රසවත් ගුණවත් කිරි රොටී හදමු

උදේට කන්න වෙනස් කෑමක් තිබෙනවා නම් යැයි සිතෙනවාද? මෙන්න එහෙනම් හදල බලන්න රසම රස ඒ වගේම ගුණවත් කිරි රොටී…..

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන්පිටි කෝප්ප 1
  • බිත්තර 4
  • මිටි කිරි කෝප්ප 2
  • සීනි මේස හැදි 1
  • ලුණු ස්වල්පයක්

සාදන අයුරු :

බිත්තර බීට් කර කිරි හා මිශ්‍ර කරගන්න. එයට පිටි, සීනි සහ රස අනුව ලුණු ද එක්කර මිශ්‍රණය උකුවට සදා ගන්න. ඉන්පසුව තැටියක් ලිප මත තබා රත් වූ පසුව එයට තලතෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් එක්කර තෝසේ පිසින ආකාරයට මිශ්‍රණයෙන් හැන්දක් බැගින් දමා තුනී කර එක පැත්තක් ඉදුනු පසු අනෙක් පැත්ත දමා පිසගන්න.

බොහෝ විට ගම් වලදී නම් මිටිකිරි ළිපතබා මඳගින්නේ උතුරවා එයට සුදුලූණු, ගම්මිරිස් සහ කිතුල් පැණි දමා කලවම් කර සාදා ගත් මිශ්‍රණයට කිරි රොටී දමා පොඟවා ආහාරයට ගැනීම සිදුකරනවා. මෙම ක්‍රමයට සෑදූ කිරි රොටී භාවිතයට ගැනෙන්නේ ආගමික උත්සව සඳහා වන අතර රොටී සඳහා බිත්තර එකතු කෙරෙන්නේ නැහැ.

කුඩා දරුවන්ට වගේම ආහාර සැපීමට අපහසු වැඩිහිටියන්ටත් ඉතාමත සුදුසු කෑමක්. තෙල් දැමූ ළූණු සමඟ මෙම රොටී ඕනෑතරම් කන්නට පුළුවන්. එහෙම නැතිනම් කිරි රොටී මැදට පොල්පැණි හෝ ජෑම් දමා හකුලා අතුරුපසට එක්කරගන්නත් පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles