අධික බර තම සිහිනවලට බාධා නොකර ගත් ජනප්‍රිය නිළියකගේ කතාව

ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ අම්‍රිතා සිං ගේ දියණිය වන සාරා අලි ඛාන් ඉතාම කෙටි කාලයක් තුළ ලොව පුරා ආදරය දිනා ගැනීමට සමත් වුණා. නමුත් ක්ෂේත්‍රයේදි පිවිසීමට කලින් ඇගේ ජීවිතයේ සිදු වූ පරිවර්තනය පිළිබඳ ව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.සාමාන්‍ය තරුණියක් වූ සාරා බොහෝ කාලයක් මුළුල්ලේම PCOD රෝග තත්ත්වයෙන් පීඩා විදි අතර ඒ නිසාම ඇගේ ශරීරයේ බර අසාමාන්‍ය ලෙස වැඩි වී තිබුණා. නමුත් අද ඇයව දකින බොහෝ දෙනෙකුට එම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව කීමට අපහසුයි. ඔබ නොදන්නා ඒ කතාවයි අද අපි ඔබට කියන්නේ

සාරා අලි ඛාන්ට මොකද උනේ ?

බොහෝ කාලයක් පුරාවට PCOD තත්ත්වයෙන් පීඩා වින්ද සාරාගේ බර වරෙක 96kg බවට පත්වෙලා තිබුණා.බොලිවුඩ් ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ඇයට මේ බර ඉතාම අසාමාන්‍ය එකක් බව වැටහුනා. ක්ශේත්‍රයට පිවිසෙන්නට පෙර තමාගේ ශරීරයේ බර අඩු කරගත යුතු බව සාරා තීරණය කරනවා.

” නිළියක් වෙන්න ඕන නම් මුලින්ම බර අඩු කරගෙන ඉන්න කියලා මගේ අම්මාත් මට කිව්වා. මගේ ජීවිතයේ මම ආස කරන අරමුණු වලට යන්න නම් මගේ උත්සාහයෙන් මම වෙනස් වෙන්න ඕන කියලා මම තීරණය කරා “

සාරාගේ අරමුණ වෙන්නේ අනවශ්‍ය විදිහට වැඩි වෙලා තියෙන ශරීරයේ බර අඩු කරගෙන ලස්සන ශරීරයක හිමිකාරියක් වෙලා බොලිවුඩ් ක්ශේත්‍රය බබළවන නිළියක් වෙන්න.

සාරාගේ බර අඩු කර ගැනීමේ ගමන් මඟ මොකද්ද ?

සම්මුඛ සාකච්ඡාවකට එකතු වුන සාරා මෙහෙම කියනවා

” මුලින්ම මම ජිම් ගියා. මුල් දවස් වල දී මට ව්‍යායාම කරන එක ඉතාම අපහසු වුණේ මගේ ශරීරයේ බර ඉතාම වැඩි නිසා.හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. ටිකෙන් ටික මගේ ව්‍යායාම ප්‍රමාණය මම වැඩි කලා “

PCOD රෝග තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් එම රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා තමන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතුයි. සාරාත් එය එසේ කිරීමට තීරණය කරනවා.

” මට PCOD සමග කටයුතු කිරීමට වඩාත්ම ක්‍රියාකාරි ක්‍රමය සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ඉතා හොඳින් ව්‍යායාම කිරීමයි.ඔබ නොකඩවා මේ ක්‍රම උත්සාහ කරනවා නම් ඔබේ ශරීරයේ හෝමෝන මට්ටම ස්ථාවරව පවතිනවා.

බර අඩු කර ගැනීම සඳහා සාරා දෙන උපදෙස් මොනවද ?

” ඔයාට ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න ඕන නම් සෞඛ්‍යයට අහිතකර සහ අනවශ්‍ය ආහාර වලින් මිදෙන්න. මගේ ශරීරයේ බර වැඩි වෙන්න මගේ රෝග තත්ත්වයට අමතරව දුරදිග නොසිතා ගත්ත ආහාරත් හේතු වුණා. විශේෂයෙන්ම පීසා , බැදපු කෑම සහ ක්ශණික කෑම වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි ඔයා ගන්න ආහාර වලින් ඔයාට සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවද කියලා සැලකිලිමත් වෙන්න. ඒ වගේම ශරීරයට නිසි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙනවා ද කියලත් ගණන් බලන්න. හොඳ ව්‍යායාම රටාවක් නොකඩවාම අනුගමනය කරන ගමන් දවස පුරාම හොඳට වතුර බොන්නත් අමතක කරන්න එපා “

සාරාගේ ආහාර සැලැස්ම මොකද්ද ?

සාරා ඇය ලබාගන්නා ආහාර පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙන්නට පටන් ගන්නවා. ප්‍රධාන එක් ආහාර වේලකට පමණක් කාබෝහයිඩ්‍රේට් එකතු කරගන්න ඇය ඇගේ ආහාර සැලසුම් සකස් කරලා තිබුණේ අඩු කාබෝහයිඩ්‍රේට සහ වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇතුලත් කරලා.ඒ වගේම ඇය තන්තු බහුල පලතුරු ආහාරයට එකතු කර ගන්නවා. ශරීරයෙන් විෂ ඉවත් කිරීම සඳහා නිවසේදීම සකස් කරගන්න ඩිටොක්ස් ඩ්‍රින්ක්ස් ඇය පරිභෝජනය කරනවා. උදෑසන අවදි වන ඇය ග්‍රීන් ටී හෝ මී පැණි සමඟ ලෙමන් පානය කරන්නත් අමතක කරන්නේ නෑ.

වසර එකහමාරක් වැනි කාලයක් තුළ සාරා විශාල පරිවර්තනයකට ලක් වෙනවා. බොහෝ දෙනාට අදහා ගන්න බැරි වෙන තරමට සාරා තමන්ගේ බර අඩු කර ගන්නවා. කිලෝ ග්‍රෑම් 96 ක බරකින් සිටි සාරා එය කිලෝ 46 ක් දක්වා අඩු කර ගන්නේ ඇගේ නොපසුබට උත්සාහය නිසාමයි.

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ,ඔබට වෙනස් විය නොහැකි බව සිතනවා නම් මේ කතාව නැවත වරක් කියවා බලන්න. ඔබ තුළ උත්සාහය සහ කැපවීම තියෙනවා නම් ඔබට කළ නොහැකි දෙයක් මේ ලෝකයේ නැහැ. සාරා අලි ඛාන් ලොවට කියන්නේ එයයි !

Related Articles

Don't Miss


Latest Articles