුලෑ වලින් තොර පැහැපත් මුහුණක් කියන්නේ ගැහැණියකට ආභරණයක්. කෘතීම ආලේපනයන් පාවිච්චි කිරීමෙන් පසුව අතුරු ආභාධ වලට ලක්වෙනවාට වඩා නිවසේදිම සාදාගන්නා ස්වාභාවික පැක් එකකින් ඔබට ලබාගන්න පුලුවන් ප්‍රතිඵල ඉතා සාර්ථකයි.ඒ වගේම එය ඔබගේ මුදල් ඉතිරි කිරීමක්

තොරතුරු | 
චතූ සිල්වා
Cosmo beauty studio

Related Articles

Don't Miss


Latest Articles