යක්ෂයාගෙන් දුව බේරගන්න දිවි පරදුවට තැබූ දෙමව්පියන්ගේ කතාව – Shaitaan

ඊයෙ මම බැලුව ෆිල්ම් එකක්. ටික දවසක ඉඳල බලන්න ඕන කියල හිතන් හිටියට ඊයෙ තමයි ගිහිල්ල බලන්න වෙලාව ආවෙ.

මේ චිත්‍රපටය හින්දි එකක්. හැබැයි ජනකාන්ත දමිල චිත්‍රපට නිලියක් වන ජ්‍යෝතිකා, එහෙම නැත්ත, සූර්‍යයගෙ බිරිඳ තමා මේකෙ රඟපාන්නෙ. මම සෑහෙන කාලෙකට පස්සෙ බලපු ලස්සන චිත්‍රපටයක් කියල කියන්නම ඕන. සාමාන්‍යයෙන් ඔෆිස් ඉවරවෙලා ගිහින් රෑ තියෙන ෆිල්ම් එකක් බලද්දි මට පොඩි නිදිමතක් ආවට ඊයෙ නම් බය, තිගැස්ම, කුතුහලය එක්ක මම මාරෙටම මේ ෆිල්ම් එක එන්ජෝයි කරා.

ඔයාලා කතාවක් අහල ඇති දෙවියන් වගේම යක්ශයා ඉන්නෙත් අපි අතරෙමයි කියල. ඒක සහතික ඇත්ත.වෙලාවකට දෙවියන් වෙන්නෙත් වෙලාවකට යක්ශය වෙන්නෙත් අපි, මිනිස්සුම තමයි.

ඒ වගේම තමයි ඔය යක්කු ඉන්න ෆිල්ම් බලපු ගොඩක් අවස්තාවල අපි දැකල තියෙනව තරුණ ලමයි එහෙම නැත්තම් දරුවො තමයි හරිම ඉක්මනට පහසුවෙන් යක්ශයට බිලිවෙන්නෙ කියල.ඉතින් මේ චිත්‍රපටයත් අන්න ඒ වගේ යක්ශයට බිලිවෙච්ච ගැහැණු දරුවෙක් ගැන කතාවක්.

ඔයාල ධර්මයුද්ධය හින්දි චිත්‍රපටය ඒ කිව්වෙ Drishyam බැලුවනම් ඔයාලට මතක ඇති ඒ චිත්‍රපටයෙ තාත්තට හිටියෙ අජේ දෙව්ගන්. මේ චිත්‍රපටයෙත් තාත්තගෙ චරිතෙ රඟපාන්නෙ…

නෑ සමාවෙන්න. රඟපානව කියන වචනෙ මම අජේට කරන අගෞරවය. මේ චිත්‍රපටයෙ තාත්තා වෙන්නෙත් අජේ.

අජේ සහ ජ්‍යෝතිකාගෙ දුවයි පුතයි තමයි ජාන්වි සහ දෘව්. ජාන්වි ඉස්කෝලෙ 12 පන්තියෙ වගෙ ඉන්නෙ. දෘව් නම් පහේ හයේ වගෙ ඉන්න පොඩි බට්ටෙක්. මේ ලමයි දෙන්නම එයාලගෙ අම්මල තාත්තල එක්ක හරි එකතුයි. ඒ කිව්වෙ ජාන්විට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියලත් මේ අම්මයි තාත්තයි දන්න තරමට එයාලා හරිම එකතු, හරිම ඕපන් මයින්ඩඩ් ෆැමිලි එකක්.

ඉතින් මෙයාලා එහෙ මෙහෙ ඇවිදිනව, ට්‍රිප් යනවා, විනෝදෙන් ඉන්නව. චිත්‍රපටයෙ මුල් විනාඩි කිහිපයේ පෙන්නන්නෙ ඒ සන්තෝසජනක රූප රාමුම තමයි. දවසක් මෙයාලා මෙයාලට අයිතිවෙලා තියෙන ෆාම් හවුස් එකකට යනව ට්‍රිප් එකක්. නගරෙන් ටිකක් ඈත ගස් වැල් වලින් වටවෙච්ච පලාතක තමයි මේ ෆාම් හවුස් එක තියෙන්නෙ.

