දඩිබිඩි කේක් එකක් ලේසියෙන් ම හැඩ කරන්නේ මෙහෙමයි

හදිසියේ අමුත්තෙක් එනවා කිව්ව වෙලාවක වගේ ම දඩිබිඩි ස්නැක් එකක් ඕන වුණ වෙලාවටත් අපි ඉක්මනින් හදාගන්න දෙයක් තමයි බටර් කේක් කියන්නේ. මේ වගේ වෙලාවක බටර් කේක් එකක් නිකන් ම දෙනවට වඩා පොඩ්ඩක් හැඩ – රස වැඩි කරලා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳ ද?

අපි අද කතා කරන්නේ වැඩි වැඩ නැතුව කේක් එකක් හැඩ කරගන්න වගේ ම රස කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා.

Whipping Cream

විපිං ක්‍රීම් කියන්නෙ පහසුවෙන් ම රසට ම කේක් එකක් හැඩ කරගන්න ගන්න පුළුවන් දෙයක්. කේක් එක සැන්ඩ්විච් කරන්න, කවර් කරන්න වගේ ම ඕනෙ නම් විපිං ක්‍රීම් ටිකකින් නොසල් එකක් අරන් ම හැඩ කරන්නත් ඔයාට පුළුවන්. ඒ වගේ ම ඔයාට ඕනෙ නම් පාටක් එකතු කරන්නත්, රසයක් එකතු කරන්නත් පුළුවන්. බටර් කේක් එකට butterscotch flavour එකතු කරපු විපිං ක්‍රීම් කියන්නෙ පුදුම රස සංයෝගයක්.

කුඩුකරන ලද සීනි

ඉක්මනින් ම බ්ලෙන්ඩර් එකට සීනි ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්නයි ඔයාට තියෙන්නේ. තියෙනව නම් කෝන්ෆ්ලා තේ හැන්දක් විතරත් එකතු කරලා ම බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණය සිහින් පෙනේරයකින් හලාගෙන කේක් එක උඩට ඉස ගන්න. ඔයා ළඟ සිදුරු කරපු ලස්සන මෝස්තරයක් තියෙනවා නම් ඒක කේක් එක උඩින් තියලා සීනි ඉස්සොත් ඔයාට ඒ මෝස්තරය කේක් එක උඩට ගන්න පුළුවන්.

පලතුරු

ඉදුණ වගේ ම අමු පලතුරු කියන්නෙත් ඔයාට කේක් එක ලස්සන වගේ ම වෙනස් රසයක් දීලා හැඩ කරගන්න පුළුවන් තවත් දෙයක්. ඕනෙනම් ඔයාට විවිධ වර්ණයෙන් යුතු මිදි, ස්ට්‍රෝබෙරි වගේ පුංචි පලතුරු ගෙඩි විදියට ම අරගෙනත් මේ වැඩේකරන්න පුළුවන්. අමු අඹ එහෙම නැත්නම් ඉදුණු අන්නාසිවලින් ස්ටූ එකක් හදලා ඒක කේක් එක උඩට වත් කරලාත් ඔයාට කේක් එක රස වගේ ම ලස්සන කරගන්නත් පුළුවන්.

Glaze

ග්ලේස් හදන සරල ම විදිය තමයි අයිසින් සීනි වතුරේ දිය කරලා ඔයාට අවශ්‍ය පදම ගන්න එක. වතුර කෝප්ප බාගයකට අයිසින් සීනි මේස හැඳි දෙකක් හොඳටම ඇති. මේක රස වැඩි කරගන්න පුළුවන් විදිය තමයි වතුර වෙනුවට එක්කෝ කිරි එහෙම නැත්නම් දෙහි යුෂ ටිකක් භාවිතා කිරීම.

අපි අද ඔයාට කියලා දුන්නේ කොහොමද ලේසියෙන් ම රසට කේක් එකක් අයිසින් නැතුව හැඩ කරන්නේ කියලා. ඉතින් උත්සාහ කරලා බලන්න!

Related Articles

Don't Miss


Latest Articles