Skin එකේ Dry ගතිය නැති කරගන්න පුලුවන් ක්‍රම

“මගේ හම නිකන් පතොක් ගහක් වගේ” කියල නාහෙන් අඬන අය ඕන තරම් නේ. 

හම කොරොස් කොරොස් වෙන්නෙ අපේ හම මතුපිට තිබෙන්න ඕන තෙතමනය මදි වුණාම 

මේ හමේ තෙතමනය මදි වෙන්න පාරිසරික හේතු වගේම අපි අඩුවෙන් වතුර බොන එක, වැරදි රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන එක වගේ හේතුත් හරියට බලපානවා 

 සමහරවිට ඔයා භාවිතා කරන ක්‍රීම් එක වගේ උනත් ඔයාගෙ හමේ තෙතමනය රඳා පවතින්න Barrier එකක් වෙන්න පුලුවන්. 

ඉතින් තෙතමනය නැති කොරොස් හමක් කියන්නෙ ලස්සනට බාදාවක් හන්දම අපි හිතුව අද ඔයාලා එක්ක බෙදාගන්න අපිට අපේ හමේ Dry ගතිය නැති කරගන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැන. 

1. පොල් තෙල් 

පොල් තෙල් වල Emollient Properties අඩංගු වෙනවා. 

මේ Emollient Properties වලට පුලුවන් අපේ හමේ සෛල අතර තියෙන Spaces අවම කරල හමට සුමුදු සුසිනිදු බවක් අරගෙන දෙන්න 

ඉතින් ඔයාට පුලුවන් පොල් තෙල් දිනපතාම වුණත් භාවිතා කරල ඔයාගෙ හම සුමුදු සහ සුසිනිදු කරගන්න. 

පොල් තෙල් වල තියෙන තව ප්‍රයෝජනයක් වෙන්නෙ ගොඩක්ම උකු නැති හන්දා ඔයාට පුලුවන් වෙන තෙල් වර්ගයක් එක්ක කලවම් නොකරම ශරීරයේ ආලේප කරන්න 

2. පෙට්‍රෝලියම් ජෙලි 

පෙට්‍රෝලියම් ජෙලි කියන්නෙත් හමේ තෙතමනය පවත්වාගෙන යන්න ඔයාලට භාවිතා කරන්න පුලුවන් දෙයක්. 

ගොඩක්ම මේක හරියනව ටිකක් වයස්ගත කෙනෙක්ට නම්. මේ පෙට්‍රෝලියම් ජෙලි එහෙම නැත්තම් මිනරල් ඔයිල් හම් මතුපිට Protective Layer එකක් හදනවා.

ඒ ඔස්සේ හම මත තියෙන තෙතමනට රඳවාගන්න එයාට පුලුවන් ඒ වගේම හම වියලීම නිසා ඇතිවන ලප අවම කරගන්නත් මේ පෙට්‍රෝලියම් ජෙලි වලින් උදව් වෙනවා 

3. ඕට්මීල් 

ඕට් මීල් කියන්නෙත් මේ වියලීම නිසා දුර්වර්ම වුණ හමට ලැබෙන හොඳ ප්‍රතිකාරයක්. 

මේ ඕට් මීල් වල තියෙන antioxidants and anti-inflammatory properties හමේ තියෙන වියලි බව අඩු කරමින් Irritations අඩු කරනවා මේක ප්‍රතිකර්මය ගොඩක්ම සුදුසුයි වියලීම නිසා හම කසන්න ගත්ත කෙනෙක්ට . 

මේ ඕට් මීල් bath එකක් අරගත්තට පස්සෙ අමතක නොකර ඔයාගෙ හම මතුපිට Moisturizer එකක් ආලේප කරන්න 

ගෙදරදිම ඕට් මීල් bath එකක් කරගන්නෙ මෙන්න මෙහෙම

1- ඕට් මීල් කුඩු කරගෙන powder එකක් හදාගන්න

2-ඒකට උණු වතුර දාලා හැඳි ගාගන්න 

4. Antioxidants සහ Omega 3s 

අපි එලියෙන් කරන දේවල් වගේම අපි අපේ ශරීරය ඇතුලට දාගන්න ඒවත් අපේ හමේ තෙතමනය පවත්වාගන්න උදව් වෙනවා. 

ඉතින් හමේ තෙතමනය පවත්වාගන්න වගේම ලස්සන සහ නිරෝගී හමක් ලඟාකරගන්න නිවැරදි ආහාර පුරුදු පවත්වාගන්න එක ඉතාම වැදගත්

Antioxidants තියෙන කෑම වර්ග වලට පුලුවන් toxins නිසා හමට වන හානිය අවම කරල හම ලස්සනට සහ නිරෝගීව පවත්වාගන්න උදව් වෙන්න 

ඒ කෑම වර්ග අතර තක්කාලි, කැරට්, බොංචි, lentils සහ peas වලට ලොකු තැනක් ලැබෙනවා ඒ වගේම Omega 3 අඩංගු වන සැමන් වගේ කෑමත් ශරීරයට ඉතාම ගුණයි 

5. Gloves 

අත් වේලෙන්න ලොකුම හේතුවක් තමයි අපි නිතරම වතුර එක්ක ඉන්න එක. 

ඇඟ පත හෝදන එක ඇරුනම කුස්සියෙ වැඩ සහ රෙදි සෝදන වගේ වැඩ එක්ක නිතරම වතුර එක්ක ගැටෙන හන්ද අපේ අත් හරි ඉක්මනට වේලෙනවා 

ඉතින් ඒකට දෙන්න පුලුවන් හොඳම විසඳුමක් තමයි Gloves පාවිච්චි කරන එක.

ඒ ඔස්සේ අත්ල මත වතුර ගැටීම අඩු වෙන නිසා සහ රෙදි සේදීම වගේ වැඩකදි detergent ගෑවෙන එක අඩු නිසා අත් වියලීම අඩු වෙනවා 

6. නාන වතුරේ උශ්ණත්වය 

නාන වතුරේ උශ්ණත්වයත් හමේ වියලීමට තදින් බලපානවා. 

සීතල දවසක උණු වතුරෙන් නාන එක මොන තරම් සනීප උනත් උණු වතුර හමට ලොකු බලපෑමක් කරන දෙයක්. 

ඒ වගේම තමයි ඔයා භාවිතා කරන සබන් වර්ග වලටත් මේ වගේ සම Dry වෙන කාරණා ඇති කරන්න පුලුවන්.

ඒ නිසා සබන් සහ ක්‍රීම් වර්ග ගනිද්දි හොඳට හොයල බලල ගන්න එක හරි වැදගත් ඒ නිසා උණුම උණු වතුරෙන් නාන්න එපා.

හැම තිස්සෙම සාමාන්‍ය වතුරෙන් නාන්න උත්සහ කරන්න 

7.වතුර බොන එක 

මේක හරිම වැදගත් 

වතුර කියන්නෙ අපේ ජීවිතේට කොච්චර වැදගත් දෙයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 

ඒ වගේම වතුර වලින් අපේ හම සහ ශරීරය ප්‍රාණවත්ව තියාගන්න ලොකු දායකත්වයක් සපයනවා ඉතින් නිතරම වතුර බොන්න අමතක කරන්න එපා.

ඒ වගේම ඔෆිස් එකේ හරි ගෙදර හරි ඒසී එකේ ඉන්න වෙනවනම් ඔයා අනිවාර්‍යෙන්ම වතුට බෝතලයක් ළඟ තියාගෙන ඒකෙන් ටිකෙන් ටික බොන්න

Related Articles

Don't Miss


Latest Articles