ඉතින් සින්දු කිය කිය යන මේ ගමන අතරමග පොඩි කොල්ලට පොඩි ටොයිලට් බ්‍රේක් එකක් ගන්න උවමනා වෙනවා. ඉතින් “චූ දාන්න ඕන” කියල තාත්තට අම්මට කරදර කරන නිසා මෙයාලා වාහනේ නතර කරන්නෙ පොඩි රෙස්ටුරන්ට් එකක් ලඟ.

එතනින්ම මොනව හරි කාලා යනව කියල හිතන නිසා මෙයාලා පරාට වගේ ගන්නව. හැබැයි ලස්සන, ඇඟේ ශේප් එක ගැන හිතන දුව ජාන්වි නම් කියනව “අනෙ අම්මෙ මට මේ කෑම කන්න බැ. මේවයි හරියට තෙල් නෙ” කියල. ඉතින් “ඔයා නොකෑවට අපි කනව” කියල අම්ම කිව්වට පස්සෙ ජාන්වි ෆෝන් එක බල බල ඉන්නව.

මේ අතරවාරෙ අජේ තේ දෙකක් අරගෙන එන්න කියල කවුන්ටර් එක ලඟට යනව. හැබැයි මාරු සල්ලි අතේ නැති හන්දා තේ අරගන්න වෙන්නෙ නැති අජේ ආයෙම කෑම මේසෙ ලඟට ඇවිත් එයාගෙ බිරිඳට කියනව “මේ මාරු සල්ලි තියෙනව ද තේ දෙකක් ගන්න?” කියල

ඒ කතාව කියල ඉවරවෙන්නත් කලින් මෙයාලගෙ මේසෙ උඩට තේ දෙකක් එනව.

මේ තේ දෙක ගෙනත් තියන්නෙ කවුද? අන්න එයා තමයි මේ කතාවෙ මුල් හරියෙ නායකයා වෙන්නෙ. මේ තේ අරන් එන මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ මාධවන්.

“අයියෝ ඇයි කරදර උනේ, මම තේ දෙකක් ගන්න තමයි ගියේ” කියල අජේ කියනව.

එතකොට මාධවන් එහෙම නැත්තම් කතාවෙ එයාගෙ නම වන්‍රාජ් කියනව “අයියෝ ඕක මොකද්ද? පොඩි ගාණයිනෙ” කියල

“නෑ නෑ ඒ උනාට හරි නෑනෙ. එහෙනම් ඔයා එන්න අපිත් එක්ක වාඩිවෙලා කෑම කන්න” කියල අජේ වන්‍රාජ් ට කතා කරනව.

වන්‍රාජ් ඒ මේසෙන් වාඩිවෙන්නෙ අන්න එහෙම. ඉතින් බොහොම හිතවත් මනුස්සයෙක් විදියට කතා බහ කරන වන්‍රාජ් ජාන්විගෙන් මෙන්න මෙහෙම අහනව. “මොකද කන්නෙ නැද්ද?”

“අනේ නෑ අංකල්, මේවයි හරියට තෙල්”

“මෙයාලා මේ බොරුවට ඩයට් කරනවනෙ” අම්මා කියද්දි වන්‍රාජ් හිනාවෙනවා. හිනාවෙලා ඉවරවෙලා වන්‍රාජ් ජාන්විට කියනව “එහෙනම් මම මගේ පරාටා එක කන්නම්, ඔයා මේ ලඩ්ඩු එක කන්න” කියල.

ලඩ්ඩුව කන්න ජාන්වි වගේම දෘව් දෙන්නම පොරකෑවට මොකෝ ට්‍රයි කරල ලඩ්ඩුව කටේ දාගන්න පුලුවන් වෙන්නෙ ජාන්විට. හොඳට හපල කරල ලඩ්ඩුව කෑවට මොකෝ ජාන්විට මොකක් හරි අමුත්තක් තේරෙනවා.

හරියට තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරගන්න බෑ වගේ.

එයා එක එල්ලේ වන්‍රාජ් දිහාව බලාගෙන ඉන්නව. ඒ වෙලාවෙ වන්‍රාජ්ගෙ මූණෙ තියෙන හිනාව – පුදුම ලොකු කතාවක ආරම්භය කියල ඒ චිත්‍රපටය බැලුවොත් ඔයාලට මම කියන දේ තේරෙයි.

“පරාට එක කන්න ජාන්වි”

වන්‍රාජ්ගෙ ඒ වචන හතර ඇහුන විතරයි “අපේ කවුද මෙච්චර තෙල් දාපු කෑම කන්නෙ, ඩයට් එක කේස් වෙනව. මට කන්න බෑ” කියල අම්මටයි තාත්තටයි සද්දෙ දාපු ජාන්වි කිසි සද්දයක්, හ්ම් කියන්නෙ නැතුව පිඟානෙ තියෙන ඔක්කොම පරාට ටික කාලා දානවා.

ඒ වෙලාවෙ යන මියුසික්, ඒ ශොට්ස්!

කියල වැඩක් නෑ. ඒක මෙහෙම ලියල විස්තර කරන්න බැරි පුදුම හැඟීමක්.

කාලා බීල අහවර වෙලා මෙයාලා ගෙදර යන්න එනව. ජාන්වි එක්ක කාර් එකට වෙලා ඉද්දි අජේ පුතා එක්ක රසකැවිලි වගයක් ගන්න කඩේකට යනවා. අම්ම ඉන්නෙ කෝල් එකක. ඒ වෙලාවෙ ජාන්විගෙ පැත්තෙ ශටර් එක ලඟට එන වන්‍රාජ් ජාන්විට බිස්කට් පැකට් එකක් දෙනවා. “ෆාම් හවුස් එකට ගියාම මේක කන්න”

වන්‍රාජ්ගෙ වචන ජාන්වි පිලිගන්නෙ වශී වෙලා වගේ.

කොහොමහරි මෙයාලා ගෙදර එනව. අම්මයි තාත්තයි මල්ලියි ෆාම් හවුස් එකටා යනකම් ඉඳල ජාන්වි කාරෙකට වෙලා මොකද කරන්නෙ? එයා අර බිස්කට් පැකට් එකම සහමුලින්ම කාලා දානවා.

ෆාම් හවුස් එකේ පූල් එකේ නාලා සන්තෝසෙන් ඉන්න මෙයාලගෙ සතුට කඩාකප්පල් වෙන්නෙ හදිසියෙමා ගෙදරට එන අමුත්තෙක් නිසා.

ඒ අමුත්තට පුලුවන් වෙනවා මෙයාලගෙ මුලු රාත්‍රියම, මුලු නිවාඩුවම, මුලු ජීවිතේම වෙනස් කරනව.

මම කතාව මෙතනින් නතර කරනව. මම මේක ලියන එක ෆිල්ම් එක නොබලුව අයට කරන ලොකු වරදක්.

හැබැයි මේ චිත්‍රපටයෙන් මට හොඳටම තේරුම් ගිය එකම එක පණිවිඩයක් තියෙනව.

ඒ තමයි “දරුවො මොන විදියෙ යක්ශයෙක්ට බිලි උනත් ඒ දරුවන්ව යක්ශයගෙන් බේරගන්න අම්මයි තාත්තයි එනවා”

දෙවියන්ට හැම මනුස්සයෙක් ලඟම නිතරම ඉන්න බැරි නිසා තමයි දෙවියන් අම්මයි තාත්තයි කියන දෙන්නව මවල තියෙන්නෙ.

ඉතින් මේ චිත්‍රපටය බලන්න. ඔයාලා ඇත්තටම කැමති වෙයි!

Related Articles

Don't Miss


Latest Articles